නමුත් තවමත් එම තත්ත්වය උදා වී නැත.එහි කෘතිම ධාවන පථයක් එලී නැත.එවැනි තත්ත්වයක දී ජාතික තලයේ ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන මලල ක්‍රීඩා උළෙලක් ජයතිලක ක්‍රීඩාංගණයට රැගෙන යාම ක්‍රීඩාවේ ප්‍රගතිය හරස් කර වැට බැදීමක් පමණි.විශේෂයෙන් ලංකාව වඩාති දක්ෂතා දක්වන කෙටි දුර ධාවන ඉසව්වල දී ක්‍රීඩාවේ වර්ධනයක් හෝ ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකිය.අප විශ්වාස කරන්නේ රටේ ඉහළම ක්‍රීඩා තරු එකිනෙකා ගැටෙන මෙවැනි තරගාවලියකදී එම දක්ෂතා දක්වන්නට අවශ්‍යය හොදම බිම එම ක්‍රීඩකයන් වෙනුවෙන් සම්පාදනය කර දීම ජාතික වගකීමක් බවය.
වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයා අප වෙබ් අඩවිය දිගින් දිගටම ඉදිරිපත් කරන ලද මෙම යථාර්තයේ පිහිටා කටයුතු කළ ද,මේ වන විට තත්ත්වය අසතුටුදායක ලෙස වෙනස් වී ඇත.එයට හේතුව අමාත්‍යවරයාම පමණක් නොවන බව අප විශ්වාස කරමු.මේ සම්බන්ධයෙන් උපදෙස් දීමට හැකි නිවැරදි දැක්මක් ඇති පිරිසක් අමාත්‍යවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය පෝෂණය කිරීමට යොදා ගන්නා රැල අතරේ නැත.ජාතික දේශපාලන චරිතයක් වෙනුවට නාවලපිටිය මුද්‍රාවක් හැටියට අමාත්‍යවරයාගේ කාර්ය භාරය ලඝු කරන එම පිරිස රාේ ක්‍රීඩාව ජයග්‍රහණය කර වමින් අමාත්‍යවරයාට ලබා ගත හැකි කීර්තිය සහ පැසසුම වෙනුවට සොයන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩි මනාප ලබා ගැනීමට අමාත්‍යවරයාට මෙන්ම එතුමාගේ දේශපාලන නෑ පරපුරට ඇති ඉඩ-කඩ පුළුල් කරන්නේ කෙසේද යන්නය.
ඒ නිසා ජාතික ක්‍රීඩා උළෙල එම වසරේ මලල ක්‍රීඩාවේ ඉහළම ප්‍රතිපල දුන් උළෙල කර ගැනීමට වඩා මේ මොහොතේ මධ්‍යම පළාත් සභා මැතිවරණයද පැවත්වෙන බැවින් නාවලපිටියට ගොස් මනාප දිනා ගත හැකි ව්‍යාපෘතියක් කිරීමට ක්‍රීඩාව යොදා ගැනීම තරම් තමන්ට වෙන දෙයකින් නොලැබෙන බව මේ නිලධාරිහූ සිතති.ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා සිය දේශපාලන ව්‍යාපෘතියට ක්‍රීඩා උළෙල යොදා ගන්නා තරමටම ඔහු ගේ ආලෝකයෙන් බැබලෙන හෙංචයි නිලධාරි රොත්තට ද මෙම ක්‍රීඩා උළෙල නාවලපිටියට යාම සිය බඩගෝස්තරවාදී හැගුම් වලට අපූරු භෝජනයක්ය.
ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින යස් ස්ර් නිලධාරි සංචිතය ද,මෙම ක්‍රීඩා උළෙල නාවලපිටියට ගෙන යාම වැළක්වීම සදහා හෝ එය සුගතදාස පරිශ්‍රයේ ස්ථාපිත කිරීමෙන් ලැබෙන ප්‍රතිපලය හෝ නොසිතන්නේය. ඔවුන් සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍යය පරදි ක්‍රීඩාව මෙහෙයවීමටය.ක්‍රීඩාවට අවශ්‍යය පරිදි ක්‍රීඩාවේ හැඩතල සැකසීමේ ව්‍යාපෘති සකස් කර ඒවා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙහෙයවීමට අමාත්‍යවරයාගේ ආශිර්වාදය දිනා ගැනීම සිය කාර්ය ලෙස හදුනාගත් නිලධාරීන් කිසිවෙකුත් එහි දකින්නට නැත.ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා සොයන්නේ අමාත්‍යවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රයේ පෝෂණය වෙනුවෙන් එහෙයි කියන්නට පොටක් පාදා ගන්නටය.ඒ ක්‍රීඩාව ඔවුන් හොදටම කරන්නට දන්නා බව වසර ගණනක සිට පැහිදිළි කර තිබීමේ ප්‍රතිපල නිසා අද ක්‍රීඩාව බරපතල නිද්‍රාවක ඇලී සිටින බව නොරහසකි.
ඒ නිසාම ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රබල චරිත ක්‍රීඩාවේ පරිපාලන ව්‍යහුයෙන් ඈත් කර සිල්ලර චරිත ගෙන ඒමටත්,ඒ නිසා ක්‍රීඩාවේ උපදේශකයන් ලෙස පෙනී සිටිමින් ක්‍රීඩා උළෙලවල් දේශපාලන සංදර්ශන බවට පත් කිරීමේ මෙහෙයුම් නිලධාරීන් වන්නට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට වෙන කිසි කලකටත් වඩා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය හිමි වී ඇත.ඒ නිසාම ඇතැම් ක්‍රීඩාවන් හී ජෝකර්ලා ලෙස හාස්‍ය්‍යට ලක් වූ සහ විනය චෝදනා ලබමින් ඇතැම් රටවලට පා තැබීමටවත් නුසුදුසු වූ ඇතැම් නිලධාරින් සහ නිලධාරිණියන් මේ වන විට සිය සීමාවන් විශාල ලෙස අතික්‍රමණය කරමින් සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා පුම්බා දමා ඇත.
ඒ නිසා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් නාවලපිටිය ක්‍රීඩාංගණය නවීකරණය කර සංවර්ධනය කරන්නට සුපිරි ක්‍රීඩා ලිඛිතවත්,මාධය හමුවල වාචිකවත් ප්‍රසිද්ධියේ ඉල්ලුම් කරද්දී මම ඇමති හැටියට මේ දේ කළහම ගමට කර ගන්නවා කියාවි යැයි අමාත්‍යවරයා සැකය පළ කරද්දි එයට නිහඩව අමාත්‍යවරයාට කැමති පරිදි හිතා ගන්නට ඔළුව වැණූ නිලධාරින් අද නාවලපිටිය ක්‍රීඩාංගණය අඩු වයසින් උපද්දවන්නට ඔළුව වනමින් සිටියි.මෙය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස දැණුන මොහොතක එම නිලධාරීන් අලුත් ක්‍රීඩා අමාත්‍යවරයෙකු යටතේ විවේචනය වන එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය හිස සෙලවීම ගැන මෙසේ කියන්නට පුළුවන.
අපි ඔළුව වනලා අකමැත්ත ප්‍රකාශ කළා,කොහෙද ඇමතිතුමා ඇහැව්වෙ නැහැනෙ.
අවාසනාවකට අපි සියළු කේෂ්ත්‍රයන්හි එම කාරණය ගැන නොදන්නා ඇමතිවරුන්ගේ ක්‍රියාවන්හී ප්‍රතිපල වල පීඩනයට ලක්වෙමින් සිටින්නේ හිස වනන්නන් බවට පත් වී සිටින නිලධාරීන් නිසාය.මෙවර ජාතික ක්‍රීඩා උළෙල හරහා අමාත්‍යවරයාගේ දේශපාලන දෝලාවට පොරකකා කර ගසන්නේද එම නිලධාරි යාන්ත්‍රණයමය.ඔවුන් ඔවුන්ගේ බඩ වෙනුවෙන් ඕනෑම දෙයක් මරු කියති.ක්‍රීඩාව සහ ඒ වෙනුවෙන් අවංකව වෙහෙසෙන සහ ඒ ඔස්සේ රට ඉහළට ඔසවා තැබීමට හැකි විවිධ වූ දක්ෂතා ඇත්නම් ගේ සක්‍යතා වල් වැදෙමින් ක්‍රීඩාව මරු දකිති.www.supirikrida.com
No comments:
Post a Comment