Mar 22, 2012

ශ්‍රී බංග්ලා පිටිය හිස් ගොඩක් වන ලකුණු


සියානු කුසලාන තරග ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහභාගි නොවන අවසාන තරගයක් ලෙස අද බංගලාදේශයේ මිර්පූර් හී ශ්‍රී බංගලා ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන පකිස්තානය සහ බංගලාදේශය අතර තරගයේ දී,ක්‍රීඩාංගණය එකම හිස් ගොඩක බවට පත්වනු ඇති බවට බංගලාදේශ ජනමාධ්‍යය විශ්වාසය පළකරයි.ඉතිහාසයේ ක්‍රිකට් තරගයක් නැරඹීම  සදහා සහභාගි වූ  වැඩිම ප්‍රේක්ෂක පිරිස මෙම තරගය නරරඹීමට සහභාගි වනු ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විටත් ලෝක සූරතා දෙකක් දිනූ ඉන්දියාව,සහ ලෝක සූරතාවයක් සහ අනු සූරතා දෙකක් දිනා ඇති ශ්‍රී ලංකාව පරාජය කර ඇති බංගල‍ාදේශය අද තරගයේදී පකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ ඒ ජයග්‍රහණයන්ගෙන් ඇති කර ගත් දැඩි විශ්වාසය සහිතවය.පළමු වටයේ දී පකිස්තානය ඉදිරියේ පරාජය වුව ද ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එරෙහිව දක්වා ඇති දක්ෂතා අනුව පකිස්තානය මේ තරගයට පිවිසෙන්නේ ද බංගලාදේශය පිළිබදව ඇති කර ගත් යම් තැති ගැන්මකින් විය යුතුය.
නායක මුෂ්ෆිකර් රහීම් බංගලාදේශ නායකත්වයට පත්වීම පිළිබදව විවිධ කතා පැතිරුණද ඔහු තරග පිටියේ නායකයෙකු ලෙස ඉක්මණින් පරිනත වී ඇති බව මෙම තරගාවලියේදී පැහැදිළි කර ඇති අතර හිටපු නායක සකීබ් අල් හසන් දැනට එක්දින පිටියේ ශ්‍රේණිගත කිරීම්වල හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සිටීමට තමාට ඇති සුදුසුකම මේවන විටත් පැහැදිළි කර ඇති අතර ලෝක සූරයන් සහ අනු සූරයන් පරාජය කළ තරග ද්විත්වයේම තරගයේ වීරයා වීමේ භාග්‍යය ලැබුවේ සකීබ්ය.
පුහුණුකරු වට්මෝර් ඊයේ පකිස්තාන් කණ්ඩායම සමග විශේෂ උනන්දුවකින් පුහුණු කටයුතු වල යෙදෙන අන්දම විදෙස් ජනමාධ්‍යයට විශේෂ ප්‍රවෘත්තියක් වී තිබූ අතර නිහඩ සහ දැඩි බවෙන් යුත් නිවැරදි සහ සෘජු තීරණ ගැනීමෙහිලා සමත් නායකයෙකු බව මේ වන විට පසක් කර ඇති පකිස්තාන් නායක මිස්බා උල් හක් ගේ නායකත්වය අද තරගයේදී බංගලාදේශ හීනයට එරෙහිව දැවැන්ත අභියෝගයක් වනු නිසැකය.විශේෂයෙන් මේ වන විට හඹා යාමේ කුසලතාවයෙන් යුතු කණ්ඩායමක් ලෙස මේ තරගාවලිය තුළ කැපී පෙනෙන බංගලාදේශය මේ තරගයේදී හඹායාම තෝරා ගැනීමේදී දෙවරක් සිතිය යුතුව ඇත.පළමු වැන්න පකිස්තාන් පිතිකරුවන් පළමුව පන්දුවට පහර දී දිගු ඉණිමක් ගොඩ නැගීමට සමත් වුවහොත් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ ඇත.එසේම ලකුණු හඹා යාමේදී එකිනෙකට වෙනස් පන්දු යැවීමක නිරත පකිස්තානු පන්දු බල ඇණිය උපක්‍රමශීලි ලෙස ප්‍රයෝජනයට ගන්නා නායක මිස්බා උල්හක් ගෙන් ලකුණු ලබා ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත.

No comments: