ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ
ලකුණු 10000 සීමාව පසු කළ ලොව 10 වැන්නා වීමට සිවනාරින් චන්ද්‍රපෝල් ඊයේ සමත්
වුණා.ඒ ඕස්ට්‍රේලියාව සමග පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දී ලකුණු 69 ක් ලබා ගැනීමත්
සමගයි.ප්‍රථම ඉණිමේද අර්ධ ශතකයක් රැස් කළ චන්ද්‍රපෝල් එම ඉණිම නිමා කළේ ලකුණු
10000 සීමාවට ලකුණු 14 ක් පමණක් පිටු පසින් සිට යි.ඊයේ තවත් පීඩනයට එරෙහිව නැගුණු සාර්ථක ඉණිමක් ක්‍රීඩා
කළ චන්ද්‍රපෝල් ඊයේ තමා සහභාගි වන 140 වන ටෙස්ට් තරගයේ දී 239 වන ටෙස්ට් ඉණිම නිමා
කළේ ලකුණු 50.02 ක සාමාන්‍යයක් සහතව එක් වී ඇති ලකුණු 10,055 ක් සමගයි.ශතක 25 ක්
සහ අර්ධ ශතක 59 ක් අයත් වී ඇති චන්ද්‍රපෝල්
13 වතාවක්ම ලකුණු නොලබා ද දැවී ගොස් තිබෙනවා.
මෙම ලකුනු 10000 සමාජයට
ඉන්දියාවෙන් තිදෙනෙක් (සචින් තෙන්දුල්කාර්,රාහුල් ඩ්‍රාවිඩ්,සුනිල්
ගවස්කාර්),ඕස්ටේලියාවෙන් තිදෙනෙක් (රිකී පොන්ටින්,ස්ටීව් වෝ,ඇලන් බෝඩර්) එක්ව
සිටිනවා.බ්‍රයන් ලාරා අඩුම තරග සහ ඉණිම ගණනකින් මෙම සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙස
පිළිගැනෙන අතර ලාරාට පසුව එම 10000 සීමාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දෙවැන්නා බවට චන්ද්‍රපෝල් පත්
වෙනවා.දකුණු අප්‍රිකාවෙන් ජැක් කලිස් 10000 සමාජයට එක් වී සිටින අතර ඔහු මෙම 10000
සමාජයේ සිටින හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස පන්දු යැවීමෙන් කඩුලු 276 ක් ද උඩ
පන්දු 181 ද රැක ගෙන සිටිනවා.ශ්‍රී ලංකාවෙන් මෙම සීමාවට පැමිණ සිටින්නේ නායක මහේල
ජයවර්ධන පමණයි.
No comments:
Post a Comment