සත් සාමාජික රගර් තරගාවල දී ආසියානු මට්ටමෙන් ලැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ද මුල් කණ්ඩායම් පහ අතරට ප්‍රවේශ වෙමින් පස් වන සහ හය වන තැන තීරණය කරන්නට නියිමිත තරගයේදී මැලේසියාව පරාජය කරමින් ලකුණු 22 - 17 ක ජයක් ලබා ගත්තා.මෙම තරගාවලියට දකුණු ආසියාතික කණ්ඩායම් ලෙස සත්කාරක ඉන්දියාව,පනිස්තානය,ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගි වූ අතර එම කණ්ඩායම් අතරින් පෙරමුණේ රැදෙන්නට හී ලංකාව සමත් වුණා.ඉන්දියාව තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් 16 ක් අතරින් 13 වන ස්ථානයට පත් වෙද්දී පිළිවෙළින් පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය 15 වන සහ 16 වන ස්ථාන තහවුරු කර ගත්තා.ඒ අනුව දකුණු ආසියාතික තරගාවලියට සත් සාමාජික රගර් ක්‍රීඩාව ඉසව්වක් ලෙස ඇතුළත් කිරීමට හැකිනම් එය කළාපීය රගර් ක්‍රීඩාවේ ප්‍රබෝධයට මෙන්ම ශ්‍රී ලංකාවට නිශ්චිත රන් පදක්කමක් බවට ද පත් කළ හැකි බව ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක්විය හැකියි.
හොංකොං කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබූ ජපානය දෙවන ස්ථානය දිනා ගනිද්දී තෙවන සහ සිව්වන ස්ථාන තීරණය කිරීම සදහා පැවති තරගයේදී තායිලන්තය පරාජයට පත් කළ චීන තායිපේ කණ්ඩායම ලකුණු 21 - 24 ක ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.ඡායාරූපයේ ජයග්‍රාහි හොංකොං කණ්ඩායම දැක්වෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment