මාස් යුනිචෙලා කණ්ඩායම මංජුල ප්‍රනාන්දු විසින් මෙහෙය වූ අතර උප නායක නදීර නාවල මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ගයාන් විජේකෝන් මෙන්ම නැගී එන ක්‍රීඩකයෙකු වන නිරෝෂන් දික්වැල්ලගේ සහය ද මාස් යුනිචෙලා කණ්ඩායමට හිමි වුණා.
පළමුව පන්දුවට පහර දුන් කොමර්ෂල් බැංකු කණ්ඩායම වෙනුවෙන් අරුණ ඩයස් ලකුණු 50 ක් ලබා ගත් අතර ප්‍රියංග කෝරළේගෙදර ලකුණු 28 ට කඩුලු 4 ක් ලබා ගැනීමට සමත් වුණා.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මාස් යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 ක් ලබා ගත් අතර කොමර්ෂල් බැංකු කණ්ඩායම වෙනුවෙන් චතුර රන්දුණු ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගත්තා.
www.supirikrida.com
No comments:
Post a Comment