Dec 1, 2012

අනෝමා නව වාර්තාවකට ඉගිල්ලෙයි

ගයන්තිකා
 නැගෙනහිර පළාත නියෝජනය අනෝමා කරුණාවංශ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 3.30 ක් දක්වා ඉහළ දැමීමට සමත් වුණා.38 වන ජාතික ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ බිහි වූ පළමු සහ එකම ශ්‍රී ලංකා වාර්තාව ලෙස අනෝමා ගේ වාර්තාව හැදින්විය හැකි අතර ඇයට දෙවන වූ හිටපු වාර්තාලාභිණිය ලක්රාණි පෙරේරා මීටර් 3.20 ක දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානය දිනා ගත්තා.
මේ අතර කාන්තා මැදි දුර සහ දුර දිවීමේ ඉසව් වලදී මෑත කාලීනව දකින්නට ලැබෙන ප්‍රගතිය යළිත් තහවුරු කළ දකුණු පළාතේ ගයන්තිකා තුෂාරි අබේරත්න සහ වයඹ පළාතේ චම්පිකා දිල්රුක්ෂි නව උළෙල වාර්තා දෙකක් අලුත් කරන්නට යෙදුණා.2000 වර්ෂයේදී ඩීඒ ඉනෝකා පිහිටුවා තිබූ නව උළෙල වාර්තාව වූ විනාඩි 17:00.40 ක් කාලය ඉක්මවා යමින් ගයන්තිකා විනාඩි 16:51.54 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.ගයන්තිකා සහ ගීතානි රාජසේකර අතර මෙම තරග ඉසව්වේදී හොද තරගයක් දකින්නට ලැබුණු අතර නව ක්‍රීඩා උළෙල වාර්තාවක් සමගින් 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය ජයගත් ගීතානි මෙම ඉසව්වේ සිය ජයග්‍රහණයේදී දෙවැනි වූ ගයන්තිකාට දෙවැනි වුව ද පෙර තිබූ වාර්තාව ඉක්මවා යන්නට සමත් වුණා.
මෑත කාලයේ කාන්තා මැදි දුර ඉසව්වේ සුවිශේෂීම ක්‍රීඩිකාව බවට පත් වී සිටින චම්පිකා දිල්රුක්ෂි,යළිත් වරක් ඒ බව සනාත කරමින් මීටර් 800 කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාව බවට පත් වූයේ නව උළෙල වාර්තාවක් ද තබමින්.ඇය එහිදී විනාඩි 2:07.10 ක කාලයක් වාර්තා කරමින් මංගලා ප්‍රියදර්ශණි සතුව පැවති විනාඩි 02:08.00 ක උළෙල වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරන්නට සමත් වුණා.
තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු මලල ක්‍රීඩා  සංගම් සභාපතිවරයෙකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂයන් එක් වී සිටි මලල ක්‍රීඩාව පිළිබදව පුළුල් අවබෝධ‍යක් ඇති පුද්ගලයෙකු වන එතුමාගේ ආරක්ෂාව පිණිස වන පිරිස් එතරම් දුරට ඒ තත්ත්වය නොදැන සිටීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් අපහසුවක් විදින්නට වූ අවස්ථා ද දකින්නට ලැබුණා.තරගාවලියේ දිවා විවේකයේදී අතැම් ක්‍රීඩකයන් පෙර පුහුණු ධාවන පථයට වී හවස් වරුවේ පැවත්වෙන ක්‍රීඩා තරග සදහා ගිමන් හරිමින් සිටිනු දකින්නට ලැබුණේ සිය නවාතැන් පොළවල් සදහා ගොස් නැවත ඒමේ දුෂ්කරතාවය සළකා වුව ද ඇතැම් ආරක්ෂකයන් ඒ තත්ත්වය අවබෝධ කර නොගෙන ඔවුන් ඉවත් කිරී‍මට කටයුතු කිරීම ඇතැම් විට තරගාවලියේ සමස්ත චිත්‍රය පිළිබදව ඔවුන් තුළ අවබෝධයක් නොවීම නිසා සිදු වූවා විය හැකියි.
තරගාවලියේ මේ දක්වා පැවති සියළු තරග ප්‍රතිපල සළකද්දී සුපුරුදු පරිදි සබරගමුව ඉදිරියෙන් සිටින අතර,මධ්‍යම පළාත දෙවන තැනත් වයඹ පළාත තෙවන තැනත් පසුවන අතර මලල ක්‍රීඩා තරග වලදී බොහෝ විට බස්නාහිර පළාතට මෙවර විශාල තර්ජනයකට මුහුණ දිය හැකි බව පළමු දිනයේ ප්‍රතිපලම පැහැදිළි කරනවා.විශේෂයෙන් නව ශ්‍රී ලංකා වාර්තා බිහි නොවුණද කලෙකට පසුව ක්‍රීඩක දක්ෂතා වල යම් පිබිදීමක් දකින්නට ලැබෙන මෙම වකවානුව පිලිබදව සළකද්දී තරගාවලියේ ඉතිරි දින දෙක නව ශ්‍රී ලංකා වාර්තා සහ උළෙල වාර්තා අලුත් වන දින දෙකක් ලෙස හැදින්විය හැකියි.

ද්වන්ධ සටනට ඉන්දියාවෙන් පැමිණේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා බොක්සිං තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ඊයේ අලුයම දිවයිනට පැමිණියා.පිරිමි අංශයේ තරග හතරකට සහ කාන්තා අංශයේ තරග තුනකට සහභාගිවීමට පැමිණි ඉන්දිය කණ්ඩායම නිලධාරීන්ද ඇතුළුව 11 දෙනෙකුට සීමා වුණා.කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පා තබන අවස්ථාවේ ඉන්දීය කණ්ඩායම පිළිගැනීම මහත් හරසරින් සිදු කරන්නට යෙදුණ අතර තරගාවලිය අද විශාල පිරිසකගේ සහභාගීත්වය ඇතිව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඇරඹිමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

වෙළදසේවා වොලිබෝල් තරග අද ඇරඹේ

වෙළදසේවා වොලිබෝල් සංගමය අලුත් ගමණකට අලුත් ජවයකින් පිය මනින්නට සූදානම් වීමේ උත්සාහයේ පළමු පියවර ලෙස කාලයක සිට අක්‍රියව පැවති වෙළදසේවා වොලිබෝල් තරගාවලිය 60 ට ආසන්න වූ කණ්ඩායම් ප්‍රමාණයක සහභාගීත්වයෙන් අද මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.අදත් හෙටත් පැවත්වෙන මෙම තරගාවලියේ මූලික තරගවලින් අනතුරුව තරගාවලියේ අවසාන තරග 16 වන දින මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට යෝජිතව තිබේ.කණ්ඩායම් 50 ක් ඉලක්ක කර ගනිමින් ඇරඹි මෙම තරගාවලිය සංවිධානයේ ක්‍රියාකාරී පරිපාලන ව්‍යහුය විසින් වෙළද කේෂ්ත්‍රය තුළ කෙටි කලෙකින් ඇති කර ගන්නා ලද විශ්වාසය පදනම් කරගෙන අදාළ ඉලක්කය ඉක්මවා යා හැකි තත්ත්වයට පත් වීම ලාංකේය වොලිබෝලය ලද ජයකි.
විශේෂයෙන් ලාංකේය වොලිබෝල් ක්‍රීඩකයාගේ අනාගතය ත්‍රිවිධ හමුදාවන්ට සීමා වී පැවතීම හේතුවෙන් එම කණ්ඩ‍ායම් හා අති විශාල පිරිසක් සම්බන්ධ වීම සුලභ තත්ත්වයක් වී තිබේ.මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩකයන් විශාල පිරිසකට ක්‍රීඩා පිටියට බැසීම පසෙකලා සිය දක්ෂතාවයන් සගවා ගෙන තරග නරඹන්නන් වීමට සිදුවීම ඛේදවාචකයක් බවට පෙරැළි ඇත.
නමුත් නැවතත් වෙළදසේවා වොලිබෝලය පණ ගැන්වීම මත ආයතනික මට්ටමෙන් වෙළද කේෂ්ත්‍රය තුළ වොලිබෝල් ක්‍රීඩාව කෙරෙහි ඇතිවන තරගකාරීත්වය මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා අවස්ථා නිර්මාණය වීමට හැකි මාවතක් විවරව පවතින තත්ත්වයක් දැකිය හැකිය.මේ හේතුවෙන් වොලිබෝල් ක්‍රීඩකයාගේ අනාගතයට දැඩි සුරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වන පසුබිමක්,දක්ෂයන් වැඩි පිරිසකට ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට ලැබෙන ඉඩ -කඩක් නිර්මාණය වන අවස්ථාවක් ලෙස වෙළදසේවා වොලිබෝලයේ නැවත සම්ප්‍රාප්තිය හැදින්විය හැකිය.
තරගයෙන් තරගයට සජීවී ප්‍රතිපල වාර්තාකරණයට සුපිරික්‍රීඩා වෙබ් අඩවිය මගින් පහසුකම් සළසා ඇත.
www.supirikrida.com

Nov 30, 2012

වසර දහහතරකට පසු ලංකාවේදී ටෙස්ට් ජයක් ලද නවසීල්නතය ටෙස්ට් තරගාවලිය සම කරයි

Ross Taylor and Mahela Jayawardene shake hands after squaring the seriesශ්‍රී ලංකාවේදී වසර 14 ක කාලයක් තුළ ටෙස්ට් ජයක් නොලද නවසීලන්තය ශ්‍රී ලංකාවට ලකුණු 167 ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සම කිරීමට සමත් වුණා.නවසීලන්ත පිතිකරුවන් ප්‍රථම ඉණිමේ ලකුණු 412 ක් ලබමින් ලත් ස්ථාවරය මෙන්ම දග පන්දුවට හිතකර තත්ත්වයෙන් යුත් සරා තණතීරුව තුළ නවසීල්නත වේග පන්දු යවන්නන් චමින්ද වාස් ගෙන් ලැබුණු උපදේශනයත් සමග පෑ දස්කම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සිහිනයක් කළා.
ලකුණු 362 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක අභියෝගයක් හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පරාජය නොවී සිටීම සදහා උප නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රියාත්මක කළ ඉණිම අමතක නොවන සටන්කාමී ඉණිමක් වූ අතර ඔහු පැය පහකට විනාඩියකට අඩු වූ කාලයක් කඩුල්ලේ රැදී සිට රැස් කළ ලකුණු 84 සමග එක් වී එක් ශතක සබදතාවයකට පිවිසිය හැකි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ට වූවේ නම් තරගය ජය ගැනීම පසෙකලා පරාජය නොවී සිටීමේ හැකියාව තිබුණු බව අප පිළිගත යුතු වෙනවා.එසේම ප්‍රථම ඉණිමේ ශතකයට අමාතරව ශ්‍රී ලංකාව දෙසට තරගය හැරෙමින් තිබුණු තීරණාත්මක මොහොතක නායක රොස් ටේලර් දියත් කළ ඉණිම දර්ශී නායනත්වයක ඉණිම ඇලුම් කරන සුළු වුවා.
එම ඉණිම් ද්විතවය රොස් ටේලර් ට අපහසුවකින් තොරව තරගයේ වීරයා වීමට මග පෑදුවා.එසේම නවසීලන්ත දඩයමට ඉලක්කය ගතහැකි එකම දඩයක්කරුවා වූ රංගන හේරත් තරග දෙක තුළ කඩුලු 20 ට වගකියමින් තරගාවලියේ වීරයා වූවා.විශේෂයෙන් ඕස්ට්‍රේලියා තණතීරු වල වේග පන්දු යවන්නන්ට මුහුණ දීමේ දුෂ්කර තත්ත්වය ජය ගැනීමේ අභියෝගයට පිටව යන්නට ආසන්න මොහොතකට පෙර ලද මේ පරාජය සිත් සලිත කරනවා නිසැකයි.
නවසීලන්තයේ ජයග්‍රහණය සදහා ඔවුන් දැඩි වෘත්තීමය ස්වභාවයකින් තරග කිරීම කැපී පෙණුනා.ඉවසීම යන ටෙස්ට් පාඩමේ මුල ,මැද සහ අග   දැනෙන සේ ඔවුන් දැක් වූ සංයමය අපූරු පාඩමක් වුණා.තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය භාවිතා කර පැමිණිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582193.html
www.supirikrida.com

Nov 29, 2012

තේරීම් ලියූ කොළ බෝට්ටුවෙන් සිංගප්පූරුවට!

නේෂන් කුසලානය සදහා සිංගප්පූරුව බලා අර්බූද ගණනාවක්ද රැගෙන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඉගිල්ලුණා.කබලෙන් ලිපට වැටෙනාකාරයේ තීන්දු තීරණ ගනිමින් විකට රසාංග ඉදිරිපත් කිරීමෙන් ලබා දුන් විනෝදයට සරිලන ලෙස දැල්පන්දු පරිපාලන කමිටුව මෙන්ම අමාත්‍යංශ නිලධාරීන් කිහිප දෙනෙකුට ද වසර අත සවාරියකට ද මුදල් වියදම් කිරීමට අමාත්‍ය අවසරය ලැබී තිබීම විශේෂත්වයක් ගත්තා.නමුත් ඇතැම් අයගේ වියපත් බව සළකන විට මෙම සංචාරය සිංගප්පූරුව නොවී දඹදිව වූවා නම් යහපත්ය සි‍තෙනවා.
කණ්ඩායමට අවසර ලබා දීමේදී සම නායකත්වය නම් නොකිරීම නිසා දැල් පන්දුවේ නායකත්වය දැරීමේ ඓතිහාසික  සම්ප්‍රදාය විදිමින් සිය සමුගැනීම නායකත්වයකින් කෙළවර කිරීමේ අවශ්‍යයතාවය දැඩිව දැණුනු අයෙකු එම ලිපියේ නායකත්වයක් නම් නොකිරීම පිළිබදව කළබලයට පත්ව නායකත්වය නම් නොකර අනුමත නොකිරීමෙන් කළබල නොවන ලෙස,කළබලයට පත් වී ප්‍රකාශ කරන්නට යෙදුණා.මේ නිසා ක්‍රීඩිකාවන් වැස්ස අවස්ථාවක එම ක්‍රීඩිකා‍වගේ ප්‍රකාශය පදනම් කරගෙන කණ්ඩායම අත්සන් තැබූ ලිපියෙන් බෝට්ටු යැවීමට යෝජනා කිරීමෙන් නායකත්ව ක්‍රීඩිකාව සහ සෙසු ක්‍රීඩිකාවන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ක්‍රීඩිකාවන් පුහුණුව ලබන කටුනායක ගුවන් හමුදා කදවුරේ දී ක්‍රීඩිකාවන් විශාල ලෙස වෙහෙසට පත් කරමින් පුහුණුකාරියගේ,පුහුණු සැසි නිමාවේ පුහුණුකාරිය විවේචනය කරමින් ක්‍රීඩිකාවන්ට යළිත් පුහුණුවීම් කරන සහය පුහුණුකාරිය ක්‍රීඩිකාවන් අධික ලෙස වෙහෙසට පත් කර තිබෙනවා.මේ වන විට බලය සම්බන්ධ ගැටළුවක් තදින් උඩු දුවන්නට පටන් ගෙන තිබෙන අතර,පුහුණුකාරිය,සහය පුහුණුකාරිය මෙන්ම නායිකාවක් සහ පුහුණුකාරිය අතර ද ගැටළු නිර්මාණය වෙමින් පැවතීම කණගාටුදායකයි.
www.supirikrida.com

ඉන්දු - ශ්‍රී ලංකා ද්වන්ධ මුෂ්ටි හටන පළමුවෙනිදා

සියා‍වේ නමගිය බොක්සිං සූරයන් බිහිවන ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩක -ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසෙන මාස් කුසලානය වෙනුවෙන් පැවත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා ද්වන්ධ බොක්සිං තරගාවලිය දෙසැම්බර් පළමු වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වේ.මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් මට්ටමේ ජයග්‍රහණ රැගෙන ආ අනූෂා කොඩිතුවක්කු මවිබිමේ මුහුණ දෙන සිය අවසන් තරගයට කිලෝ ග්‍රෑම් 48 බර පංතිය ඹස්සේ මුහුණ දීමට නියමිතය.එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම සහ වඩාත් ජාත්‍යන්තර අවධානයට ලක් වූ ක්‍රීඩකයා වන්නේ කිලෝග්‍රෑම් 52 බර පංතියෙන් තරග වදින සුරේෂ් පට්ටිආරච්චිය.


මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් එරන්දි ද සිල්වා තරග බිමට පිවිසෙන අතර කාන්තා කිලෝග්‍රෑම් 54 බර පංතියේ තරග වදින්නී විදුෂිකා ප්‍රබෝධි ය.පිරිමි අංශයෙන් ගයාන් ජයවීර කිලෝග්‍රෑම් 56 බර පංතියෙන් තරග වැදීමට නියමිතය.කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් තරග වදින්නට නියමිතව ඇත්තේ,අනුරුද්ධ බංණ්ඩාර ගුණතිලකය.කිලෝග්‍රෑම් 60 බර පංතියෙන් ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලබා සිටින්නේ එරංග මධුෂාන් ය.  
ඉහළ ඡායාරූපයන්හී වමේ සිට සුරේෂ්,ගයාන්,මධුෂාන් සහ අනුරුද්ධ ද සිටින අතර පහත වමේ සිට අනූෂා,ප්‍රභාධි සහ එරන්දි ය.

වාස් ව තෝරා ගැනීම නවසීල්නතයට සැනසීම ගෙන දෙයි


මේ දක්වා ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා බවට අවිවාදිත චමින්ද වාස් නවසීලන්ත පුහුණුකරුවන්ගේ සංචිතයේ වේග පන්දු පුහුණුව සදහා සහය කර ගැනීමට නවසීලන්තය ගත් තීරණය සාධාරණ බව සනාත කරමින් දග පන්දුයවන්නන්ට උචිත සරවනමුත්තු තණතීරුව තුළ සිය වේගපන්දුව යොදවා ශ්‍රී ලංකා පිතිකරුවන් දඩයම් කරමින් නවසීලන්තය පැහැදිළි කරමින් සිටියි.ගෞරවණිය සමුගැනීමකට පවා ඉඩ නොතබා කණ්ඩායමෙන් ඉවත් කරන්නට යෙදුණු වාස් පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉන් පසුව හෝ අවධානය යොමු නොකළ අතර නවසීලන්තය මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව පැහැර හරින ලද වගකීමෙන් උපරිම ප්‍රයෝජන ලබමින් වාස් සිය වේග පන්දු බල ඇනියට පුහුණුව ලබා දීම සදහා කැදවනු ලැබුවේය.

පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් ඉනික්බිති දෙවන ටෙස්ට් තරගයට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ගේ විශ්වසනීය පිතිහරඹය මෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හැකියාව දඩයම් කිරිමට යොදා ගත්  පන්දු යැවීමේ හැකියාවද නිසා අද එම ටෙස්ට් තරගයේ අවසාන දිනය වන විට ශ්‍රී ලංකාව තරගයේ පරාජයට වැඩි සමීපතාවයක් දක්වන තත්ත්වයට කැදවා ගෙන එන්නට නවසීල්නතයට හැකි වී ඇත.
ලකුණු 362 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවට මේ වන විටත් කඩුලු 4 ක් ලකුණු 47 ක් තුළ අහිමි වී ඇති අතර ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිතිකරුවන් තිදෙනා ලෙස නම් දරා සිටින මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර සහ ටීඑම් ඩිල්ෂාන් ද වෙති.දැනට පන්දුවට පහර දෙන තිලාන් සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් ගෙන් පසුව ශ්‍රී ලංකාවට තරගය රැක ගත හැකි පිතිකරුවෙක් පෙනෙන්නට නොමැති අතර පරාජය නොවී සිටින්නට හැකි හොදම ඉඩ - කඩ බවට බලාපොරොත්තු ඇති කරමින් තිබෙන්නේ මේ වන විට කොළඹ අහසේ ඉහළින් මුදුන් වෙමින් තිබෙන වැහි වළාකුළු ය.
ටිම් සවුති මෙන්ම ඩග් බ්‍රේස්වෙල් ද කඩුලු දෙක බැගින් දඩයම් කරගෙන ඇති අතර  පළමු ඉණිමේ ශ්‍රී ලංා පසුපෙළ විනාශ කරමින් කඩුලු 4 ක් බිද දැමූ ට්‍රෙන්ට් බෝල්ට් ද සූදානමින් සිටීම ශ්‍රී ලංකාවට යහපත් තත්ත්වයක් නොවන්නේය.අඩුම තරමේ මැතිව්ස් සහ සමරවීර තේ පානය දක්වා හෝ කඩුලු රැක ගත යුතු අතර නමුත් උදෑසන පන්දුවේ දෝලනයක් සිදු වීමට විශාල ඉඩ - කඩක් ඇති වීම සමග මැතිව්ස්ට සහ සමරවීරට කඩුල්ල තුළ තැන්පත් වීමට ඉඩ  ලැබීම අවිශ්වසනීය තත්ත්වයකි.මෙම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලිය ජය ගැනීමට ඇති ඉඩ අහිමිව යන අතර එසේම ඕස්ට්‍රේලියානු සංචාරයට නායක මයිකල් ක්ලාක් ඇතුළු කන්ඩායම දැඩි ජයග්‍රාහී මානසිකතවයකින් සිටියදී මුහුණ දීමේදී යම් චකිතයක් ඇති කරන්නට ද එය හේතුවක් විය හැකිය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.