ජගත් කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියට සුදුසකම්
ලබන ආසියානු කාන්තා වොලිබෝල් කණ්ඩායම් නිර්ණය කිරීම සදහා තායිලන්තයේ නාකොන් රචසිමා
හී පැවත්වෙන ආසියානු කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ ප්‍රථම තරගයට සහභාගී
වූ ශ්‍රී ලංකාව නියෝජනය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම සිය ප්‍රථම
තරගයේදී මැලේසියාවේ සැන්ටා බාබරා කණ්ඩායම ඉදිරියේ වට 3 – 1 ක පරාජයක් ලැබුවාය.මෙම
තරගාවලිය සදහා විදේශ සේවා කණ්ඩායම සුදුසුකම් ලබාගත් 2010 ජාතික වොලිබෝල් සූරතාවලිය
ඇතුළු පසුගිය කාලයේ එම කණ්ඩායම ලද සෑම ජයග්‍රහණයකම පිටුපස සිටි ලීනා සදමාලි ආබාධ
තත්ත්වයේ පසුවන හෙයින් ඇය නොමැතිව මෙම තරගාවලියට සහභාගි වන විදේශ සේවා කණ්ඩායමට
ඇයව ඇතුළත් වී නැත.ඒනිසා ඇය මූලිකත්වය ගෙන පාදා දුන් මාර්ගයේ ඇය පමණක් නොමැතිව
සෙසු ක්‍රීඩිකාවන්ට ආසියාවේ ප්‍රබලතම වොලිබෝල් කණ්ඩායම් හමුවේ තරග වදිමින්
අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන තරගය සදහා හෙට (23) මුහුණ
දීමට නියමිතය.ඒ චීනය නියෝජනය කරන ටියැන්ජින් බ්‍රිජ්ස්ටෝන් කණ්ඩායමට එරෙහිවය.එසේම
තරගාවලිය ආශ්‍රිතව පැවති වියට්නාමයේ වීටීවී බින් ඩියෑන් ලෝන් ඇන් කණ්ඩායමට එරෙහිව
පැවති තරගයෙන් මියන්මාරයේ ඒසියා වර්ල්ඩ් කණ්ඩායම වට 3 – 0 ලෙස පරාජය වූවාය.
No comments:
Post a Comment