Apr 22, 2012

වසරේ හොදම කාලය සෙමෙන්යා ගෙන්


මීටර් 800 කාන්තා ඉසව්වේ මේ වසරේ ලොව හොදම කාලය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ කැස්ටර් සෙමෙන්යා ප්‍රිටෝරියා හී පැවති යෙලෝ පේජස් මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන අදියරේදී සමත් වූවාය.තමාට හුරු පුරුදු ප්‍රිටෝරියා ධාවන පථයේදී සෙමෙන්යා විසින් මීටර් 800 ඉසව්ව විනාඩ් 1:59.60 කින් නිමා කළ අතර එය මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 සදහා වන පරිසාධන මට්ටමට වඩා තත්පර .30 කින් ඉදිරියට පැමිණීමකි.
සෙමෙන්යා තවමත් 21 හැවිරිදි වියේ පසුවන අතර ඇය 2009 ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 800 ඉසව්ව විනාඩි 1:55.45 කින් ජය ගනිමින් මුළු ලෝකයේම අවධානය දිනා ගත්තාය.ඒ ඇයගේ සූර ධාවනය සම්බන්ධයෙන් පමණක් නොව ඇය ගේ පෙණුම අනුව ඇය පිරිමියෙකුද ගැහැණියක ද යන්න තීරණය කර ගැනීමේ පරීක්ෂණ ගණනාවකට ද ඇයට මුහුණ දෙන්නට වු බැවින් ය.

No comments: