![]() |
එරංගා |
සචිත් |
දකුණු ආසියාතික තරගාවලිය සහ ඉදිරි ජාත්‍යන්තර තරග සදහා
ජාතික සංචිතය සකස් කිරීම පිණිසත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන්නට
යෙදුණ,ජාතික තේරීම් තරගවල දී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් බිහිවීම කැපී පෙණින.ඉන් වාර්තා
දෙකක්ම සිය නමින් පැවති වාර්තා අලුත් කිරිම් විය.
මේ අතර ප්‍රථම දිනයේදී ශානිකා සමන්මලී සතුව පැවති ශ්‍රී
ලංකා වාර්තාව පැහැරගත් චම්පිකා දිල්රුක්ෂි ඊයේ මීටර් 800 ඉසව්වද ජය ගත් අතර එහිදී
ඇය හ්‍රී ලංකා වාර්තාලාභිණිය වන ධම්මිකා මැණිකේ ගේ ශ්‍රී ලංකා වාර්තාවට පසුව එම
ඉසව්වේ හොදම කාලය වාර්තා (02:05.02) කිරීමද කැපී පෙණින.ඊට අමතරව එරංගා දුලක්ෂි
යළිත් වරක් මීටර් 3000 බාධක දිවීමේ ශ්‍රී ලංකා වාර්තාව විනාඩි 10:24.55 දක්වා පෙරට
රැගෙන එන්නට සමත් වූ අතර ඇයගේ ප්රබලතම ප්‍රතිවාදිනිය හැටියට ඇය සමග ශ්‍රී ලංකා
වාර්තාවේ උරුමය වරින්වර මාරු කර ගනිමින් සිටින ඩබ්ලිව්කේඑල් නිමාලි මීටර් 400
කඩුලු මතින් දිවීමේ තරගය නියෝජනය කරමින් එම තරගය ජය ගත්තාය.
සචිත් මධුරංග පින්ලන්තයේ ලද පුහුණුවෙන් පසුව ශ්‍රී
ලංකාවට පැමිණ ඉදිරිපත් වූ ප්‍රථම තරගය වූ මේ තේරීම් තරගයේ දී යළිත් ශ්‍රී ලංකා
වාර්තාව අලුත් කිරීම කැපී පෙණින.මිටර් 77.80 ක දුරක් හෙල්ල වීසි කරමින් සචිත් ශ්‍රී
ලංකා වාර්තාව අලුත් කිරීමේදී ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ඩීඑස් රණසිංහ ද
මීටර් 77 සීමාවට පිවිසෙමින් මීටර් 77.19 ක් වාර්තා කිරීමද කැපී පෙණෙන සිදුවීමක්
විය.
මහල්ලන් සේ හං වඩු ගැසීම්වලට ලක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
සියල්ලම පාහේ මෙම තරග උළෙලේ ද දක්ෂතා අතරට පිවිසීම මෙන්ම පසුගිය කාලයට වඩා යහපත්
දක්ෂතා ප්‍රදර්ශනය කිරීමත් මැනවින් කැපී පෙණින.ඒ අතරින් මීටර් 200 කාන්තා ඉසව්වේ
දී ක්‍රීඩිකාවක තත්පර 23 සීමාව ස්පර්ශ කරනු කාලයකට පසුව දකින්නට ලැබුණු අතර එය
සුජානි බුද්ධිකා (තත්පර 23.99) විසින් වාර්තා කරන්නට යෙදිණ.
දක්ෂතා විසින් යම් පසු බැසීමක් තිබුණද තවමත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක
ක්‍රීඩිකාවන් ඉදිරියෙන් සිටින තත්ත්වය තුළ ඔවුන් ඉවත් විමෙන් අදාළ ඉසව් වල තරගකාරී
තත්ත්වය පහත වැටිය හැකි බව මේ ක්‍රීඩා උළෙලේදී ද පැහැදිළිව දකින්නට ලැබුණු අතර ඒ
නිසා ජ්‍යෙෂ්ඨයන් ඉවත් කිරිමට පෙර ඔවුන් සිටින තත්ත්වයට හෝ පැමිණිය හැකි මට්ටමට
නවක පරපුරේ දක්ෂතා වර්ධනය කර ගැනීමට ක්‍රීඩාවට සම්බන්ධ සියල්ලගේ අවධානය යොමුවිය
යුතුය.
උදාහරණයක් ලෙස මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින රෝසා
ගේ දුර දිවීමේ තරග වාර්තා දශක ගණනාවක් නොබිදී පැවතීම ම ගත හැකිය.ඔහු ශ්‍රී ලංකාවෙන්
ඈත් වී යාමත් සමග ක්‍රීඩකයන්ට ජයග්‍රහණය පිණිස හඹා යා යුතු ඉලක්කය හෑල්ලුවට ලක්
විය. ඒ නිසාම අදත් ශ්‍රී ලංකාවේ ජයගැනීම පිණිස පමණක් නොවන ධාවනය අඩුම ගණනේ විනාඩි
30 සීමාවෙන් මෙ’පිටටවත් නොඑන තත්ත්වයක පවතියි.
මෙම තරගාවලිය හරහා ද එය ඔප්පු වූ අතර ශ්‍රී ලංකාවේ මලල
ක්‍රීඩාවෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිටමං කිරීමට උත්තේජන සැපයීමට පෙර කණිෂ්ඨ්යන්ට,
ජ්‍යෙෂ්ඨයන්ට එකම තරග බිමක අභියෝග කළ හැකි මානසික ශක්තියක් සහ කායික ශක්තියක්
නිර්මාණය කිරීමට උත්තේජන සැපයීම අවශ්‍යය වේ.
No comments:
Post a Comment