Aug 28, 2013

ආසියානු සටනට දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාවත්

මෙම මස 30 දා කටාර් හී දී ඇරඹෙන ආසියාතික යොවුන් මේස පන්දු තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා යොවුන් සහ කැඩෙට් බාලක බාලිකා කණ්ඩායම් යුගලය බැගින් සහභාගි වීමට නියමිතය.19 වන වරට සංවිධානය වන මෙම තරගාවලිය සදහා 18 වන තරගාවලියේ දත්ත වලට අනුව දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටින අතර මධ්‍යම ආසියාව,නැගෙනහිර ආසියාව,බටහිර ආසියාව සහ ගිණිකොන දිග ආසියාවෙන් මේ ආකාරයට බාලක සහ බාලිකා ලෙස කණ්ඩායම් දෙක බැගින් මේ තරගාවලියට තෝරා ගෙන ඇති අතර බාලක අංහයෙන් මෙන්ම බාලිකා අංශයෙන්ද ප්‍රධාන කණ්ඩායම් හතර බැගින් මේ තරගාවලියට තෝරා නම් කර ඇත.
මේ ආකාරයට නම් වී ඇති ප්‍රධානතම කණ්ඩායම් හතර අතරට බාලිකා අංශයෙන් තේරී පත් වී සිටින්නේ චීනය,දකුණු කොරියාව,උ.තුරු කොරියාව සහ ජපානය වන අතර බාලක අංශයේදී එම අවස්ථාවන් හතර දිනා ගැනීමට චීනය,ජපානය,දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත.තරගාවලිය සදහා සහභාලි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් ඇති යොවුන් ක්‍රීඩකයන් විශාල පිරිසක් එක් ව සිටින අතර සහභාගීත්වය වෙනුවෙන් එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන්නේ හෙට (29) ය.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයට සහභාගි වන කණ්ඩායම ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සභාපකි අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග සහ සෙසු නිලධාරීන් සමග ඡායාරූපයකට මුහුණ දුන් අයුරුය.
www.supirikrida.com

No comments: