මේ දිනවල ප්‍රංශයේ ක්‍රියාත්මක අන්තර්ජාතික අබාධිත වූවන් සදහා වන ක්‍රීඩා තරගාවලියේ ටී 47 දරණ කාණ්ඩයේ මීටර් 400 තරගයට ඉදිරිපත් වූ ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනූ ප්‍රදීප් සංජය මෙම තරගයේ අවසන් පූර්ව තරගය ජය ගත්තේ දෙවැන්නා වෙමින්.තත්පර 50.23 ට තරගය නිම කළ ප්‍රදීප් අවසාන තරගයට තේරී පත් වී සිටින අට දෙනාගෙන් පෞද්ගලික දක්ෂතාවය අනුව සංජය ඉදිරියෙන් සිටියි. ඒ නිසාම අද පැවත්වෙන ටී 47 අවසාන තරගයේ දී මංතීරු හතරේ තරග වැදීමේ භාග්‍යය දිනා ගැනීමට සංජය සමත් වී සිටියි.මේ සමග දැක්වෙන්නේ තරග වැදුණු අයුරු දකින යූ ටියුබ් රූප පෙළක්ය
Jul 25, 2013
ශ්‍රී ලංකා පිතිකාරිණියෝ පන්දු 10 න් තරගය හමාර කරයි
ජපාන කණ්ඩායම ලකුණු 21 ට සීමා කරන්නට මුල් වූ ආරම්භක පන්දු යවන්නිය වූ උප නායිකා කෞශල්‍යා ලොකුසූරිය ලකුණු 5 ට කඩුලු 2 ක් ලබා ජපාන සංචාරය ආරම්භ කිරීම සළකා ඇයට තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මානය පිරිනැමුණු අතර ඉකුත් තරගයේ කැනඩාව පරාජය කිරමට මූලිකත්වය ගතු චන්දිමා ගුණරත්න ලකුණු 2 ට කඩුලු 2 ක් දවා ගත්තා.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-qualfier-2013/engine/current/match/640935.html සබදතාවය උපයෝගී කර ගෙන සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකියි.
ලංකාව 20 / 20 න් උඩ එයි
ජාත්‍යන්තර 20/20 නවතම රිලයන්ස් ජගත් ශ්‍රේණිගත කිරීම් වල දී ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.එහි දෙවන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම විසින් හිමි කර ගෙන ඇති අතර තෙවනනස්ථානයේ ඉන්දියාව පසු වෙනවා.
ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණිය ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී පතුලටම ඇද වැටෙන බවක් දකින්නට ලැබෙනවා.එහි හත් වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවය පසු පසින් සිටින්නේ නවසීලන්තය,බංගලාදේශ්‍ය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පමණයි.ලංකාවේ පැවත්වීමට නියමිතව තිබූ එස්එල්පීඑල් තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ ටෙස්ට් තරග වලට ක්‍රීඩක ආශිර්වාදය ද ඇතිව පයින් ගැසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම තරගාවලිය පැවත්වීමට ද නොහැකි වූ අතර වැටී තිබෙන තත්ත්වය අනුව තරග නොමැති වීමෙන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පහතටම වැටීමේ අවදානම තව තවත් තීව්ර වෙමින් ද තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී මේ මොහොත වන විට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව සමග වන තරගාවලියේදී ටෙස්ට් තරග ඇතුළත්ව තිබුණා නම් දකුණු අප්‍රිකාවට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවස්ථාවට වඩා වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඉදිරියට එන්නට තිබෙන බව කණ්ඩායම් දෙක ශ්‍රේණිගත කිරීම් හි සිටින තැන සළකා බලද්දී පැහැදිළි වෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් හි දී දෙවන තැනට පත්ව සිටින ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු තැනද රැදෙන බැවින් ශ්‍රේණිගත කිරීම් හී අංශ තුනෙන්ම පළමු කණ්ඩායම් තුන අතර රැදෙන්නට ඉන්දියාවට හැකි වී තිබෙනවා.ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී සිටින්නේ සිව්වන තැනයි.
www.supirikrida.com
ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණිය ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී පතුලටම ඇද වැටෙන බවක් දකින්නට ලැබෙනවා.එහි හත් වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවය පසු පසින් සිටින්නේ නවසීලන්තය,බංගලාදේශ්‍ය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පමණයි.ලංකාවේ පැවත්වීමට නියමිතව තිබූ එස්එල්පීඑල් තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ ටෙස්ට් තරග වලට ක්‍රීඩක ආශිර්වාදය ද ඇතිව පයින් ගැසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම තරගාවලිය පැවත්වීමට ද නොහැකි වූ අතර වැටී තිබෙන තත්ත්වය අනුව තරග නොමැති වීමෙන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පහතටම වැටීමේ අවදානම තව තවත් තීව්ර වෙමින් ද තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී මේ මොහොත වන විට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව සමග වන තරගාවලියේදී ටෙස්ට් තරග ඇතුළත්ව තිබුණා නම් දකුණු අප්‍රිකාවට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවස්ථාවට වඩා වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඉදිරියට එන්නට තිබෙන බව කණ්ඩායම් දෙක ශ්‍රේණිගත කිරීම් හි සිටින තැන සළකා බලද්දී පැහැදිළි වෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් හි දී දෙවන තැනට පත්ව සිටින ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු තැනද රැදෙන බැවින් ශ්‍රේණිගත කිරීම් හී අංශ තුනෙන්ම පළමු කණ්ඩායම් තුන අතර රැදෙන්නට ඉන්දියාවට හැකි වී තිබෙනවා.ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී සිටින්නේ සිව්වන තැනයි.
www.supirikrida.com
ඩම්බෙල් ක්‍රීඩා සමාජය මහා කඹ ඇදිල්ලක
පූගොඩ ඩම්බෙල් ෆිට්නස් ක්‍රීඩා සමාජය ප්‍රථම වතාවට සංවිධානය කරන මෙම තරගාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 20,000 ක මුදලක් පිරිනමන අතර දෙවන සහ තෙවන ස්ථාන සදහා පිළිවෙලින් රුපියල් 15,000 ක් සහ 10,000 ක් පිරිනැමීමට නියමිතය.කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය සදහා රුපියල් 10000 ක් ද දෙවන ස්ථානය සදහා රුපියල් 5000 ක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.
www.supirikrida.com
ඉන්දීය ගැටවරයෝ චාමික ඉදිරියේ තරමක් දුරට මෙල්ල වෙති
ශ්‍රී ලංකාවේ සිය වයස් කාණ්ඩයේ ජාතික බැඩ්මින්ටන් සූරයා මෙන්ම එම වයස් සීමාවට අදාළව හෙල්ල වීසී කිරීමේ සූරයාද වන චාමික ශ්‍රී ලංකා අවුරුදු 17 න පහළ කණ්ඩායමේ නායකත්වයට යෝජිතව සිටින දුර්ලභ ක්‍රීඩා හැකියාවන් සහිත ජාතික සම්පතකි.මෙවැනි වයස් ඛාණ්ඩවල ක්‍රීඩකයන් තේරීමේදී හොදින් සැළකිලිමත් වීම අත්‍යවශ්‍යය කාරණයක් වන අතර ඉන්දියාව එය කෙතරම් හොදින් කර තිබේද යන්න කණ්ඩායමේ පිතිකරු සංචිතයේ ක්‍රියාකාරීත්වය පැහැදිළි කරේය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිළට තරගයේ අටවන ඕවරයේදි සිය කණ්ඩායම් නායකයාගේ කඩුල්ල අහිමි වූ අතර ලකුණු 6 ක් පමණක් ලබා දෙමින් කුසල් මෙණ්ඩිස් පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 15 ක් පමණක් විය.ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු ලකුණු පූවරුව කඩුලු 1 ක් දැවී ලකුණු 23 ක් ලෙස දැක්විණ.
ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/ci/engine/current/match/647197.html
www.supirikrida.com
රාජා ජාත්‍යන්තර පිටියට
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් කේෂ්ත්‍රයේ 80 දශකයේ මැද භාගය සහ අග භාගය තුළ දකින්නට ලැබුණු සුවිශේෂී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර රාජා විමලසිරි ට හිමි වූයේ ප්‍රමුඛ තැනකි.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ රාජා නමින් රවීන්ද්‍ර විමලසිරි වුව ද වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ජොරා යන නමින්ය.පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කොකාකෝලා එක්දින කුසලානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේම අවධානය දිනා ගන්නා මොහොතේ ඒ වෙනුවෙන් දැක් වූ දායකත්වය වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලැබුණේ ද රාජා ට ය.එම කණ්ඩායමේ සිටි දීපාල් ගුණවර්ධන, පසන් වනසිංහ,වැනි බොහෝ ක්‍රීඩකයන්ට ජයග්‍රහණයේ මතකයන් ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දොරටු විවර වූ අතර රාජා ද ඒ අතර සිටියේය.ඒ නිසා ආත්ම තෘප්තිය හෙබි රජයේ වැදගත් සහ පිළිගත වෘත්තියක නියැලීමේ ගෞරවය ක්‍රීඩාවෙන් ලැබුණු දායාදය කර ජීවත් වන්නට රාජා ට අවස්ථාව හිමි වුව ද,පෞද්ගලික කේෂ්ත්‍රයේ ක්‍රිකට් සදහා හිමි මූල්‍යමය වට පිටාව ස්පර්ශ කරන්නට රාජා ට අවකාශය රාජා ට නොලැබිණ.ඒ නිසාම රාජ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇතැයි ඇතැමෙකු තුළ තිබූ විශ්වාසය ද කෙමෙන් හැකිළිණ.
www.supirikrida.com
Jul 24, 2013
චන්දිමාල් අභියෝගය ජය ගනියි
තණතීරුවේ ස්වභාවය පළමුව පන්දුවට පහර දීමට එතරම් උචිත නොවුණද,තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර සංගක්කාර දෙවන කඩුල්ල වෙනුවෙන් කල්පනාකාරිව ලකුණු 61 ක් ලබා ගත්තා.වගකීම් සපිරි ඉණිමක් දියත් කළ ඩිල්ෂාන් සිව්වන කඩුල්ල ලෙස ලකුණු 43 ට දැවි යාමෙන් ඉනික්බිති පිටියට පිවිසි නායක චන්දිමාල් ට විශාල සම්බන්ධතාවයක් පැවත්වීමට සහය දැක්විය හැකි සගයෙක් නොලැබි කළ වගකීම තමන් පිට පවරා ගනිමින් ඔහු කණ්ඩායමට වටිනා ලකුණු 43 ක් එක් කර දුන්නා.
ඒ නිසා අතරමග වැටි වර්ෂාව විසින් ශ්‍රී ලංකා ඉණිමට තිත තබද්දී ලකුණු පූවරුව පන්දු ඕවර් 49.2 දී කඩුලු නවයකට ලකුණු 223 ක් ලෙස දැක් වුණා.එම ලකුණු ප්‍රමාණය සදහා යාමේදී ශ්‍රී ලංකාවට විශාලතම හිසරදය බවට පත් වූ මෝර්නි මෝර්කල් ලකුණු 34 ට කඩුලු 3 ක් දවා ගත්තා.ප්‍රදර්ශණාත්මක පන්දු රැකීමක නිරත වූ දකුණු අප්‍රිකානුවන් අතරින් ඩිල්ෂාන් දවා ගැනීමට ඩිවිලියර්ස් රැක ගත් උඩ පන්දුව මෙන්ම චන්දිමාල්ගේ ඉණිම අවසාන කරමින් ඩුප්ලෙසිස් රැක ගත් උඩ පන්දුවත් අති විශිෂ්ඨ මට්ටමේ උඩ පන්දු වුණා.
පිළිතුරු ඉණිම ඇරඹූ දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල පළමු ඕවරයේදීම දවා ගත් ලසිත් මාලිංග රොබින් පීටර්සන් ලකුණු 3 ක් ලබා සිටියදී නැවත ක්‍රීඩාගාරයට පිටත් කර හැරියා.වර්ෂාව කිනම් මොහොතක ඇද වැටේද යන සැකය නිසා ලකුණු වේගය රදා ගැනීම සදහා නිරන්තරයෙන් උත්සාහ කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සිදු වූ අතර එහි ප්‍රතිපලය ලෙස පන්දු ඕවර් 21 වෙද්දී දකුණු අප්‍රිකානුවන්ට අහිමි වූ කඩුලු ප්‍රමාණය පහක් බවට පත් වි තිබුණා.හිමි වී තිබූ ලකුණු 104 ඒ මොහොත වන විට දැවී ගිය කඩුලු ප්‍රමාණයද සැළකිල්ලට ගැනීමේදී ලකුණු 121 ක් වූ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 17 ජයක් හිමි වුණා.රංගන හේරත් යළිත් වරක් පන්දුවෙන් දක්ෂතා පෙන්වමින් ලකුණු 16 ට කඩුලු 2 ක් දවා ගත්තා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635654.html
www.supirikrida.com
Subscribe to:
Posts (Atom)