චාමික ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සූරයා වන නිලූක කරුණාරත්නගේ සොහොයුරා වන අතර ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්ද සිය වයස් ඛාණ්ඩයේ සූරයා වෙනවා.කණිෂ්ඨ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි සදහා සහභාගි වී ඇති නිලූක සිය වයස් ඛාණ්ඩයේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ ජාතික සූරයාද වෙනවා.
නිලූක,දිලූක සහ දිනූක වැනි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කේෂ්ත්‍රයේ සුපිරිතමයන් ලෙස සැළකෙන සිය සොහොයුරන් මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ද හැකියාවන් පෙන්වන චාමික ක්‍රිකට් සහ මලල ක්‍රීඩාවෙන්ද දක්වන දක්ෂතා සැළකිල්ලට ගැනීමේදි සිය සහෝදරයන් තිදෙනා ද අභිවමින් ක්‍රීඩාවන් කිහිපයකින් එක සමාන දස්කම් දක්වන පුද්ගලයෙකු ලෙස කැපී පෙනෙනවා.
රාජකීය - ශාන්ත තෝමස් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් තෝමස් ක්‍රීඩකයන් ලකුණු 192 ට සීමා කිරීමට පෙරමුණ ගත් චාමික,ලකුණු 55 ට කඩුලු 5 ක් දවා ගත්තා.දෙවන ඉණිමේ තොමස් ලකුණු පූවරුව ලකුණු 132 දී නවතා දැමූ රාජකීයන් වෙනුවෙන් චාමික ගේ දායකත්වය ලකුණු 32 ට කඩුලු 4 ක්බවට පත් වුණා.රාජකීය කණ්ඩායම පළමු ඉණිමේ දී කඩුලු 5 ට ලකුණු 260 ක් ලබා ගත් අතර දෙවන ඉණිමේදී ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 67 වෙත කඩුලු 3 ක් පමණක් දැවී ළගා වීමට සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment