චීනයේ පැවත්වෙන මෙ තරගාවලියේ මූලික වටය සදහා චීන තායිපේ සහ කොරියා කණ්ඩායම් සමග ඩී කාණ්ඩයේ තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ තරග වටයට පෙර දෙවන වටය සදහා එච් කාන්ඩයෙන් තරග වැදීමට නියමිත අතර එහි දි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඉරානය සහ ඕස්ට්‍රේලියාව යි.
ඒ අනුව අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉරානය සමග තරග වැදීමට නියිමිත අතර හෙට ඕස්ට්‍රේලියාව සමග තරග වැදීමට නියමිතය.තරගාවලිය සදහා චිනය,ජපානය,තායිලන්තය,චීන තායිපේ මෙන්ම කසකස්තානය වැනි ආසියාවේ වොලිබෝල් ක්‍රීඩාවේ දැවැන්තයන් ගේ අනාගතය භාර කණ්ඩායම් සියල්ලම පාහේ සහභාගි වන අතර දකුණු ආසියාතික කළාපයේ ප්‍රබලයා ලෙස සැළකෙන ඉන්දියාව බී කාන්ඩයෙන් මූලික වටය නියෝජනය කරමින් දෙවන වටයේ දී ශ්‍රී ලංකාව තරග වදින එච් කළාපයේ සිටින ඉරානය සහ ඕස්ට්‍රේලියාව පරාජය කර සිටින නිසා ශ්‍රී ලංකාවට අද සහ හෙට තරග දෙක අතිශයින් වැදගත් ය.
www.supirikrida.com
No comments:
Post a Comment