කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම පරාජය ඕස්ට්‍රේලියාවට අත්කර දුන් ඉන්දියාව කඩුලු හතරකින් ඕස්ට්‍රේලියාව පරාජය කළා.කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පලමුවරට ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි පීටර් ෆොරෙස්ට් (66) සහ ඩේවිඩ් හසී (72) අතර රොක්වුණු ඕස්ට්‍රේලියානු ලකුණු සටහන ඒවර් 50 නිමාවන විට කඩුලු 8 ට ලකුණු 269 ක් ව පැවතියා.තගාවලිය පුරාම කඩුලු අතර සිටින ඉන්දීය පන්දු යවන්නා වන විනේ කුමාර් මෙම තරගයේදී ද ලකුණු 58 ට කඩුලු 2 ක් දවා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වු උමේෂ යාදෙව් ලකුණු 49 ට කඩුලු 2 ක් දවාලීය.
පිලිතුරු ඉණිමට පිවිසි ඉන්දියාවේ පිතිකරුවන් එක් අන්තයකින් දැවි යද්දී සිය අන්තය සුරකමින් පීඩනයක් ගොඩ නැගෙන්නට නොදුන් ගෞතම් ගාම්බීර් පන්දු 111 කින් ලකුණු 92 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය ඉන්දියාව දෙසට හැරවීමට මුල් වෙමින් තරගයේ වීරයා විය.ඔහු විසින් ගොඩ නැගූ සාර්ථක අඩිතාලම බිද වැටෙන්නට නොදුන් නායක මහේන්ද්‍ර සිං දෝනි තරගයේ අවසාන භාගය සිය පාලනයට යටත් කර ගත් අතර ඔහු නොදැවී ලකුණු 44 ක් රැස් කරන්නට සමත් විය.
ක්ලින්ට් මැකී ලකුණු 53 ට කඩුලු 3 ක් දවාලමින් ඉන්දීය ජය ප්‍රමාද කළ ද තරගයේ අවසාන ඕවරය යැවීමට භාර වූ ඔහු ට සිය පන්දු ඕවරය නිමා කරන්නට තව පන්දු 2 ක් ඉතිරිව තිබිය දී ජයග්‍රහී ඉන්දීය ලකුණ වාර්තා වූ අතර ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 270 ක් බවට පත්විය.
තරගයේ නිල ලකුණු පූවරුවට පහත සදහන් සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518959.html
www.supirikrida.com

No comments:
Post a Comment