පවතින පරිපාලනයේ වැරදි ගැන කතා කරන්න මම කැමති නැහැ.නමුත් එහි පරිපාලන ක්‍රමවේදය යම් යම් චරිත කිහිපයක න්‍යාය පත්‍ර අනුව හැසිරෙන බව දිගින් දිගටම කියවෙනවා.ඒ නිසා ලංකාවේ බේස්බෝල් දියුණු කරන්න ක්‍රමාණුකූල නිවැරදි පරිපාලන ව්‍යහුයක් අවශ්‍යය වෙනවා.ඒ සදහා ශක්තිය තිබෙන කණ්ඩායම හැටියට පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගලගේ කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.යනුවෙන් පවසන මහින්ද ගුණරත්න එම කණ්ඩායමට මහාචාර්යවරියක්,ලුතිනන් කර්නල්වරයෙක්,ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර දෙකක් නඩත්තු කරන කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු සහ හිමිකරුවෙක් ඇතුළත් වී සිටීම ඊට උදාහරණ හැටියට පෙන්වා දෙනවා.
අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව ජපානයෙන් ලැබුණු ආධාර ඇතිව දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණයෙ ඉදි වූ බේස්බෝල් ක්‍රීඩාංගණය,දකුණු ආසියාවටම ඇති එකම ක්‍රීඩාංගණය.ඒ ක්‍රීඩාංගණය ඉදි කිරීමට මුල් වූ පුද්ගලයා හිටපු ජපාන පුහුණුකරු වටනබේ.අපි ඔහුව අගය කරන්න ඕනි.නමුත් අපි දැක්කා ක්‍රීඩාංගණය ඉදි වෙමින් තිබෙන වකවානුවේ ඇතැම් මාධ්‍ය වලින් ඔහුව දැඩි ලෙස විවේචනය කරල තියෙනවා. නමුත් වගකිව යුතු පරිපාලනයක් හැටියට ඒවා නිවැරදි කරන්න බේස්බෝල් පරිපාලනය කටයුතු කළේ නැහැ.මහින්ද ගුණරත්න එසේ පවසමින් හැකියාව ගුණධර්ම ජයග්‍රහණයටත් වඩා ජපන් ජනතාවගේ ඇගයීමට ලක්වන බව පෙන්වමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ කරුණානන්දගේ ධාවනයේ තිබූ ධෛර්‍යමත්බවේ ආදර්ශය ක්‍රීඩා ශීලී ගුණයවිලාශය ජපානයේ පෙළ පොත් වලට ද ඇතුළත් වූ බව පෙන්වා දෙනවා.
වටනබේ විවේචනය කිරීම නැවත්වීමට ක්‍රියා නොකිරීම මෙන්ම ඔහුව ආරක්ෂා කිරීමට හෝ ඔහු ට එල්ල වූ චෝදනා පිළිබද පරික්ෂා කර එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට හෝ පරිපාලනය කටයුතු නොකිරීම ගැන මගේ ඇතැම් ජපන් මිත්‍රයන් බොහොම කණගාටු වුණා.ඒ දේවල් සිද්ධ වෙන්නේ කළමණාකාරීත්වය පිළිබදව සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබදව අවබෝධයක් නැතිව කටයුතු කරන්නන් නිසයි.මහින්ද ගුණරත්න නැවත වරක් ඉහළ සහ විනයානුකූල පරිපාලනයක් ලංකාවේ බේස්බෝල් පරිපාලනයට අවශ්‍යය බවත් එය ශක්තිමත් සහ විශිෂ්ඨ ක්‍රීඩාවක් ස්ථාපිත කිරීමට අවශ්‍යයම ගුණාංගය බවත් පෙන්වා දෙමින් ප්‍රකාශ කලා .
www.supirikrida.com
No comments:
Post a Comment