Apr 26, 2012

තරග තුනම පැරදුනත් අර්ධ අවසාන වටයට තවත් අවස්ථාවක් ඉතිරිව තිබේ


තායිලන්තයේ නකෝන් තචසිමා හී පැවත්වෙන ආසියානු කාන්තා කණ්ඩායම් වොලිබෝල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම ඊයේ කසකස්තානය නියෝජනය කරන ෂෙටිසු අල්මාටි කණ්ඩායම සමග පැවති තරගයෙන් 3 – 0 ක පරාජයක් ලැබුවද තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් නවය අතරින් අවසන් කණ්ඩායම් 8 අතරට පත් වීමට තවත් අවස්ථාවක් හිමි වී ඇත.තරගාවලියේ බී කාණ්ඩයෙන් තරග වැදුණු කණ්ඩායම් 4 අතරේ චීන සහ මැලේසියා කන්ඩායම් ඉදිරියේ පරාජයට පත් වී සිටි ශ්‍රී ලංකාව කසකස්තානය ඉදිරියේ ද  25 /11,25 / 13, සහ 25 /09 ලෙස පරාජයට පත් වූ පසු  හතරවන ස්ථානයට පත් වුව ද කණ්ඩායම් පහක් නියෝජනය කළ ඒ කාණ්ඩයේ පස්වන ස්ථානයට පත් මියන්මාරය නියෝජනය කරන ආසියා වර්ල්ඩ් කණ්ඩායම සමග තරග වැදීමට නියමිත අතර එහි ජයග්‍රාහක කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව හිමි වේ.
ආසියා වර්ල්ඩ් සහ ශ්‍රී ලංකා විදේශ සේවා කණ්ඩායම අතර තරගය අද පැවත්වෙන අතර අද තරගය ජය ගැනීමට ශ්‍රී  ලංකාවට අවස්ථාව ලැබෙන්නේ නම්  හෙට ජපානය නියෝජනය කරන ටෝරි ඇරෝස් කණ්ඩායම සමග තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

No comments: