ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන එක් දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය සදහා නවක ක්‍රීඩකයන් අතර තියුණු තරගයක් ඇති විය හැකිය.විශේෂයෙන් මෙම සංචාරයේදී දස්කම් අතර සිටින කිත්රුවන් විතානගේ මෙන්ම කලෙක සිට දක්ෂතා අතර සිටින තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ ද කිත්රුවන් විතානගේ ට මෙම තරගයේදී කණ්ඩායමට තේරීමට විශාල තර්ජනයක් එල්ල කරනවා සැක නැත.
![Kasun Disi Kithuruwan Vithanage](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_stbq6sTGIFL8RFCwwsnoRPcDUmiHguIzye41CfUQ5eNz1AIh2m-ov8XswUE-J7vL-ITtRNnpCRAF39VSEWGtoOFQGEC_RsLk03864OCl1YiJUXvUHQdDNPL1-B8k4cNJRPRjtAcg=s0-d)
![Angelo Kanishka Perera](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_t-iEQSmfGGYykWgzdy6kuTzoMw1ONVGEX7RsgSB8f5GTgUEvGI_uUu2gJuAIAMp8TfKvOSoUWN7uS3XLmxw1e7gFVF7yYdmr_leGK1O47qkC-e2WAVRUbp7HyfFaJn1w=s0-d)
දක්ෂතා අතරට පැමිණිම සදහා විශාල උත්සාහයක් දරමින් සිටින පළපුරුදු ක්‍රීඩක උපුල් තරංග ද මෙම තරගයට නම් කර තිබෙන අතර ඔහු කණ්ඩායම් සංචිතයේ සිටින බැවින් අද තරගයේදී ඔහු ගේ අවස්ථාව සුරැකෙන්නට බොහෝ දුරට ඉඩ ඇත.එසේම ඕස්ට්‍රේලියාවට එරෙහිව දස්කම් දැක් වූ කුසල් ජනිත් පෙරේරා ද දක්ෂතා අතර සිටින බැවින් ඔහු ද කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇත.මේ තත්ත්වය මත අද තරගයට බොහෝ විට ඇතුළත් විය හැක්කේ අලුත්ම ක්‍රීඩකයන් අතරින් එක් අයෙකු පමණක් විය හැකි අතර ඒ සදහා කිත්රුවන්,ඇන්ජලෝ සහ සචිත් අතර තියුණු තරගයක් ඇතිවීම නොවැළක්විය හැකි හේතුවක් වනවාට සැක නැත.
www.supirikrida.com
No comments:
Post a Comment