අග නගරයෙන් පිටතට ගොස් ග්‍රාමීය සංවර්ධනය සදහා ආධාර උපකාර කරන සංවිධාන ඇති සමාජ ව්‍යහුයක හම්බන්තොට ක්‍රීඩා සමාජය විසින් නවීකරණය කරන්නට යෙදුණ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩා පිටියේ පැවත්වෙන මෙම තරගාවලියට ඒ කාණ්ඩයෙන් දිවයිනේ ප්‍රමුඛතම පැසි පන්දු කණ්ඩායම් 13 ක් තරග වදින අතර බී කාණ්ඩයෙන් කණ්ඩායම් 26 ක් තරග වදියි.මෙරට කාන්තා පැසි පන්දු ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍යය තරම් තරගකාරී කණ්ඩායම් නොමැති වීමේ අඩුව මෙම තරගාවලියෙන් ද නොපියවීම කණගාටුවට කරුණක් වුව ද ඒ සදහා යහපත් ප්‍රවේශයක් ලෙස සැළකිය හැකි මෙවර කාල්ටන් තරගාවලියට ඇතුළත් අවුරුදු 14 න් පහළ පාසල් තරගාවලියට බාලක බාලිකා යන දෙකොටසම ඇතුළත් කර තිබිම පැසසුම් සහගතය.ඒ අංශයෙන් තරග වැදීමට එක් ව සිටින කණ්ඩායම් ප්‍රමාණය 50 කි.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක සහ කණ්ඩායම් අනුග්‍රාහක ලෙස Bharathi Airtlte ආයතනය කටයුතු කරයි.දත්ත සහකරු ලෙස Unico සහ Avian Technologies එක්ව කටයුතු කරන අතර Autobase ආයතනය Gold Sponser කටයුතු කිරීමට නියමිතය.හෝටලය නිල ආහාර පාන සැපයුම් කරු ලෙස මෙවර කාල්ටන් පැසිපන්දු තරගාවලිය සමග එක් වී සිටියි.
www.supirikrida.com
No comments:
Post a Comment