මෙවර ඕස්ට්‍රේලියානු ඇවිදීමේ පිරිමි සහ කාන්තා සූරතාවයන්
පිළිවෙලින් ජයගත් ජෙරාඩ් ටැලන්ට් සහ ක්ලෙයා
ටැලන්ට් අඹු-සැමි යුවළ එම ජයග්‍රහණ හරහා 2012 ලන්ඩන් ඔලිම්පික් අළෙල සදහා
සුදුසුකම් ලබා ගත්තේය.මීට පෙර 2008 බීජිං ඔලිම්පික් උළෙලේ අවිදීමේ තරග ඉසව්වෙන්
රිදී සහ ලෝකඩ පදක්කම් ලබා සිටින ජෙරාඩ් අත්දැකීම් ඇති ඇවිදීමේ සූරයෙකු වන අතර ඇයගේ
බිරිදද මෙවර එම හැකියාවන් හි ආශිර්වාදය තුරුළු කර ගනිමින් මෙවර ඔලිම්පික් නියෝජනය
සදහා ඇවිදීමේ ඉසව්වෙන් ඉහළම සුදුසුකම් ලබා
ගැනීම කැපී පෙනෙයි.
මෙවර ඕස්ට්‍රේලියානු ඇවිදීමේ තරගාවලියේදී ජෙරාඩ් සහ සිය
බිරිද පමණක් නොව ජෙරාඩ් ගේ යොවුන් සහෝදරිය වන රැචෙල් ටැලන්ට් ද මෙහිදී අවුරුදු 20
න් පහළ කාන්තා තරගය ජය ගන්නට සමත් වූවාය.
No comments:
Post a Comment