කලෙකට පසුව ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ජය
ගනිමින් ජයග්‍රහණයේ රස භුක්ති වදීමට භාග්‍යය ලද ඉන්දියාව අද එම ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට
එරෙහිවද භුක්ති විදීමේ දැඩි උවමනාවකින් පසුවෙයි.විශේෂයෙන් විරාට් කෝලි ලකුණු අතරට
පිවිස සිටීම මෙන්ම රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් තුන් ඉරියව්වෙන්ම
දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීම නිසා ඉන්දියාව වෙනදාට වඩා විශ්වාසයක් ඇතිව මෙම
තරගයට පිවිසෙනු ඇත.
ප්‍රවීන නම්වලට වඩා කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ඉහළ
දස්කම් දැක්වීම වැදගත් බව ප්‍රකාශ කරමින් නවක දක්ෂයන් සමග ගමණක් යාමේ අභියෝගය
භාරගත් මයිකල් ක්ලාක් ද සිය ජයග්‍රාහී ගමන ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ දෙනු ඇතැයි
විශ්වාස කළ නොහැකිය.ඒ නිසා අද තරගය වඩා විවෘත සහ තරගකාරී තත්ත්වයෙන් ඉහළ යනු ඇතැයි
විශ්වාස කළ හැකිය.
No comments:
Post a Comment