Jul 1, 2012

බොල්ට් ට වරදියි


සෙයින් බෝල්ට් ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින සිය රටේම,සිය ක්‍රීඩා සමාජයේම සගයා වන යොහාන් බ්ලේක් ජැමෙයිකානු ඔලිම්පික් සහභාගීත්වය තහවුරු කිරීම පිණිස පැවති තේරීම් තරගයේදී මීටර් 100 ඉසව්වේදී උසෙයින් බෝල්ට් පරාජය කරන්නට සමත් විය.තත්පර 9.75 ක් ලෙස මේ වසරේ වාර්තා වූ හොදම කාලය වාර්තා කළ බ්ලේක් තරගය නිමා වන විට පැහැදිළි ඉදිරියක සිටිමින් තරගය ජය ගැනීම කැපී පෙණින.
හොද තරග ආරම්භයක් ලබා නොගත් බෝල්ට්,තරගයේ අවසාන මීටර් 30 ට ප්‍රවේශ වන විටත් මුල් තිදෙනා අතර දකින්නට නොලැබුණු අතර ඔහු අවසාන මීටර් 30 තුළ උත්සාහ කරන්නේ තරගය ජය ගැනීම වෙනුවට අසාෆා පවෙල් පරාජය කරමින් තරගයේ දෙවන ස්ථානය තහවුරු කර ගන්නටය.බෝල්ට් එම උත්සාහය සාර්ථක කර ගනිමින් තත්පර 9.86 ට දෙවන ස්ථානය දිනා ගනිද්දී අසාෆා පවෙල් තත්පර 9.88 කින් තෙවන තැන ද,මයිකල් ප්රැටර් තත්පර 9.94  කින් සිව්වන තැනද දිනා ගන්නේ ජැමෙයිකාවේ ලන්ඩන් ඔලිම්පික් 4 x 100 බලාපොරොත්තු ගැනද සැකයක් නොතබමින්ය.
කාන්තා මීටර් 100 ඉසව්වද ජැමෙයිකාවේ ඔලිම්පික් බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් ප්‍රතිපල ඇති කළ ඉසව්වක් විය.එහි ජයග්‍රාහිකාව ෂෙළී ඈන් ප්‍රෙසර් වූ අතර ඇය තත්පර 10.70 කින් එම ඉසව්ව නිම කළාය.දෙවන ස්ථානය දිනා ගත්තේ වෙරෝනිකා කැම්බල් ය.

No comments: