ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුල්ල කෙලින් එන පන්දුවට මුහුණ
දීමේදී දැක් වූ දුර්වලතාවය සහ නොසැළකිල්ල නිසා දැවී ගිය කඩුලු පහෙන් හතරක්ම කඩුල්ල
ආවරණය කිරීමට හසු වීමෙන් වූ දැවී යාම් ලෙස නම් වී ඇත.මේ තත්ත්වය හ්‍රී ලංකාව
නොසිතූ අර්බූදයකට ලක් කර ඇති අතර අවසාන දිනයේ පන්දු යවන්නන් කඩුල්ලෙන් ලබා ගන්නා
වාසියත් සමග හ්‍රී ලංකාවට කඩුලු 15 ක් රැක ගැනීමට සිදුවිය හැකි තත්ත්වයක් උද්ගතව
ඇති අතර ලකුණු 551 ක් වැනි ලකුණු ප්‍රමාණයකට මුහුණ දීමේදී දැක්විය යුතු ඉවසීම සහ
පාලනය ආදී සියළු ගුණාංග සහිතව පිත්ත හැසිර වූ ඩිල්සාන් සහ සංගක්කාරගේ සම්බන්ධයෙන්
පසුව පිතිකරුවන් අයාලේ යන තත්ත්වයක් ප්‍රදර්ශනය කිරිම නිසා මේ තත්ත්වයට මුහුණ දීමට
හ්‍රී ලංකාවට සිදු වී ඇත.
පන්දු යැවීමේදී දෝලනය සහ වේගය නිසි ලෙස කළමණාකරණය කළ
ජුනයිඩ් ඛාන් දැවී ගිය කඩුලු පහෙන් 3 ක් ම ලකුණු 56 ට දවා ගෙන ඇති අතර ඊයේ හවස්
භාගයේ නව පන්දුවෙන් දග පන්දු යවන අබ්දූර් රෙහෙමාන් කළ පන්දු යැවීමද ශ්‍රී ලංකාවට
අද දවසේ ඔහුගෙන් සහ සහීඩ් අජ්මාල් ගෙන් යම් තර්ජනයක් එල්ල විය හැකි බවට කළ අනතුරු
ඇගවීමක් බදු විය.පහත දැක්වෙන්නේ තරගයේ සිව්වන දිනය නිමාවන විට තරගයේ සමස්ත ලකුණු
පූවරුව දැක්වෙන නිල ලකුණු පූවරුවට පිවිසිය හැකි සම්බන්ධතාවය ය. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562445.html
No comments:
Post a Comment