බංගලාදේශය සමග ගාලු ක්‍රීඩාංගණයේ පැවත්වෙන ශ්‍රී ලංකා - බංගලාදේශ ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමා වන විට මොහොමඩ් අශ්රාෆුල් සහ නායක මුස්ෆිකර් රහීම් පස්වන කඩුල්ල වෙනුවෙන් රැස් කළ වාර්තාගත ලකුණු 261 ක නොබිදි සබදතාවය නිසා ශ්‍රී ලංකාව ප්‍රථම ඉණිමේ දී කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු 570 ට පිළිතුරු ලෙස බංගලාදේශයට කඩුලු 4 ක් දැවී ලකුණු 438 ක් රැස් කරන්නට හැකියාව ලැබී තිබෙනවා.මෙම ඉණිම් සබදතාවය ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම කණ්ඩායමක් පස්වන කඩුල්ලට රැස් කර තිබෙන හොදම සබදතාවය වන අතර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් බංගලාදේශ ක්‍රීඩකයන් දෙදෙනෙකු රැස් කර තිබෙන ඉහළම ලකුණු සබදතාවය ලෙස ද ගැනෙනවා.
මොහොමඩ් අශ්රාෆුල් මේ වන විට නොදැවී ලකුණු 189 ක් ලබා ගෙන සිටින අතර එය බංගලාදේශ ක්‍රීඩකයෙකුගේ ඉණිමක හොදම ලකුණු රැස් කිරීම ලෙස ගැනෙන අතර මෙම ශතකය ඔහුගේ හයවන ටෙස්ට් ශතකය මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ පස් වන ශතකය ද වෙනවා.රහීම් නොදැවී ලකුණු 152 ක් රැස් කර ගෙන සිටින අතර එය ඔහුගේ හොදම ඉණිම වෙනවා.
ඊයේ තරගය ආරම්භයට පෙර තණතීරු වාර්තාව හරහා රසල් ආනල්ඩ් එහි ඇති සෙමින් දඝ කැවීමේ වාසිය පන්දු යවන්නන්ට ලබා ගැනීමට තිබෙන ඉඩ- කඩ පෙන්වා දුන්නද,ශ්‍රී ලංකා නව නායකයා දග පන්දු යවන්නන්ගේ අභියෝගය රැගෙන එන විට පිතිකරුවන් පන්දුව හොදින් දර්ශනය කර ගනිමින් සිටියා.අශ්රෆුල් ඉතා මැනවින් රැකවරණය සපිරි ඊනිමක නිරත වෙද්දී පන්දුව මැනවින් දර්ශනය කර ගැනීමත් සමග රහීම් තරමක් ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කළා.
කෙසේ හෝ පසුගිය කාලයේ ගාලු තණතිල්ල පිළිබදව ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විවේචන වලට මේ වන විට වැට බැදී තිබෙනවා.ලකුණු ලබ ගැනීමට දුෂ්කර තණතීරුවක් ලෙස හංවඩු ගැසුණු ගාලු තණතිල්ල ජාත්‍යන්තර තරග සදහා සුදුසුද යන්න පිළිබදව සාකච්ඡාවක් පවතින මොහොතක මේ තරගයේදී යළිත් එය ලකුණු රැදුණු තණතීරුවක් බවට පත් කරන්නට එහි පිටිය භාරකරු හිටපු ටෙස්ට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර සමත් වී තිබෙන බව දිනතුනක් ගෙවෙන තැන කණ්ඩායම් දෙක කඩුලු 8 ක් පමණක් දැවී ලකුණු 1008 ලබා සිටීම හරහා පැහැදිළි වෙනවා.
නමුත් ඊයේ හවස් වන විටත් රංගන හේරත් ගේ සහ අජන්ත මෙණඩිස් ගේ පන්දු සුපිරි ඉණිම් ක්‍රීඩා කරන අශ්රාෆුල් ට සහ රහීම් ට තේරුම් ගත නොහැකි ආකාරයෙන් කඩුලු රකින්නා අතර පත් වන අවස්ථා දකින්නට තිබුණා.ඒ තත්ත්වය තේරුම් ගෙන මැතිවිස් අද පන්දු යවන්නන් හැසිරවීමේ දී ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කළ යුතුයි.මන්ද තවමත් ශ්‍රී ලංකාවට ලකුණු 132 ක වාසියක් තිබෙනවා.එහෙත් බංගලාදේශය සතුව සිටින ඔවුන්ගේ අලුත්ම දග පන්දු තුරුම්පුව සොහාබ් ගාසි ද සුළුවෙන් තැකිය නොහැකි නිසා රහීම් ඔහුව භාවිතා කරන ආකාරය අනුව මේ තරගයේ තීරණය ශ්‍රි ලංකාවට ගැටළුකාරී තත්ත්වයක් ඇති කිරීමටත් ඉඩ තිබෙනවා.
අප ඊයේ තරගය පිළිබදව කළ විස්තරයට අනුවම අශ්රාෆුල් බංගලාදේශ කණ්ඩායමේ තීරණාත්මක සාදකය වූ අයුරෙන්ම අද මැතිව්ස් පන්දු යවන්නන් මෙහෙය වන ආකාරය අනුව මේ තරගයේ තීරණාත්මක සාධකය ලෙස සොහාබ් ගාසි පත් වීමේ ඉඩක් ද විවෘතව පවතිනවා.තරගයේ ලකුණු විස්තරයට පහත සදහන් සබදතාවය හරහා පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602472.html
www.supirikrida.com
No comments:
Post a Comment