Apr 5, 2013

19 න් පහළ සුක්කානම කුසල් ට

බංගලාදේශයේ සංචාරය කරන අවුරුදු 19 න් පහළ ක්‍රීකට් කණ්ඩායමේ නායකතවය කුසල් මෙණ්ඩිස්ට හිමි වී ඇත.මොරටුව වේල්ස්කුමර විද්‍යාලය නියෝජනය කරන කුසල්,මීට පෙර අවුරුදු 15 න් පහළ 17 න් පහළ  ජාතික පාසල් කණ්ඩායම් වලට ද නායකත්වය දී ඇති කුසල්, පළපුරුදු ක්‍රීඩකයෙකි.කණ්ඩායමේ උප නායකත්වය සදුන් වීරක්කොඩිට හිමි වී ඇත.මහනුවර ධර්මරාජය නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට පිවිසි සදුන් මෙන්ම පසුගිය කාලයේ කතා බහට ලක් වූ විවිධ ක්‍රීඩාවන්හී ජාතික තලයේ පෙරමුණේ සිටින ක්‍රීඩකයෙකු වූ චාමික කරුණාරත්න ද වේග පන්දු යවන්නෙකු ලෙස මෙම සංචිතයට ඇතුළත්ව සිටියි.

 චාමික කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
මිනෝද් බනුර - කුරුණෑගල මලියදේව,සදීර සමරවික්‍රම - ශාන්ත ජෝසප් කොළඹ,හෂාන් දුමිදු -කැළණිය ගුරුකුල,කවිදු කුලසේකර -තර්ස්ටන්,පවන් දේවින්ද - මහානාම,රොෂාන් අනුරුද්ධ -කැළණිය ගුරුකුල,බිනුර ප්‍රනානන්දු-ඩී.එස්,සේනානායක,ඩිල්ෂාන් කාංචන - රත්ගම  දේවපතිරාජ,චරිත් රාජපක්ෂ - කේරි,සවීන් නානායක්කාර - රිච්මන්ඩ් - ගාල්ල,ඒකේ ටිරෝන් - රිච්මන්ඩ් ගල්ල,රමේෂ් මෙණ්ඩිස් -ධර්මාශෝක අම්බලන්ගොඩ සහ දිනුක් වික්‍රමනායක - ත්‍රිත්ව විද්‍යාලය මෙම සංචාරයේදී සිව්දින තරග සංචිතය ලෙස නම් කර ඇති අතර මෙම සංචිතයට එක් දින තරග සදහා උචිත ක්‍රීඩකයන් ලෙස ත්‍රිත්ව විද්‍යලයේ ලක්ෂාන් ජයසිංහත් හාන්ත සිල්වෙස්තර් විද්‍යාලයේ ශානික රිද්මත් නම් කර ඇත.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවීඩ් නවාස් කටයුතු කරන අතර පන්දු රැකීමේ විශේෂඥ පුහුණුකරු ලෙස උපුල් චන්දන නම් කර ඇත.ලුතිනන් කර්නල් ශිරාන් අබේසේකර කණ්ඩායම් කළමණාකරු ලෙස කටයුතු කරන අතර ප්‍රියන්ත වික්‍රමසිංහ කණ්ඩායමට නම් කර ඇති භෞතචිකිත්සකවරයා වෙයි.අභයාසක ලෙස කණ්ඩායමට නම් කර තිබෙන්නේ ඩිලෂාන් ෆොන්සේකා ය.තොස්වින් ජයසිංහ පරිගණක දත්ත විශ්ලෙෂක ලෙස කටයුතු කරන මෙම කණ්ඩයම සමග පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් වී සිටින්නේ,ජේඒකේඑස් ඉන්ද්‍රජිත් ය.
www.supirikrida.com

Mar 28, 2013

බේස්බෝලයටත් වාරණයක්!

ශ්‍රී ලංකා බේස්බෝල් නිලවරණය 2013 සහ 1014  සහ වාර්ශික මහා සභා රැස්වීම වාරණයට ලක් කරමින් ගම්පහ දිසා අධිකරණ විනිසුරුවරිය විසින් වාරණයක් නිකුත් කරනු ලැබුවා.මාර්තු 30 දා පැවත්වීමට නියමිතව තිබූ නිලවරණය කැදවීම ව්‍යවස්ථානුකූලව සිදු නොවී ඇති බවට බේස්බෝල් ක්‍රීඩා සමාජ කිහිපයක් විසින් කර තිබූ පැමිණිල්ලක් සළකා බැලූ දිසා විනසුරුවරිය අදාළ තීරණය නිකුත් කරමින් මාර්තු 30 සහ අප්‍රේල් 7 දා දක්වා වන කාලය තුළ නිලවරණය පැවත්වීම වාරණයට ලක් කළ අතර අවශ්‍යයතාවය මත එම කාලය දීර්ඝ කිරීමට ඇති හැකියාවද පැහැදිළි කළා.
වාරණයට පටහැනිව කටයුතු කරන්නේනම් අධිකරණය මගින් දඩුවම් ලබා දීමට ඇති ඉඩ කඩ පෙන්වා දුන් දිසා විනිසුරුවරිය,නිලවරණය කැදවීම සදහා 2013 පෙබරවාරි 18 දාතමින් නිකුත් කර ලිපියද අවලංගු කරන්නට යෙදුණා.පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ජීඩබ්ලිව්ආර් ධම්මික මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ජානක බාසූරිය සහ තිසත් විජේගුණවර්ධන උදිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත්කරන්නට යෙදුණා.
www.supirikrida.com

වෙළද සේවා බී කොටසේ සූරතාවය මාස් යුනිචෙලා ට

වෙළද සේවා බී කොටසේ සීමිත ඕවර් ක්‍රිකට් සූරතාවය දිනා ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත් වුණා.ඔවුන් අතින් අවසාන තරගයේදී පරාජයට පත් වුණේ කොමර්ෂල් බැංකු කණ්ඩායමයි.ජයග්‍රාහී යුනිචෙලා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් කොමර්ෂල් බැංකු කණ්ඩායම ලබා ගත් ලකුණු 169 කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් ලබා ගනිමින් පසු කර යාමට සමත් වූ මාස් යුනිචෙලා කණ්ඩායම කඩුලු 3 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.
මාස් යුනිචෙලා කණ්ඩායම මංජුල ප්‍රනාන්දු විසින් මෙහෙය වූ අතර උප නායක නදීර නාවල මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ගයාන් විජේකෝන් මෙන්ම නැගී එන ක්‍රීඩකයෙකු වන නිරෝෂන් දික්වැල්ලගේ සහය ද මාස් යුනිචෙලා කණ්ඩායමට හිමි වුණා.
පළමුව පන්දුවට පහර දුන් කොමර්ෂල් බැංකු කණ්ඩායම වෙනුවෙන් අරුණ ඩයස් ලකුණු 50 ක් ලබා ගත් අතර ප්‍රියංග කෝරළේගෙදර ලකුණු 28 ට කඩුලු 4 ක් ලබා ගැනීමට සමත් වුණා.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මාස් යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 ක් ලබා ගත් අතර කොමර්ෂල් බැංකු කණ්ඩායම  වෙනුවෙන් චතුර රන්දුණු ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගත්තා.
www.supirikrida.com

ශ්‍රී ලංකාවට බේස්බෝල් පන්දු යැවීමේ යන්ත්‍රයක්?

මෙවර බේස්බෝල් නිලවරණය සදහා ඉදිරිපත් වී සිටින පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල පාර්ශවය නිලවරණයට පෙර තමන් බලයට පැමිණි පසු ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව සංවර්ධනය පිණිස වන සැළසුමක් ජනමාධ්‍යය හමුවේ ඉදිරිපත් කළා.එහිදී එම පාර්ශවයෙන් භාණ්ඩාගාරික ධූරයට තරග වදින ටෙලිමාස් ආයතනයේ කළඹණාකාර අධ්‍යක්ෂ සම්පත් දවුලගල,සිය පාර්ශවය බලයට පැමිණ තෙමසක් ඇතුළත ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩකයන්ගේ හැකියාවන් සංවර්ධනය පිණිස අත්‍යවශ්‍යය වන පන්දු යැවීමේ යන්ත්‍රයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට තමා සූදානම් බව ප්‍රකාශ කරන්නට යෙදුණා.
ක්‍රීඩකයන්ගේ වෘත්තීයමය තත්ත්වය සංවර්ධනය කිරීම පිණීස මෙන්ම ක්‍රීඩාවේ ශිල්පීය කුසලතා වර්ධනය කිරීම පිණිස අවශ්‍යය ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබදව පැහැදිළි කරන පිටු 24 කින් යුතු මෙම සැළසුම සකස් කිරීමට විශ්වවිද්‍යාල මහාචාර්‍ය සහ ආචාර්යවරුන් මෙන්ම,ප්‍රබල ව්‍යාපාරිකයන්,ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්,ජාතික මට්ටමෙන් සහ විශ්ව විද්‍යාල මට්ටමෙන් ක්‍රිඩා කර ඇති බේස්බෝල් ක්‍රීඩාවට සම්බන්ධිත පුද්ගලයන් මෙන්ම ව්‍යාපාරික කේෂ්ත්‍රයේ ප්‍රබලයන් රැසක් ද දායක වී තිබෙන බව එම සැළසුම ඉදිරිපත් කළ සැළසුම් මණ්ඩලය කරුණු දක්වමින් කියා සිටියා.
සිය කණ්ඩායම බලයට පැමිණියහොත් නිරන්තරයෙන් ජාතික සංචිතයක් නඩත්තු කිරීම සහ නිරන්තර පරීක්ෂණ මගින් දක්ෂතා සැළකිල්ලට ගෙන එම සංචිතය වඩාත් ප්‍රබල ක්‍රීඩකයන්ගේ දායකත්වයෙන් පවත්වා ගෙන යාම පිළිබදවද එහිදී එම සැළසුම් මණ්ඩලය විසින් කරුණු හෙළිදරව් කිරීමක් කරන්නට  යෙදුණා.
මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා විද්‍යුත් සහ මුද්‍රිත මාධය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඉහතින් දැක්වෙන්නේ එම අවස්ථාවට අදාළ ඡායාරූපයකි.
www.supirikrida.com


Mar 25, 2013

විනෝධ්‍යා සහ නිමේෂ් මේස පන්දු සූරතා දිනති

ලෝක කාන්තා දිනය නිමිති කර‍‍ගෙන ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ කාන්තා ක්‍රියාකාරී කමිටුව විසින් පවත්වන්නට යෙදුණ ආධුනික සහ අන්තර් මාධ්‍ය මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යක්කල අනුර මහා විද්‍යාලයේ නිමේෂ් රශ්මික තේරී පත් විය.එහිදී දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ නුගේෙගාඩ අ‍නුලා විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදි විනෝධ්‍යා ද සිල්වාය.නිමේෂ් අවුරුදු 18 න් පහළ සහ ආධුනික විවාත අංශයේ සූරතාවයට හිමිකම් කියූ අතර විනෝධයා අවුරුදු 18 න් පහළ සූරතාවය හිමි කර ගත් අතර ඇය අන්තර් මාධය අංශයෙන් අනු සූරතාවය ද හිමිකර ගැනීමට සමත් වූවාය.
තරගකරුවන් සහ තරගකාරියන් අවුරුදු 8 න් පහළ,10 පහළ,12 න් පහළ,15 න් පහළ,18 න් පහළ යන වයස් ඛාණ්ඩ ඔස්සේ ද ආධුනික සහ අන්තර් මාධ්‍ය අංශයෙන්ද 500 ට වැඩි පිරිසක් මෙම තරගාවලිය නියෝජනය කිරීම කැපී පෙණුන අතර පහත දැක්වෙන්නේ එහි නිල ප්‍රතිපල සටහනේ උපුටනයකි.

GIRLS

U 08 GIRLS
1Chehana Ravindi (Dharmasoka)

2Sanaya Buddhadasa(Visakha)


U 10 GIRLS
1Dunara De Silva(Prajapathi)

2Dahami Nishara(Prajapathi)


U 12 GIRLS
1Senuri De Silva(HFC/Kalutata)

2Nethmi Ayeshika(Prajapathi)


U 15 GIRLS
1Ridmi Ayeshika(Prajapathi)

2Upamali Rodrigo(Ladies)

U 18 GIRLS
1Vinodya De Silva(Royal In)

2Sethma Weerasinghe(Anula)


NOVICES WOMENS
1Yahani Mendis(GHS/Mt)

2Vimasha Disanayaka(Musaeus)


INTERMEDIATE WOMENS
1D H Kolombage(Prajapathi)

2Vinodya De Silva(Royal In)

 BOYS

U 08 BOYS
1Senura De Silva(Isipathana)

2Gisandu Peiris(Dharmasoka)

U 10 BOYS
1Bavendra Srimal(Vidyartha)

2Sahiru Ranasingha(Anura Central)

U 12 BOYS
1Lahiru Tharanga(Kularatna)

2Pium Ekanayaka(Vidyaratha)

U 15 BOYS
1Shakila Karunaratne(Vidyartha)

2Pium Ekanayaka(Vidyartha)

U 18 BOYS

1Nimesh Rashmika(Anura Central)

2Senal Dahanayaka(Wesley)

NOVICES MENS

1Nimesh Rashmika(Anura Central)

2Vichakshana Deegayu(Royal/Panadura)

INTERMEDIATE MENS

1Sameera Madushan(SL Army)

2Senal Dahanayaka(Wesley)
www.supirikrida.com

Mar 24, 2013

ශ්‍රී ලංකා පිතිකරුවෝ අන්ධකාරය පරදිති

Tillakaratne Dilshan scored his 15th ODI centuryම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ආලෝක කුළුණු වල දුර්වලතා හේතුවෙන් විශාල කාලයක් නවතා තබන්නට සිදුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ ඉලක්කය තරමක් දුෂ්කර මුහුණුවරක් ගත්තද,ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් ආලෝකකරණ ගැටළුව නිසා ශ්‍රී ලංකාවට විදින්නට වූ අකීර්තිය අකා මකා දමමින් සුපිරි ප්‍රහාරයක් දියත් කරමින් තරගය ජය ගත්තේය.තිලකරත්න ඩිල්ෂාන් ඒ අතරින් වඩාත් කැපී පෙණුන පිතිකරුවා වූ අතර ඔහු නොදැවී ලකුණු 113 ක් ලබමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී  ලංකාව සතු කර දෙන්නට අවශ්‍යය විශාලතම කාර්යභාරය සිදු කළේය.
ඩිල්ෂාන් සමග එක්ව මේ තරගාවලිය තුළ නොනවතින ලකුණු යන්ත්‍රය බවට  පත් වී සිටින කුමාර සංගක්කාර ලකුණු 72 ද උපුල් තරංග වෙනුවට අත්හදා බැලූ ආරම්භක පිතිකරු භූමිකාවට ශක්තියක් එක් කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 42 ක් ද ලබමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකා නිරූපනය කරන්නෝ වූහ.
කාසියේ වාසිය ලබමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට බංගලාදේශය කැදවන්නට තීරණය කළ අතර බංගලාදේශ ඉණිම ශක්තිමත් කළ තමීම් ඉක්බාල් පන්දු ඕවර් 43 ක් පිටියේ රැදෙමින් බංගලාදේශ ඉණිමට ජීවය එක් කරමින් ලකුණු 112 ක් රැස් කළේය.තරගයේ අවසාන භාගයේදී ගිණිකෙළි සංදර්ශණයක් බදු ඉණිමක් දියත් කළ නසීර් හොසේන් හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමග පන්දු 59 දී ලකුණු 73 ක් නොදැවී ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 51 ට කඩුලු 2 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36 ට කඩුලු 2 ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.පිළිතුරු ඉණිම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශාල වේලාවක් අහිමි වූ අතර ඒ ක්‍රීඩා පිටියට තරගයට අවශ්‍යය පරිදි ආලෝකය සම්පාදනය නොවූ බැවිනි.මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට ලෝකයෙන් සමාව ඉල්ලා නිවේදනයක් නිකුත් කර ඇතත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එරෙහි සාධකයක් විය හැකි බවට ඉගි පළ කරමින් අහිමි වූ කාලය සළකා තරගය ඩක්වර්ත්ලුවිස් න්‍යායට ඇතුළත් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉණිමේ ඉලක්කය බංගලාදේශය ලබාගත් ලකුණු 259 වෙනුවට පන්දු ඕවර් 41 තුළ ලකුණු 238 ක් රැස් කරන්නට සිදුවිය.
ආරම්භක පිතිකරුවන් ලෙස පන්දු ඕවර් 12.1 ක් තුළ ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 106 දක්වා ඉහළ දැමීමට සමත් වූ කුසල් ජනිත් සහ ඩිල්ෂාන් පහසුවෙන් ජයග්‍රහණය සදහා අවශ්‍යය අඩිතාලම සකස් කර දුන්නේය.අනතුරුව යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් දෙවන කඩුල්ලට සංගක්කාර සහ ඩිල්ෂාන් අතරද ලකුණු 128 ක සබදතාවයක් ඇති වූයේ බංගලාදේශයට කඩුලු 8 ක පරාජයක් සදහා මාවත විවර කරමින්ය.
හ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ අලුත් මුහුණු තුනක් එක්දින වරම් ලබා දීම පිණිස පෙළ ගස්වා තිබුණ ද,කිත්රුවන් විතානගේ,සචිත් පතිරණ සහ ඇන්ජලෝ පෙරේරා යන තිදෙනාට තව දුරටත් එම භාග්‍යය උදා කර ගැනීම සදහා ඉවසා සිටින්නට සිදු විය.ඔවුන් තිදෙනාට අවස්ථාව අහිමි වීම මෙන්ම උපුල් තරංග ද කණ්ඩායම් සංචිතයේ සිටියද ,ශ්‍රී ලංකාව ඔහුට වඩා කුසල් ජනිත් අත්හදා බැලීමට මූලක තැන ලබා දෙන්නට තීරණය කර තිබිණ.ඒ ප්‍රතිපලය උපුල් තරංගට තව ටික කාලයක් සිය ස්ථානය වෙනුවෙන් සටනක් දීමට වනු ඇති බවට ඉගි පළ කළ කුසල් ද හොද නිර්භීත ඉණිමක් ක්‍රීඩා කරමින් සිය ස්ථානය තහවුරු කර ගැනීමට මත් විය.
විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් සනත් ජයසූරියගෙන් පසු වැඩිම එක්දින ශතකලාභියා ලෙස සිය නම වාර්තා පොතට ඇතුළත් කර ගත්තේ සිය 15 වන ටෙස්ට් ශතකයට ප්‍රවේශ වෙමින් ය. එම විසල් වටිනාකමක් සහිත ඉණිම හරහා ඩිල්ෂාන් තරගයේ වීරයා වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරය සදහා පිවිසිය හැකි සබදතාවය යි.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602474.html
www.supirikrida.com

Mar 23, 2013

නවකයන් අතර සටනක්

Sachith Shanaka Pathiranaශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන එක් දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය සදහා නවක ක්‍රීඩකයන් අතර තියුණු තරගයක් ඇති විය හැකිය.විශේෂයෙන් මෙම සංචාරයේදී දස්කම් අතර සිටින කිත්රුවන් විතානගේ මෙන්ම කලෙක සිට දක්ෂතා අතර සිටින තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ ද කිත්රුවන් විතානගේ ට මෙම තරගයේදී කණ්ඩායමට තේරීමට විශාල තර්ජනයක් එල්ල කරනවා සැක නැත.
Kasun Disi Kithuruwan VithanageAngelo Kanishka Pereraදක්ෂතා අතරට පැමිණිම සදහා විශාල උත්සාහයක් දරමින් සිටින පළපුරුදු ක්‍රීඩක උපුල් තරංග ද මෙම තරගයට නම් කර තිබෙන අතර ඔහු කණ්ඩායම් සංචිතයේ සිටින බැවින් අද තරගයේදී ඔහු ගේ අවස්ථාව සුරැකෙන්නට බොහෝ දුරට ඉඩ ඇත.එසේම ඕස්ට්‍රේලියාවට එරෙහිව දස්කම් දැක් වූ කුසල් ජනිත් පෙරේරා ද දක්ෂතා අතර සිටින බැවින් ඔහු ද කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇත.මේ තත්ත්වය මත අද තරගයට බොහෝ විට ඇතුළත් විය හැක්කේ අලුත්ම ක්‍රීඩකයන් අතරින් එක් අයෙකු පමණක් විය හැකි අතර ඒ සදහා කිත්රුවන්,ඇන්ජලෝ සහ සචිත් අතර තියුණු තරගයක් ඇතිවීම නොවැළක්විය හැකි හේතුවක් වනවාට සැක නැත.
www.supirikrida.com