Mar 12, 2013

බංගලාදේශයෙන් ගාල්ලේදී විප්ලවයක්

Mushfiqur Rahim is ecstatic after becoming Bangladesh's first double centurionබංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයකදී බංගලාදේශය සතු ලකුණු රැස් කිරීම සම්බන්ධ වාර්තා පොත සම්පූර්ණයෙන් අලුත් තළ ගාල්ලේ දී පැවත් වෙන ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරගයේදී පළමු වරට ලකුණු 600 ඉක්ම වූ බංගලාදේශ ඉණිම සනිටුහන් කරන්නට බංගලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.වැඩිම ලකුණු සහිත බංගලාදේශ ඉණිම ලෙස ඉතිහාසයට එකතු වන ලකුණු 638 ක් ලැබූ බංගලාදේශය වෙනුවෙන් ශතක තුනක් වාර්තා වූ අතර මොහොමඩ් අශ්රාෆුල් ලකුණු 190 ක්,නසීර් හොසේන් ලකුණු 100 සහ නායක මුෂ්‍ෆිකර් රහීම් ලකුණු 200 එම ශතක ලාභියෝ වූහ.
ඒ අතරින් නායක මුෂ්ෆිකර් රහීම් රැස් කළ ලකුණු 200 බංගලදේශ ක්‍රිකට් ඉතිහාසයේ අද්වීතීය වාර්තාවක් වන අතර එම ද්විත්ව ශතකය බංගලාදේශ පිතිකරුවෙකු අන්තර්ජාතික පිටියේ රැස් කළ ප්‍රථම ද්විත්ව ශතකය ලෙස ඉතිහාසයට එක් වන්නේය.ඒ සදහා අශ්රෆුල් මේ තරගයේදී පිවිසෙනු ඇතැයි බලා පොරොත්තුවෙන් සිටිය ද,තෙවන දිනය නිමා වන විට ලකුණු 189 ක් ලබා සිටි ඔහුට ඊයේ දිනය තුළ එම ලකුණු ප්‍රමාණයට අලුතින් එක් කර ගන්නට ලැබුණේ එක ලකුණක් පමණි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන නුවන් කුලසේකර,සමින්ද එරංග,රංගන හේරත්,අජන්ත මෙණ්ඩිස් සහ ටීඑම් ඩිල්ෂාන් කඩුලු දෙක බැගින් දවා ගන්නට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජගත් අවධානය දිනා ගනිමින් සිටි ඩිල්ෂාන් කලෙකට පසුව ටෙස්ට් තරගයක දී දීර්ඝ ලෙස පන්දු යැවීමට යොදා ගන්නා ආකාරයක් දැක ගැනීමට මෙම තරගයේදී අවස්ථාව උදා වූ අතර එහිදී ඔහු ඒ අවස්ථාවට අනෙකුත් පන්දු යවන්නන්ට සාපේක්ෂව සාධාරණයක් ඉටු කිරීමට ද සමත් විය.
ශ්‍රී ලංකාව දෙවන ඉණිමේ දී බංගලාදේශයට පිටු පසින් සිට ඉණිම ඇරඹු අතර එහිදී දිමුත් කරුණාරත්න ගේ කඩුල්ල බිද දැමූ බංගලාදේශ ක්‍රීඩකයන් තරගයේ තමන් ලබා ගත් ඓතිහාසික වටිනාකම් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකි මාවතක් උදා කර ගත්තද,පසුව ඊට එරෙහිව සිය අත්දැකීම් සමග ආක්‍රමණය සහ ආරකෂාව සමව මුසු වූ ඉණිම් ගොඩ නැගූ ඩිල්ෂාන් සහ සංගක්කාර ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලකට ලකුණු 116 ක් දක්වා ශ්‍රී ලංකා ඉණිම ඔසවා තැබීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602472.html
www.supirikrida.com


No comments: