කාසියේ වාසිය ලැබූ කොදෙව් ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර් 50 තුළ දී කඩුලු 8 ක් දැවී ලකුණු 180 ක් ලැබූ අතර එහිදී තරග ආරම්භයේ උදේශිකා ප්‍රබෝධනී සිය වේග පන්දුවෙන් සුපිරි දස්කම් පාන්නට සමත් වූවාය.ඇය මේ තරගයේදී ලකුණු 35 ට කඩුලු 3 ක් දවා ගත් අතර එම කඩුලු 3 තරගයේ ප්‍රථම කඩුලු තුන විය.ඒ දක්ෂතා නිසා කොදෙව් ඉණිම ලකුණු 23 දී කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි අතර අනතුරුව පිටියට පිවිසි ශාමින් කැම්බල් ප්‍රවේගකාරී පිතිහරඹයක නියැලෙමින් පන්දු 138 දී ලකුණු 105 ක් ලබමින් කොදෙව් ලකුණු පූවරුව ලකුණු 180 දක්වා ගෙන ගියා.
ශ්‍රී ලංකාව පිළිතුරු ඉණිමේදී ආරම්භක පිතිකාරිණිය ලෙස නැවත කැද වූ චමරි අතපත්තුගේ අගනා ලකුණු 26 මෙන්ම යලිත් වරක් සාර්ථක වෙමින් අර්ධ ශතකයක් ලැබූ දිපිකා රසාංගිකා (55) සමග දෙවන කඩුල්ලු වෙනුවෙන් තැබූ ලකුණු 40 ක සබදතාවයද යළිත් රසාංගිකා නායිකා ශෂිකලා සිරිවර්ධන සමග එක්ව තැබූ ලකුණු 37 ක සිව්වන කඩුල්ලේ සබදතාවය මෙන්ම ශ්‍රී ලංකා ඉණිමේ මෑත කාලීන හොදම කඩුලු සබදතාවයන් පවත්වන්නියන් දෙදෙනා බවට පත් වෙමින් සිටින දීපිකා සහ මනෝදරා අතර පස්වන කඩුල්ල වෙනුවෙන් ක්‍රියාත්මක වූ අගනා ලකුණු 60 ක සබදතාවය ද ශ්‍රී ලංකා ඉණිමේ ජයග්‍රහණයට විශාල සාධකයක්ව පැවතියා.
ලකුණු 153 වන විට කඩුලු 6 ක් දැවී දෙපසට දෝලනය විය හැකි මට්ටමක පැවති තරගය ශ්‍රී ලංකාව වෙත නැඹුරු කර ගත් මනෝදරා මෙන්ම ශ්‍රී පාලි වීරක්කොඩි (නොදැවී 21) ශ්‍රී ලංකාවේ ජයගග්‍රහණය සනාථ කළාලකුණු පූවරුවට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/ci/engine/current/match/603240.html
www.supirikrida.com
No comments:
Post a Comment