May 5, 2013

නදීකාට එක, චන්ද්‍රිකාට දෙක,නසුන්ට සහ සමරජීව ට තෙවන ස්ථාන

සියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ ප්‍රථම අදියර තායිලන්තයේ තමාසාට් හී දී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක් ප්‍රථම ස්ථානයක්,දෙවන ස්ථානයක් සහ තෙවන ස්ථාන දෙකක් හිමි කර දෙමින්ය.ශ්‍රී ලංකාව දිනා ගත් එකම ප්‍රථම ස්ථානය හෙල්ල වීසි කිරීම නියෝජනය කළ නදීකා ලක්මාලී දිනා ගත්තාය.ඇය මීටර් 56.83 ක දක්ෂතාවයක් දක්වමින් එම ජයග්‍රහණයට උරුමකම් කීවාය.චන්ද්‍රිකා සුභාෂණි මීටර් 400 ඉසව්වේ දී ඉන්දීය අභියෝගයට මැදිව දෙවන ස්ථානයට පත් වූ අතර දර්ශා ගේ සමයේ ඇය පසු පසින් පැමිණි ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවේ මීටර් 400 හැකියාව ආක්‍රමණය කිරීමට ගත් දීර්ඝ කාලීන උත්සාහය යළි සාක්ෂාත් කරමින් චන්ද්‍රිකාට ඉදිරියෙන් සහ පසු පසින් ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙක් රැදී උන්හ.චන්ද්‍රිකා දෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 53.35 ක කාලයක් වාර්තා කරමින්ය.
News Photo: Nadeeka Lakmali of Sri Lanka competes during the…කසුන් කල්හාර මීටර් 400 ඉසව්වේ දී තෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු එහිදී තත්පර 47.18 ක කාලයක් වැය කළේය.මීටර් 5000 ඉසව්වට ඉදිරිපත් වූ ඩීඑල් සමරජීව විනාඩි 15:10.91 ක කාලයක් වාර්තා කරමින් තෙවන ස්ථානය දිනා ගන්නට සමත් විය.ශ්‍රී ලංකා හෙල්ල වීසි කීරීමේ ජාතික වාර්තාලාභියා වන සචිත් මධුරංග කලෙකට පසුව පසු කර යන්නට හිටපු ජාතික වාර්තාලාභියෙකු වන වරුණ ලක්ෂාන් දයාරත්නට හැකි වුව ද දෙදෙනාටම ඉසව්වේ ස්ථානයක් දිනා ගැනීම අපහසු විය.නමුත් දෙදෙනාම මෑත කාලීනව දක්වා ඇති සාමාන්‍ය දස්කම් සැළකිල්ලට ගෙන බැලීමේදී යම් හෙයකින් ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා ආසන්නයට හෝ පැමිණියේ නම් ජයග්‍රහණය යනු පහසු කාරියක් වන්නට තිබිණ.මෙහිදී වරුණ මීටර් 71.50 ක ද සචිත් මීටර් 71.19 ක් ද වාර්තා කරන්නට සමත් විය.
www.supirikrida.com

No comments: