ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ තොරතුරු සහ සේවාවන් පිළිබද දැන ගැනීම පහසු කර ගැනීම පිණිස සකස් කළ ism.gov.lk වෙබ් අඩවිය අද දින දොරට වැඩීමට නියමිතය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ උපදෙස් මත සිදු වූ කළමණාකරණ වෙනස්කම් වලට සමගාමීව සිදුවන මෙම වෙබ් අඩවිය දොරට වැඩීමේ අවස්ථාව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානි මහාචාර්‍ය අර්ජුන ද සිල්වා ගේ ආරාධනය පරිදි අද (ඔක්තෝම්බර් 16) පෙ.ව 9.00 ට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සුරතින් දොරට වැඩීම ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී සිදු වීමට නියමිතව ඇත.
තහනම් උත්තේජන භාවිතය වැළක්වීම,තහනම් උත්තේජන කවරේද යන්න පිළිබදව ජාත්‍යන්තර වාඩා ආයතනයේ අණ පනත් සහ නිති රීති පිළිබදවද,ක්‍රීඩාවේ යහ පැවත්ම උදෙසා ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් ඇරඹු ක්‍රීඩා දින පොත සේවාවන් ඇතුළු විවිධ මහජන සේවාවන් ද ක්‍රීඩා වෛද්‍ය ඒකකය ස්වීය අවශ්‍යයතා වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට හැකි දුරකතන අංක සහ විද්‍යුත් ලිපින ආදී තොරතුරු ද දැන ගැනීම සදහා මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව හිමි වේ.
www.supirikrida.com

No comments:
Post a Comment