අවසාන තරගයේදී චාමිත තරුණාරත්න විසින් කාසියේ වාසිය ලබා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය පන්දු ඕවර් 50 ක දී කඩුලු 8 ට ලකුණු 248 ක් ව ලකුණු පූවරුව පවතිද්දී නිමාවට පත් වුණා.එහිදී තරගාවලිය පුරාම ලකුණු අතර සිටි පිතිකරු යුගලයක් වන අවිශ්ක ප්‍රනාන්දු (58) සහ කවීන් බණ්ඩාර (34) සිව්වන කඩුල්ලට ලකුණු 80 ක් ද,සහන් ආරච්චිගේ (51) සහ නායක චාමික කරුණාරත්න (34) හත් වන කඩුලුල සදහා ලකුණු 62 ක් ද ලෙස ලකුණු සබදතා පවත්වමින් ඉණිම ගොඩ නැගීම සදහා විශාල දායකත්වයක් ලබා දුන්නා.
පිළිතුරු ඉණිමට පිවිසි එංගලන්තය වෙනුවෙන් අනගි ඉණිමක් ක්‍රීඩා කළ පන්දු 106 දී නොදැවී ලකුණු 100 ක් ලබමින් විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත ලකුණු පූවරුව පන්දු ඕවර් 50 නිමා වන විට කඩුළු 7 ක් දැවී ලකුණු 241 ක ට සීමා කරන්නට සමත් වුණා.එම ප්‍රහාරය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දෙමින් සුරක්ෂිත ඉණිමක් ක්‍රීඩා කරමින් සිටි එඩ් බර්නාඩ් ලකුණු 55 ට චාමික කරුණාරත්නට ගොදුරු වීමෙන් පසුව තරගයේ තීරණය ශ්‍රී ලංකාවට වාසිදායක වන තත්ත්වයට හැරෙන්නට පටන් ගත්තා.ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් ලක්ෂාන සිය පන්දු ඕවර් 10 ලකුණු 28 ට සීමා කළේ කඩුලු දෙකක්ද දවා ගනිමින් ව අතර තරිදු නිමේෂ් ලකුණු 36 ට කඩුලු 2 ක් ද සහ චාමික කරුණාරත්න කඩලු 2 ක් ලකුණු 49 ට ද දවා ගන්නට සමත් වුණා
www.supirikrida.com
No comments:
Post a Comment