ක්‍රීඩකයන්ගේ වෘත්තීයමය තත්ත්වය සංවර්ධනය කිරීම පිණීස මෙන්ම ක්‍රීඩාවේ ශිල්පීය කුසලතා වර්ධනය කිරීම පිණිස අවශ්‍යය ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබදව පැහැදිළි කරන පිටු 24 කින් යුතු මෙම සැළසුම සකස් කිරීමට විශ්වවිද්‍යාල මහාචාර්‍ය සහ ආචාර්යවරුන් මෙන්ම,ප්‍රබල ව්‍යාපාරිකයන්,ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්,ජාතික මට්ටමෙන් සහ විශ්ව විද්‍යාල මට්ටමෙන් ක්‍රිඩා කර ඇති බේස්බෝල් ක්‍රීඩාවට සම්බන්ධිත පුද්ගලයන් මෙන්ම ව්‍යාපාරික කේෂ්ත්‍රයේ ප්‍රබලයන් රැසක් ද දායක වී තිබෙන බව එම සැළසුම ඉදිරිපත් කළ සැළසුම් මණ්ඩලය කරුණු දක්වමින් කියා සිටියා.
සිය කණ්ඩායම බලයට පැමිණියහොත් නිරන්තරයෙන් ජාතික සංචිතයක් නඩත්තු කිරීම සහ නිරන්තර පරීක්ෂණ මගින් දක්ෂතා සැළකිල්ලට ගෙන එම සංචිතය වඩාත් ප්‍රබල ක්‍රීඩකයන්ගේ දායකත්වයෙන් පවත්වා ගෙන යාම පිළිබදවද එහිදී එම සැළසුම් මණ්ඩලය විසින් කරුණු හෙළිදරව් කිරීමක් කරන්නට යෙදුණා.
මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා විද්‍යුත් සහ මුද්‍රිත මාධය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඉහතින් දැක්වෙන්නේ එම අවස්ථාවට අදාළ ඡායාරූපයකි.
www.supirikrida.com
No comments:
Post a Comment