ජාතික මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන 2012 ජාතික මලල ක්‍රීඩා
ලීග් තරගාවලියේ පළමු පියවර අප්‍රේල් 28 -
29 යන දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා
ඇත.තරගාවලිය සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය අයදුම් පත් අප්‍රේල් 05 දාට
පෙර යොමු කළ යුතු අතර තරගාවලිය සදහා ඇතුළත් වීමේ අයදුම් පත් සහ වැඩි තොරතුරු අප
වෙබ් අඩවියේ ඇති ‘National Athletic
League(1st
Leg) – 2012 application’ බැනරය
තෙරපීමෙන් ලබා ගැනීමට හැකිය.
වසරේ පැවත්වෙන පළමු තරගාවලිය මෙන්ම ලබ්ඩන් ඔලිම්පික්
උළෙලේ පරිසාධන මට්ටමට ආසන්නව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනා ඒ සදහා මෙම
තරගාවලියේ දී දරණ උත්සාහයද ගත් විට මෙම තරගාවලිය තුළ දැඩි තරගකාරීත්වයක් අපේක්ෂා
කළ හැකිය.
No comments:
Post a Comment