පකිස්ථානයේ මාර්තු 22 දා සිට 28 දා දක්වා පැවත්වෙන බටහිර
ආසියාතික බේස්බෝල් තරගාවලිය දිනා ගැනීමේ සැළසුම දියත් කිරීම සදහා කොරියානු
පුහුණුකරුවෙකු ගේ උපකාරය ලබා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය තීරණය කර ඇත.ඒ
අනුව කොරියානු වෘත්තීය පුහුණුකරුවෙකු වන කිම් ජුන්ග් සූ නව ජාතික බේස්බෝල් පුහුණුකරු
ලෙස පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළේය.
1997 ලෝක සූරතාවය දිනූ කොරියානු බේස්බෝල් කණ්ඩායමේ සාමාජිකයෙකු
වූ කිම් පසුව පුහුණුකරුවෙකු ලෙස කොරියාවේ ප්‍රථම පෙළේ කණ්ඩායම් වලට වෘත්තීයමය පුහුණුකරුවෙකු ලෙස
දායකත්වය ලබා දී ඇත.දකුණු ආසියාතික මට්ටමෙන් මේ වන විට පකිස්තානයට පමණක් දෙවන ව
සිටියද පසුගිය කාලයේ අවස්ථා ගණනාවක දී ඔවුන් පරාජය කිරීමේ හැකියාව ඇති බවට ඔප්පු
කර පෙන්වා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ
තරගාවලියේදී පකිස්තානයේදීම එය නිල ලෙස ඉටු කරනු ඇතැයි ශ්‍රී ලංකා බේස්බෝල්
කණ්ඩායමේ නව පුහුණුකරු ගේ සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ එම සම්මේලන
සාමාජිකයෙක් සුපිරික්‍රීඩා වෙත පැවසීය.
ඡායාරූපයේ දැක්වෙන්නේ නව පුහුණුකරු කිම්, ක්‍රීඩා අමාත්‍යවරයා
හමු වූ අවස්ථාවයි.
No comments:
Post a Comment