ඕස්ට්‍රේලියාව සහ ඉරානය අතර පැවති තරගයෙන්ද වට 3 - 0 ක් ලෙස ඉරානය ජය ලැබීමත්,ලකුණු ලබා ගැනීම සළකා බැලීමේදී එම තරගයේ ප්‍රතිපලය ඉරානය, ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ජයට වඩා පහසු ජයක් ලෙස දකින්නට ලැබීමත් නිසා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේදි ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ලබන ප්‍රථම ජය ලබනු ඇතයි අපේක්ෂා කළ හැකිය.නමුත් ඉරානය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් දෙකම මූලික වටයේ දී ඉන්දියාව ඉතා පහසුවෙන් පරාජය කර තිබීම යනු කළාපීය අබියෝගය හෝ ජය ගැනීම පිලිබදව අපේ අවධානය මීට වඩා විශාල විය යුතු බවට ඉගි කරන්නකි.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියේ මේ දක්වා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කර ජපන් බාලිකා කණ්ඩායම සිය පුහුණුකරුගේ පුහුණු උපදෙස් වලට සවන් දෙන අයුරුය.
www.supirikrida.com
No comments:
Post a Comment