ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි සූරතාව ස්ලිම්ලයින් ඒ ක්‍රීඩා සමාජයත් කාන්තා සූරතාවය සදර්න් ඒ ක්‍රීඩා සමාජයත් හිමි කර ගත්තේ මෙවර කිල්ෆර්ඩ් පිරිමි සහ කාන්තා සූරතා ද්විත්වයම මාස් පවුල සතු කර ගනිමින්ය.ජාත්‍යන්තර තරග නීති වල උපරිම වයස් ඛාණ්ඩය අවුරුදු 40 වන තෙක් ඉහළ දැමීම නිසා වසර ගණනකට පසුව 1998 බීජිං ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලැබූ අනුරුද්ධ රත්නායක ද තරග බිමට පිටියට පිවිස සිටිනු දකින්නට ලැබීම මෙහි විශේෂ සිදු වීම් අතරට එක් විය.
මෙසේ සහභාගි විය යුතුද නැද්ද යන්න පිළිබදව සදාචාරාත්මකව ගැටළු පැණ නැගුණද,අනුරුද්ධ වසර ගණනකට පසුව සිය බර ඛාණ්ඩයෙන් තරග වැද අවසාන තරගය දක්වා පැමිණිම අගය කළ යුතු අතර නව ප්‍රවනතාවයන් නිර්මාණය වීමේ අඩු ලුහුඩු කම් විදහා දැක්වීමක්ය.නමුතු අවසාන තරගයේදී අනුරුද්ධ,පීඩී සුරේෂ් ඉදිරියේ පරාජය වූ අතර සුරේෂ් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාද විය.සමු ගන්නා බව කී අනූෂා කොඩිතුවක්කු ද නැවත තරග බිමට පිවිස සිටි අතර ඇය සිය බර පංතිය පහසුවෙන් ජය ගත්තේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ද වෙමින්ය.දක්ෂතම පිරිමි පරාජිතයා වූයේ දමිත් විජේරත්නය.ඔහු ද ස්ලිම් ලයින් නියෝජනය කළ ක්‍රීඩකයෙකි.කෝසලා නිල්මිණි දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූවාය.පිරිමි අංශයේ අනු සූරතාවය හිමි වූයේ යුධ හමුදා ක්‍රීඩා සමාජයටය.මෑත කාලයේ විශාල ප්‍රගතියක් පෙනවන නාවික හමුදා ක්‍රිඩා සමාජය තෙවන ස්ථානයට පත් විය.කාන්තා අනු සූරතාවය හිමි වූයේ සදර්න් බී ක්‍රීඩා සමාජයට වූ අතර ශ්‍රී ලංකා පොලීසිය කාන්තා අංශයේ තෙවන තැන හිමි කර ගැනීමට සමත් විය.
No comments:
Post a Comment