මොරටුව තරුණ ක්‍රිස්තියානි
සංගමය සහ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන කණීෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය
මාර්තු 17 සහ 18 යන දෙදින තුළ මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී
පැවත්වෙනවා.අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ ක්‍රීඩත ත්‍රීඩිකාවන් වෙනුවෙන් තරග
පැවත්වෙන මෙම තරගාවලිය එම වයස් ඛාණ්ඩයේ බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට
පමණක් විවෘත වෙනවා.
මෙම තරගාවලිය
සදහා සහභාගි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාර්තු 8 වන දිනට පෙර
අයදුම්පත් යොමු කළ යුතුය.ඒ පිළිබදව වැඩි තොරතුරු මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ
ලේකම් (0112-648961) හෝ තරග ලේකම් (071821705) ඇමතීමෙන් ලබා ගැනීමේ අවස්ථාව ඇත.
No comments:
Post a Comment