කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියේ අවසාන
තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව තව දුරටත් ශක්තිමත් කළ ඉන්දියාව ඊයේ
ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 87 ක පරාජයක් ලැබීය.ඒ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණක්
ද සමගින් වන අතර ඒ ආකාරයට මේ තරගාවලිය තුළ ඉන්දියාව ප්‍රසාද ලකුණු සමග ඕස්ට්‍රේලියාවට
ජය ගන්නට දුන් තෙවන අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකිය.මේ අනුව ඕස්ට්‍රේලියාවට සහ
ඉන්දියාවට තවත් ඉතිරිව ඇත්තේ මේ තරගාවලියේ මූලික වටයේ එක් තරගය බැගින් වුව,ශ්‍රී
ලංකාවට තරග දෙකක් ඉතිරිව ඇත.
මේ තත්ත්වය මත ඉන්දියාව ඉතිරිව තිබෙන ශ්‍රී ලංකාව සමග
තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගතහොත් පමණක් ලකුණු සටහනේ ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග
සම ලකුණු තත්ත්වයට පිවිසීමට අවස්ථාවක් ඇත.නමුත් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව සමග
තරගය ජය ගෙන ඒ තත්ත්වය වෙනස් කරන්නට අවස්ථාවක් ඇති අතර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව
සමග තරගය සහ ඉන්දියාව සමග පරාජය වුව ද,ලකුණු ලබා ගැනීමේ වේගය අතින් දැනට තිබෙන
තත්ත්වය අනුව ඉන්දියාවට ශ්‍රී ලංකාවේ දළ ලකුණු වේගය ඉක්මවා යාමට අවස්ථාවක්
ලැබේයැයි සිතීම අපහසුය.
ඊයේ ඉන්දියාව පරාජය වූ තරගය ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්
ට අතිශයින් වැදගත් තරගයක් විය.යළි සෞඛ්‍ය තත්ත්වය මත නායක මයිකල් ක්ලාක් ඊයේ තරගයට
සහභාගි නොවූ අතර ඒ නිසා වොට්සන්ට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට පළමු වරට නායකත්වය
දීමේ අවස්ථාව ලැබිණ.එමෙන්ම නායකයෙකු ලෙස මෙන්ම මෙම තරගාවලියේ දී පළමුවරට ක්‍රීඩා
පිටියට පිවිසෙන්නට ද අවස්ථාව ලද වොට්සන් එම දෙයාකාර පිවිසීම ජයග්‍රාහී ලෙස අවසන්
කරන්නට සමත් විය.
සිය පළමු මෙහෙයවීමේ දී කාසියේ වාසිය ලබන්නට ද වාසනාවන්ත
වූ ෂේන් වොට්සන්ට සිය ප්‍රහාරාත්මක පිතිකරණ රටාව පවත්වා ගෙන යන්නට ඉන්දීය පන්දු
යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණ.වොට්සන් ගේ ඉණිම ලකුණු 1 ට සීමා නමුත් ඔහු සමග ඉණිම ඇරඹු
ඩේවිඩ් වෝනර් ලකුණු 68 ක් ලබා ජයග්‍රහණයේ අඩිතාලම සකස් කරමින් තරගයේ වීරයා ද
විය.මේ තරගාවලියේ වොට්සන් ගේ පැමිණිම නිසා ආරම්භක පිතිකරුගේ කාරියෙන් මිදී මැද පෙළ
ශක්තිමත් කිරීමට සිදුවුණු මැතිව් වේඩ් ලකුණු 56 ක් ලැබීය.පිතිකරුවෙකු ලෙස අසාර්තක
වී සිටින විරේන්ද්‍ර ෂෙවාග් පන්දු යැවීමෙන් සාර්ථක වෙමින් ලකුණු 43ට කඩුලු 3 ක්
ලැබීය.
No comments:
Post a Comment