අද සිට මාර්තු 29 දක්වා පකිස්තානයේ ලාහෝර් නුවර දී
පැවත්වෙන දකුණු බටහිර ආසියාතික බේස්බෝල් තරගාවලියට සහබාගි වන ශාලිත පෙරේරා ගේ
නායකත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් සැදුම් ලත්
ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔවුන් ප්‍රථම තරගයට සහබාගි
වන්නට නියමිතව ඇත්තේ 25 වන දෘ ඉරාන කණ්ඩායම සමගය.කණ්ඩායම සමග මෙම තරගාවලියට
පුහුණුකරු ලෙස එක්වන 1977 ලෝක සූරතාවලිය
ජයගත් කොරියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන්ම වර්ථමානයේ කොරියාවේ වෘත්තීය
පුහුණුකරුවෙකු ද වන කිම් ජුන්ග් සූ කණ්ඩායම පිළිබදව දැඩි විශ්වාසයකින් පසුවන අතර
විශේෂයෙන් දකුනු ආසියාතික කළාපයේ ප්‍රමුඛයන් වෙමින් පකිස්තානය පරාජය කිරීමට
හැකිවෙනු ඇතැයි විශ්වාසය පළ කර සිටියේය.
කණ්ඩායමේ කළමණාකරු ලෙස රජිත් රත්නායක සහභාගි වන අතර සහය
පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වන්නේ අමිල බන්දු පතිරාජ ය.පාසල් සංගමය නියෝජනය කරමින්
තරගාවලියට සුජිත් කුමාර එක්වන අතර මෙම තරගාවලියේදී විනිසුරුවකු ලෙස ප්‍රියන්ත
පීරිස් කටයුතු කිරීමට නියමිතය.
තරග කාල සටහන පහත දැක්වෙන්නේය
1.පකිස්තානය
සහ ඉරානය
23/3/ 2012
2.පකිස්තානය
සහ ඇෆ්ගනිස්තානය
24/3/ 2012
3.ශ්‍රී
ලංකාව සහ ඉරානය
25/
3/ 2012
4.ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය
26
/3/ 2012
5.ඇෆ්ගන්ස්තානය
සහ ඉරානය
27 /3
/2012
6.ශ්‍රී
ලංකාව සහ පකිස්තානය
28/ 3/2012
No comments:
Post a Comment