Mar 18, 2012

හෙට සටනට උපාලි සහ ගාමිණි සූදානම්


හෙට මීගමුවේදී දෙවන මීගමු ජාත්‍යන්තර රෝද පුටු විවෘත පාපැදි තරගාවලිය ඇරඹෙන අතර ඒ සදහා ඉදිරිපත් වන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල  75 වන ස්ථානයේ සිටින උපාලි රාජකරුණා මෙන්ම 95 වන ස්ථානයේ සිටින ගාමිණි වික්‍රමසිංහ ද හොද සූදානමින් සිටින බව ශ්‍රි ලංකා ටෙනිස් ආරංචි මාර්ග පැහැදිළි කරයි.මෙම තරගාවලියට ලොව 28 සහ 42 වන ස්ථාන වල සිටින චිලී ක්‍රීඩකයා සහ 42 වන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකා ක්‍රීඩකයා සහභාගි වුව ද ජගත් වැලිකල යටතේ මනා කැපවීමකින් පුහුණුවීම් කර සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක දෙපළ සිය මව්බිමේදී පහසුවෙන් පරාජය භාර නොගනු ඇතැයිද ශ්‍රී ලංකා ටෙනිස් ආරංචි මාර්ග පැහැදිළි කරයි.
ඇමෙරිකානු ඩොලර් 2000 ක මුදල් ත්‍යාගයක් වෙනුවෙන් ක්‍රියාත්මක තරගාවලිය හෙට ඇරඹි 21 වන දින අවසන් වීමට නියමිතය.

1 comment:

හෙලයෙක්ගෙන් ලොවට said...

ජයෙන් ජයම පතනවා... බ්ලොග් වලත් අපි වගේ ජනප්‍රිය දේ ගැන, ජනප්‍රිය නම් ගැන නැතිව මේදේවල් දැන්නුවාට ස්තූතියි. උපාලි සහ ගාමිණී සොයුරන්නට ජයෙන් ජයත් අපේ ලක්බිමේ නම තව තවත් ඔපවත් කරන්නටත් ධෛර්‍ය ශක්තිය ලැබේවා!!!