ආසියානු කාන්තා ක්‍රීඩා සමාජ තරගාවලියේ දී බී කාණ්ඩයෙන්
තරග වදින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම එහිදී චීනයේ ටියැන්ජින්
බ්‍රිජ්ස්ටෝන් කන්ඩායම ඉදිරියේ වට 3 – 0 න පරාජයක් ලැබීය.ජගත් කාන්තා ක්‍රීඩා සමාජ
අතර වොලිබෝල් තරගාවලිය නියෝජනය කිරිමට සුදුසු ආසියාතික කණ්ඩායම් නිර්ණය කිරිම සදහා
තායිලන්තයේ දී ක්‍රීයාත්මක මෙම තරගාවලියේ දී මීට පෙර තරගය වට 3- 1 ලෙස මැලේසියාවේ
සැන්ටා බාබාරා කණ්ඩායම ඉදිරියේ පරාජය වූ
(20 – 25,25 -16,25 – 17 සහ 25 -18) ශ්‍රී ලංකා විදේශ සේවා කණ්ඩායම ටියැන්ජින්
කණ්ඩායම හමුවේ පරාජය ලැබුවේ 25 -7,25 – 9 සහ 25 -9 ලෙස ය.
ශ්‍රී ලංකාව තරග වදින බී කාණ්ඩයේ අවසාන තරගය වන
කසකස්තානයේ ෂෙටීසු අල්මාටි කණ්ඩායම වන තරගය 25 වන දා පැවත්වීමට නියමිතය.කසකස්ථාන්
කණ්ඩායම ප්‍රබල දක්ෂතා ඇති ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන අතර ඔවුන් චීන
කණ්ඩායම හමුවේ පරාජය ලැබුවේ වට 3 – 2 ක් ලෙස විශාල තරගයක් ලබා දීමෙන් අනතුරුවය.
ඡායාරුපයේ දැක්වෙන්නේ විදේශ සේවා කණ්ඩායම සහ සැන්ටා
බාබරා කණ්ඩායම අතර පැවති තරගයේ අවස්ථාවකි.
No comments:
Post a Comment