අසාර් අලි |
ශ්‍රී ලංකාව සහ පකිස්තානය
අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට කඩුලු 4 ට ලකුණු 488 ක් ලබා
සිටින පකිස්තාන පිතිකරුවන් ගාලු ටෙස්ට් තරගයේදී
තමන් අතින් සිදු වූ වැරදි සහ අතපසුවීම් නිවැරදි කර ගනිමින් ප්‍රකෘති තත්ත්වයට
පත්ව ඇත.කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට
පහරදීම සදහා පකිස්තානයට ආරාධනා කළ අතර පකිස්තානය පළමු දිනයේ ඊට යහපත් ප්‍රතිචාර
දක්වමින් කඩුලු 1 ට 334 ක් ලැබීය.
පන්දු ඕවර් 90 ක් තුළ ගලා ආ
එම ලකුණු ප්‍රමාණයට ඊයේ වැස්සෙන් එල්ල වූ බාධා නිසා තවත් ලකුණු 154 ක් පමණක් එක්
වූ අතර ඊයේ පළමු දිනයට වඩා වේගවත් ක්‍රීඩා රටාවකට පිවිසෙන්නට පකිස්තානු පිතිකරුවන්
උනන්දු වන බවක් පෙනෙන්නට තිබුණු අතර එහි ප්‍රතිපලයක් ලෙස එම ලකුණු 154 තුළ ශ්‍රී
ලංකා පන්දු යවන්නන්ට තවත් පකිස්තානු කඩුලු 3 ක් දවා ගැනීමට හැකියාව ලැබිණ.
කෙසේ නමුත් මේ සටහන තැබෙන
විටත් තෙවන දිනයේ තරග ආරම්භය පිළිබද සැක මතු කරමින් කළු වළාකුළු එස්එස්සී ක්‍රීඩාංගණයට
ඉහළ අහසේ මුදුන් වෙමින් පවතින අතර එය පකිස්තානයේ ප්‍රබල පිතිප්‍රහාරයේ ශක්තිය ජයග්‍රහණයක්
බවට පත් වීම වැළක්වීම පිණිස ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වනු ඇත.නායකත්වයේ වගකීමෙන්
නිදහස් වූ මොහොමඩ් හෆිස්ගේ පිත්ත ශ්‍රී ලංකාවට වඩාත්ම බල පෑ හිසරදය වූ අතර ඔහු
ලකුණු 196 ක් රැස් කළ අතර කල්පනාකාරී පිතිකරුවෙකු ලෙස පකිස්තානු කණ්ඩායමේ ස්ථානය
තහවුරු කරමින් සිටින අසාර් අලි යළිත් සාර්ථක වෙමින් ලකුණු 157 ක් රැස් කර ගත්තේය.
රංගන කඩුලු 2 ක්,මැතිව්ස් සහ
සුරාජ් එක් කඩුල්ල බැගින්ද දවා ගෙන සිටින අතර තරගයේ දෙවන දිනය නිමා වන විට සමස්ත
තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසිය හැකිය.
No comments:
Post a Comment