යොවුන් පුහුණුකාරිය ලෙස ජාතික තලයට ක්‍රීඩිකාවන් හදුන්වා දෙන ජානකී වැනි අයෙකුට අවස්ථාව හිමි වීම ඉතාමත් වටිනා සහ කාලෝචිත ක්‍රියාවක් වන අතර විවිධ වූ හේතු දක්වමින් එම තනතුර උදුරා ගැනීමට තැත් කළ පිරිසගේ බලපෑම්වලින් මිදී නිවැරදිව තීරණයක් ගැනීම සදහා පුහුණුකාරිය තෝරා ගත් කණ්ඩායම කටයුතු කළ ආකාරය පැසසුම් සහගතයි.ක්‍රීඩා පණතේ විධි විධාන වලට අනුව යමින් ඊට කිසිදු හානියක් නොකර පත් කළ යුතු සුදුසුම තැනත්තිය තෝරා ගත් බවට එම තේරීම් මණ්ඩලයට දැල් පන්දු පරිපාලනයේද ප්‍රශංසාව හිමි වී ිබෙන අතර ඉදිරියටත් පරිපාලනයට මෙන්ම එහි වගකීම් පැවරෙන සියළු දෙනාටත් සෘජු හා නිවැරදි තීරණ ගැනීමට ශක්තිය හිමි වේවා යැයි සුපිරික්‍රීඩා සුභපැතුම් එක් කරනවා.
www.supirikrida.com
No comments:
Post a Comment