ගෙවුණු ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත් වූ
රිකී පොන්ටින් කොමන්වෙල්ත් බැංකු තරගාවලියේ හයවන තරගය ලෙස අද ක්‍රියාත්මක වීමට
නියමිත ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දෙන බව ඕස්ට්‍රේලියානු
ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.මයිකල් කලාක් ගේ කලවා ප්‍රදේශයේ ඇති වී තිබෙන
ආබාධිත තත්ත්වයක් නිසා අද තරගයට සහභාගි නොවන අතර ඒ නිසා නායකත්වයේ වගකීම රිකී
පොන්ටින්ට පැවරීමට තීරණය වී ඇත.
මේ තරගාවලියේ තවමත් එකදු ජයග්‍රහණයක් හෝ අත් කර ගැනීමට
අපොහොසත් වූ කණ්ඩායම බවට පත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවන්
ලෙස ගැනෙන තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග,කුමාර සංගක්කාර හෝ නායක මහේල ජයවර්ධන
ගෙවුණු තරග 5 තුළම අර්ධ ශතකයක් හෝ අත් කර ගෙන නැති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය
කරන්නට නම් මේ අය අතරින් එක් අයෙකු හෝ
දීර්ඝ ඉණිමක් ක්‍රීඩා කළ යුතුව ඇති බව ජාත්‍යන්තර විචාරකයන්ගේ මතය වී ඇත.දිනේෂ්
චන්දිමාල් මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරුවා බවට පත් වී සිටින අතර
ඔහු ට අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් සැළකිය යුතු සහයෝගයක් නොලැබීම ද මෙහිදී කැපී
පෙණින.
ශ්‍රී ලංකාව තවමත් තුන් ඉරියව් ක්‍රීඩකයන් සහ පිතිකරුවන්
සදහා කණ්ඩායම් සංයුතියේ වැඩි ඉඩක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර නැති අතර විශේෂයෙන්
සචිත්‍ර ඇලෙක්සැන්ඩර් තාවකාලික නවාතැන්කරුවෙකු ලෙස කණ්ඩායමේ අස්ථාවර කිරීම නවතා
ඔහුට හොද ස්ථාවරයකින් කටයුතු කිරීමේ මානසික
ස්ථාවරයක් ඇති කළ යුතුව ඇත.
No comments:
Post a Comment