Nov 11, 2012

ශ්‍රී ලංකාවෙන් ඩක්වර්ත් ලුවිස් වාර්තාවක්

Jeevan Mendis runs out BJ Watlingශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් හොද නැති වාර්තාවක් තබමින් එක දිගටම තෙවන වරටත් ඩක්වර්ත් ල්‍රවිස් න්‍යාය මත තීරණය වූ තරගයකින් ශ්‍රී ලංකාව නවසීලන්තය පරදා කඩුලු 7 ක ජයක් ලබා ගත්තේය.වර්ෂාව නිසා පන්දු ඕවර් 31 ට සීමා වූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය.පන්දු යැවීමේදී නවසිලන්ත පිත්කරුවන් ජීවන් මෙන්ඩිස් ගේ දග පන්දුව ඉදිරියේ යලිත් අසරණ වූ අතර තරගයේ වීරයා බවට පත් වූ ජීවන් කඩුලු තුනක් ලබා ගත්තේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්ය.නුවන් කුලසේකර ද මනා පාලනයකින් යුතුව පන්දු යවමින් නවසීල්නත ඉණිම ආරම්භයේදී සිටිම යම් කිසි පාලනයකට යටත් කර ගත් අතර නුවන් ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ ප්‍රති පීඩනයක් මුදා හැරීමට අසාර්ථක උත්සාහයක නියැලි බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 44 ක් තුළ ලකුණු 30 ක් ලබා ගනිමින් තරගය නවසීලන්තයට වාසිදායක තත්ත්වයකට පත් කර ගැනීමට ගත් උත්සාහය වෙනුවෙන් යම් තරමක හෝ දායකත්වයක් දැක් වූවේ කේන් විලියම්සන් (21) සහ ජෙම්ස් ෆ්‍රෑන්ක්ලීන් (21 ) පමණි.
පිලිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තයට එරෙහිව පන්දු ඕවර 32 ක් තුළ ලකුණු 131 ලබා ගැනීමට අවශ්‍යය විය.ඩක්වර්ත් ලුවිස් නයාය යටතේ එම අභියෝගයට පිවිසීම සදහා ඉණිම ඇරඹීමේ වගකීම දැරීමට ඩිල්ෂාන් කණ්ඩායමේ නොසිටි අතර ඒ අනුව කලෙකට පසුව කණ්ඩායමට පැමිණි දිනේෂ් චන්දිමාල් ඉණිම ඇරඹිය.උපුල් තරංග සමග ලකුණු 36 දක්වා ඉණිම ඔසවා තැබෙද්දී චන්දිමාල් සහ උපුල් තරංග අතර සබදතාවය බිදී ගියේ තරංග ලකුණු 27 ට පිටියෙන් ඉවත්වීමේ හේතුවෙන්ය.අනතුරුව චන්දිමාල් සහ දුමාර සංගක්කාර පිටියේ එක් වූ අතර,දෙදෙනා විසින් අගනා සබදතාවයක් එකතු කරමින් දෙවන විකට්ටුව දැවී යන විට ලකුණු පූවරුව 123 දක්වා නංවා තිබිණ.ලකුණු 87 ක සබදතාවයක් නිමා කරමින් ලකුණු 43 ක් ලබා දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවතට ගිය අතර අනතුරුව ලහිරු තිරිමාන්න ද ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.සංගක්කාර නොදැවී ලකුණු 42 ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉණිම 27 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී ජයග්‍රාහී ලකුණ කරා සම්ප්‍රාප්ත විය.
 http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/match/582190.html සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුණ පූවරුවට පිවිසීමට අවස්ථාව ඇත.
www.supirikrida.com


නිලූක, බහරේන් අභියෝගය ජය ගනියි * නිලූක අනු සූරයා වූ මෙම තරගාවලිය පිලිබදව නිවැරදි කිරිම ඇතුළත් කර ඇත




 බහරේන් හී ක්‍රියාත්මක වූ බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝග සූරතාවලියේ ජයග්‍රාහකයා වන්නට නිලූක කරුණාරත්න සමත් වුණා.අවසාන තරගයේදී ඔහු අතින් පරාජයට පත් වුණේ ඉන්දියාවේ සායි ප්‍රනීත් ය.ලකුණු 21  / 14 ක් සහ 22 / 20 ක් ලෙස ප්‍රනීත්ට එරෙහිව අවසන් තරගය ජයගත් නිලූකට, මෙම තරගාවලියේදී ජයග්‍රහණය සදහා ප්‍රවේශ වීමට වට ගණනාවකදීම දුෂ්කර වෑයමක නිරත වන්නට සිදු වුව ද,කිසිදු තරග වටයක් පරාජය නොවී තරගාවලියේ මුහුණ දුන් හැම තරගයකදීම  වට 2- 0 ක් ලෙස ජය ගැනීම කැපී පෙණුනා.
දැනට ලෙව 43 වන ස්ථානයේ සිටින නිලූක ඉදිරියේදී අභියෝග සූරතා සූරතා තරගවලින් ඔබ්බට ඇති ජාත්‍යන්තර තරග වලට ද සහබාගි විය යුතු අතර ඒ සදහා ලැබෙන දැනට ලෙව 43 වන ස්ථානයේ සිටින නිලූක ඉදිරියේදී අභියෝග සූරතා සූරතා තරගවලින් ඔබ්බට ඇති  දැනට ලෙව 43 වන ස්ථානයේ සිටින නිලූක ඉදිරියේදී අභියෝග සූරතා සූරතා තරගවලින් ඔබ්බට ඇති ජාත්‍යන්තර තරග වලට ද සහබාගි විය යුතු අතර ඒ සදහා ලැබෙන දැනට ලෙව 43 වන ස්ථානයේ සිටින නිලූක ඉදිරියේදී අභියෝග සූරතා සූරතා තරගවලින් ඔබ්බට ඇතජාත්‍යන්තර තරග වලට ද සහබාගි විය යුතු අතර ඒ සදහා ලැබෙන අනුග්‍රාහකත්අනුග්‍රාහකත්වයන් මත සහ නිලූක ගේ දක්ෂතා මත ශ්‍රේණිගත කිරීම්වල විශාල වශයෙන් ඉදිරියට ඒමට අවස්ථාව ලැබෙනු ඇත.එය ජාත්‍යන්තර තරග පිටියේදී සහභාගි වන තරගවලදී තරගවල ඉදිරියට යාමට පහසුවන ලෙස සිය ප්‍රතිවාදියා තීරණය කරන්නට හේතුවක් වනවා ඇත.එය නිලූකට මෙන්ම ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවටද ජයග්‍රාහී අවස්ථාවන් උදා කරන මාවතක් වනවා සැක නැත.
www.supirikrida.com

නිවැරදි කිරීම

මෙම ප්‍රවෘත්තියට  http://www.bahrainkeraleeyasamajam.com තොරතුරු මගින් මීට පෙර දක්වා තිබූ තොරතුරු මත පදනම්ව නිලූක ජයගත් බව සදහන් කළ ද,අවසාන තරගයේදී සායි ප්‍රනීත් ඉදිරියේ නිලූක ලකුණු 14 / 21,21 /14 සහ 21 / 17 ලෙස පරාජයට පත් වී ඇත.බහරේන් තරගාවලිය සංවිධානයේදී ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ පිරිසගේ මැදිහත් වීම තදින් දැනෙන්නට ලැබෙන බව සත්‍යයකි.ඔවුන් එහිදී තරගාවලිය පුරාම විනිශ්චය කටයුතු වලදී නිලූකට එරෙහිව අසාධාරණ තීරණ ගණනාවක් ගත් බව වාර්තා වන අතර සිය කළාපය තුළ බරපතළ අභියෝගයක් මතු වීම කෙරෙහි ඔවුන් විශාල අවධානයකින් සහ පීඩනයකින් පසුවන බව මෙම තරගාවලිය තුළ නිලූකට එරෙහිව දෙන ලද තීන්දු මගින් පැහැදිළි කළේය.
www.supirikrida.com
 

සම්පත් ගේ වාර්තාව එරංගට

මින්ද සම්පත් වීරසිංහ 2006 වසරේ පැවති දකුණු ආසියාතික තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙමින් තැබූ තුන් පිම්ම ඉසව්වේ ජාතික වාර්තාව (මීටර් 16.26) 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 16.37 ක දක්ෂතාවයක් දක්වමින් බිද දැමීමට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ එරංග දිනේෂ් ප්‍රනාන්දු සමත් විය.එසේම තරගාවලියේ විශාලතම කාලීන වර්ධනය පෙන්නුම් කළ ඉසව්ව වූ කාන්තා මීටර් 800 ඉසව්වේදී  ශ්‍රියාණි ධම්මිකා මැණිකේ 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියට සහභාගි වී තැබූ විනාඩි 2:03.85 ක් වූ ශ්‍රී ලංකා වාර්තාවෙන් පසුව එම ඉසව්වට ක්‍රීඩිකාවක් වාර්තා කළ හොදම කාලය වාර්තා කළ චම්පිකා දිල්රුක්ෂි (විනාඩි 02:04.97) සිය ජයග්‍රාහී ධාවන ජීවිතයේ තවත් වැදගත් කඩඉමක් පසු කළේ,ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 800 ඉසව්වේ තරගාවලි වාර්තාව ලෙස පැවති විනාඩි 03:08:23 ක් පැවති මංගලා ප්‍රියදර්ශණීගේ දකෂතාවය අභිිබවා යමින් එම සවාර්තාව සිය නමට ලියා ගනිමින්ය.
ශානිකා සමන්මලී එම ඉසව්වේ දෙවන ස්ථානය විනාඩි 02:06;24 ක කාලයකින් ද,කේඒඩී සදකාන්ති විනාඩි 02:06.95 කින් මීටර් 800 නිමා කරමින් තෙවන ස්ථානය ද ලැබුවේ මංගලා සතුව පැවති පැරණි ජාතික සූරතාවලි වාර්තාව අබිබවා යමින්ය.කාන්තා හෙල්ල වීසිකිරීමේ තරගයේදී කලක සිට ශ්‍රී ලංකා වාර්තාලාභිණිය නදීකා ලක්මාලි පසුපිසින් හඹා ආ නදීකා දිල්හානි ලේකම්ගේ ඒ උත්සාහය මල්පල ගන්වා ගත්තේ මීටර් 55.76 ක දක්ෂතාවයක් දක්වමින් නදීකා සතුව පැවති තරගාවලි වාර්තාවද සිය නමට ලියා ගනිමින්ය.කලෙක සිටම කාන්තා යගුලිය ඉසව්වේ තමා සතු ආදිපත්‍යයට අභියෝගයක් වෙමින් සිටින තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු අබිබවා යමින් සිය හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට යළි සමත් වූ නදීකා මුතුනායක 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා යගුලිය ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ සිය නමට පැවති තරගාවලි වාර්තාව අලුත් කරමින් මීටර් 14.50 ක දක්ෂතාවයක් දක්වමින්ය.
වයඹ පළාත් සභාවෙන් සේවය අහිමි කළ එරං‍ග ගේ පුහුණුකරු
තුන් පිම්ම පැනීමේ නව ශ්‍රී ලංකා එරංග දිනේෂ් ප්‍රනාන්දු මෙන්ම චමින්ද සම්පත් ප්‍රනාන්දු ගේ ද පුහුණුකරු වන්නේ පිලිප් රංජිත්ය.ජාතික මට්ටමේ දක්ෂාත දක්වන පැනීම් සූර - සූරියන් විශාල පිරිසකගේ මාර්ගෝපදේශකයා වන පිලිප් ට ඒ සදහා රජයේ ක්‍රීඩා නිලධාරිවරයෙකු ලෙස කළ සේවයට ලැබෙන උපහාරය සේවයට වාර්තා නොකිරීම හේතුවක් කර ගෙන ලැබෙන වැඩ තහනමක්ය.මේ වන විට නව ශ්‍රී ලංකා වාර්තා තබන්නට ක්‍රීඩකයන් පුහුණුකිරීම පිළිබදව ඔහුට ලැබෙන වරප්‍රසාදය එවැනිය.
තමා යටතේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පුහුණු කිරීමට සහභාගි වීම නිසා සේවයට වාර්තා කිරීම පිලිප්ට අහිමි වන්නේය.නමුත් වයඹ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට අවශ්‍යය වූයේ ජාතියට වටිනා ක්‍රීඩකයන් දායාද කරන මේ පුහුණුකරුවාට සිය බලය භාවිතා කර ඒ සදහා ආශිර්වාද කිරීම නොවේය.කාර්යාලයට නිසි පරිදි පැමිණිම,සිය බල ප්‍රදේශයට සීමා වී සේවය කිරීමය.ප්‍රතිපලය සේවය අහිමි වීමය.මේ පිළිබදව වර්ථමාන ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවා වයඹ පළාත් සභාවට දන්වා මේ පුහුණුකරු නැවත සේවයට බදවා ගන්නා ලෙස දැනුම් දුන්නද වයඹ පළාත් සභාව නිහඩය.ඒ නිසා ජාතික සූරයන් නිර්මාණය කිරීම වෙනුවෙන් උපහාර ලෙස රජයෙන් ලැබී තිබෙන සේවය අහිමි කිරීම දෙස මේ වන විට විශ්‍රාමික සුවයෙන් පසුවන හිටපු වයඹ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට තරම් සතුටක් වෙන කිසිවෙකුට නොදැනෙනු ඇත.
ජාතික සූරයන් බිහිකරන තමන් යටතේ සිටින නිලධාරියෙකු පමණක් නොව එම නිලධාරියාගේ දරු පවුලට ද බඩ ගින්න තදින් දැනෙන්නට ඇර විශ්‍රාම ගිය අධ්‍යක්ෂවරයා අනු ගමනය කරන්නට තවත් ක්‍රීඩා පරිපාලකයන් පුරුදු පුහුණු වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැළක්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම මීට වඩා ජවයකින් සිදු විය යුතු බව අපි විශ්වාස කරන්නෙමු.
මලල ක්‍රීඩා සංගමය ද මේ රටට සම්පත් නිර්මාණය කරන පුහුණුකරුවා ගේ ගැටළු වලට මීට වඩා මැදිහත්විය යුතුය.අඩුම තරමේ නීත්‍යාණුකූල මට්ටමෙන් මේ පුහුණුකරුවාට සිදු වී තිබෙන දේ පිළිබදව විමසා බලා අදාළ වගකිවයුත්තන් දැනුවත් කිරීමට සහ ඔවුන් මෙම දක්ෂයා ආරක්ෂා කිරීමට පෙළඹවීමට මීට වඩා මැදිහත් වීමක් කළ යුතුය.එසේ නොවීමෙන් විය හැක්කේ, වගකීමෙන් වැඩ කරන පුහුණුකරුවන් අභියෝගාත්මකව ක්‍රීඩාවේ ප්‍රගමනය පිණිස කරන මැදිහත් වීමෙන් කුසීතව ඉවත්වීම පමණි.
දිල්රුක්ෂි ගේ දිදුලීම
මලල ක්‍රීඩා බලධාරීන් විසින් කරන ලද නිවැරදි තේරීමක් ලෙස ඇයට ලැබුණු වරප්‍රසාදයන්හී ප්‍රතිපල විදහා පෙනවමින් සිටින ක්‍රීඩිකාවක් ලෙස චම්පිකා දිල්රුක්ෂි හැදින්විය හැකිය.මෑත කාලීනව පැවති තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 800 සහ 1500 ඉසව් ද්විත්වයෙන්ම රන් පදක්කම් දිනා පැමිණි චම්පිකා දිල්රුක්ෂි මෙවර ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී වසර 9 ක් පැවති කාන්තා මීටර් 800 ඉසව්වේ  වසර නවයක් පැවති ක්‍රීඩා උළෙල වාර්තාව අලුත් කළාය.කෙන්යානු පුහුණුව ලද චම්පිකා එම පුහුණුවෙන් පසුව පැමිණ මේ වන විට මැදි දුර කාන්තා ධාවනයේ ලාංකේය සළකුණ බවට පත් වෙමින් සිටින්නීය.දැනට මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව දරන්නී චම්පිකා මේ වන විට මීටර් 800 ඉසව්වේ ලංකාවේ හොදම දෙවන කාලය වාර්තා කළ ක්‍රීඩිකාව ද වන්නීය.
අලුත් මැදිදුර බලාපොරොත්තුව බවට පත් වී සිටින චම්පිකාව රැක  ගැනීම සහ ඒ දක්ෂතා වර්ධනයට අවශ්‍යය පසුබිම සැකසීමට ඇය පෙළන ද්‍රරිද්‍රතාවයට පහර දීමට වෙනම කණ්ඩායමක් සැකසිය යුතුය.ඒ ආර්ථික ප්‍රහාරය සාර්ථකව සිදු වන්නේ නම් අයගේ යුධ හමුදා පඩිය,ක්‍රීඩා අවශ්‍යයතා සහ දුක්ඛ දෝමනස්සයන් උරුම සිය පැල්පතේ ගැටළු වලින් මිදීමට දරන්නට වන බරපැන අපහසුවෙන් දරා ඉන්නා යුධ හමුදාවේ පඩිපතට කළ නොහැකි තව බොහෝ දේ තිබෙන බව චම්පිකාගේ දෙපය විසින් අනාගතයේදී ඔප්පු කරනවා ඇත.
රුපියල් 100 ද මහමෙරක් සේ වටිනා සහ රුපියල් 100 ක වෙනසකට ද මහත් වූ වෙනස් ප්‍රතිලාභ අත්කර දිය හැකි වට පිටාවක පවතින මලල ක්‍රීඩාව වැනි ක්‍රීඩා සදහා සහන සැළසීම වෙනුවට රේසින් මෝටර් රථ පමණක් බද්දෙන් නිදහස් වන ප්‍රායෝගික නොවූ වටපිටාවක් තුළ ක්‍රීඩාවෙන් රට ලෝකයට ගෙන යාමට හැකි ශඛ්‍යතාවයන් ප්‍රගුණ කරන චම්පිකා වැනි ක්‍රීඩිකාවකට,අඩුම තරමේ සිය පුහුණුවට එන්න බයිසිකලයක්වත් ලැබෙනවා නම් යහපත් නොවන්නේද?
90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ ප්‍රතිපල සදහා මෙම සබදතාවය භාවිතා කරන්න http://www.srilankaathletics.com/F2d%202012.html

www.supirikrida.com

Nov 10, 2012

ජාතික සූරතාවලියේ පළමු දිනයේදී දුලක්ෂි සියවාර්්තාව තව දුරටත් ඉදිරියට ගෙන යයි

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ එකම ජාතික වාර්තාව හිමිකර ගැනීමට හ්‍රී ලංකා ගුවන් හමුදාවේ එරංගා දුලක්ෂි සමත් වූවාය.අවස්ථා කිහිපයකදීම විවිධ හේතූන් නිසා සසල වූ 90 වැනි ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඊයේ (නොවැම්බර් 09) සිට නොවැම්බර් 11 වන දි දක්වා කො"ළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.ගෙවුණු තායිලන්ත විවෘත තරගාවලියේද මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජයග්‍රාහිකාව වූ එරංගා දුලක්ෂි එහිදී මීටර් 1500 ඉසව්වේ රදී පදක්කමද දිනා ගත්තාය.එම තරගාවලිය නිමා වී ලංකාවට පැමිණ දින කිහිපයක් ඇතුළත යළිත් තමා සතුව තිබූ ජාතික වාර්තාව විනාඩි 10:11.72 දක්වා ඉදිරියට ගෙන ඒම විශේෂ සිද්ධීයකි.
ඊයේ පැවති සෙසු තරග වලදී කාන්තා දුර පැනීමේ තරගය ජය ගැනීමට එන්සීඩී ප්‍රියදර්ශණී සමත් වූවාය.කාන්තා කවපෙත්ත තරගය ජය ගත්තේ සොනාලි කුමාරී වීරසේකරය.තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු කාන්තා යගුලිය වීසිකිරීමේ තරගය ජය ගත්තාය.සුජානි බුද්දිකා කගකට පසුව මීටර් 200 ඉසව්ව තත්පර 24 ට අඩුවෙන් ධාවනයේ යෙදෙමින් තත්පර 23.92 කාලයකින් ජය ගත්තාය.එසේම ජාතික උස පැනීමේ වාර්තාලාභිණිය වන ප්‍රියංගිකා මධුමන්ති සිය නම තවත් වාර්තාවකට දායක කර ගනිමින් මීටර් 1.81 ක උසක් තරණය කරමින් නව ක්‍රීඩා උළෙල වාර්තාවක් තැබීමට සමත් වූවාය.
මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කරන ලද නිල ප්‍රතිපල ලේඛණයට පහත සබදතාවය හරහා පිවිසිය හැකිය.
 https://docs.google.com/file/d/17DStq4y4hbSZSdbiV5vBvoTTBj7FQZ7hMnaCStcYetkCidR1KquCmE1SkKVC/edit
www.supirikrida.com

ඩිල්ෂාන්ට ලෙඩ - කපුගෙදර ගොඩ- කෞෂාල්ට ඉඩ

Tharindu Kaushal registered Sri Lanka's best bowling figures with 3 for 28
තරිදු කෞෂාල්
වසීලන්තය සමග පැවත්වෙන සිව්වන සහ පස්වන එක්දින තරග සදහා නම් කරන ලද සංචිතයෙන් ටීඑම් ඩිලෂාන් ඉවත්වී ඇත.අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඩිල්ෂාන් ගේ ඉවත්වීමෙන් ඇති වූ අඩුව පිරිවීමට යලිත් වරක් ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමේ අවස්ථාව චාමර කපුගෙදර ට හිමි වී ඇත.ඒ අතරම යොවුන් ක්‍රීඩක තරිදු කෞෂල් ද මෙම තරග සදහ කැදවා තිබීම විශේෂ සිදුවීමක් කොට දැකිය හැකිය.දකුණතින් පිට දග පන්දු යවන සහ දකුණතින් පන්දුවට පහර දෙන මෙම ක්‍රීඩකයා පසුගිය අවුරුදු 19 න් පහළ ලෝක සූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක් වූ ක්‍රීඩකයා විය.
එම තරගාවලියට තරිදු තෝරා ගැනීමේ දී අකිල ධනංජය ඉවත් කරන්නට යෙදුණු අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ 20 / 20 එස්එල්පීඑල් තරගාවලිය හරහා අකිල තරිදු අභිබවා පෙරට පැමිණ ඉකුත් 20 / 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට සමත් විය.ඒ අනුව තේරීම් කමිටුව යම් අභියෝගයකට ලක් විය.එම අභියෝගයට පිළිතුරක් ලෙස ඉදිරි එක්දින තරග දෙක සදහා සහ ටෙස්ට් තරග සදහා තෝරා ගන්නා ලද කණ්ඩායම් සදහා තරිදු කෞෂාල් ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
එක්දින සංචිතය -මහේල ජයවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,උපුල් තරංග,ලහිරු තිරිමාන්න,තිසර පෙරේරා,ජීවන් මෙණ්ඩිස්,රංගන හේරත්,සමින්ද එරංග,චාමර කපුගෙදර,අකිල ධනංජය සහ තරිදු කෞෂාල්

ටෙස්ට් සංචිතය - මහේල ජවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,කුමාර සංගක්කාර,ටීඑම් ඩිල්ෂාන්,දිනේෂ් චන්දිමාල්,තරංග පරණවිතාන,ධම්මික ප්‍රසාද්,චානක වෙළගෙදර,සමින්ද එරංග,ප්‍රසන්න ජයවර්ධන,රංගන හේරත්,තිලාන් සමරවීර,සුරාජ් රන්දිව්,රංගන හේරත්,නුවන් කුලසේකර,තරිදු කෞෂාල්
www.supirikrida.com

නිලූක අද බහරේන අවසන් තරගයට මුහුණ දෙයි


ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න අද බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝග සූරතාවලියේ අවසාන තරගයට ඉන්දියාවේ සායි ප්‍රනීත් ට එරෙහිව මුහුණ දීමට නියමිතය.අවසාන තරගය දක්වාම සෘජු ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරියට පැමිණි නිලූක,මෙම තරගාවලියට ඉදිරිපත්වන ක්‍රීඩකයන් අතර සිටින ප්‍රබලතම ක්‍රීඩකයාය.


මේ වන විට අංක 43 ට ශ්‍රේණිගතව සිටින නිලූක ට අද හමුවන ඉන්දීය ක්‍රීඩකයා ලොව 71 වන ස්තානයට ශ්‍රේනිගතව සිටින ක්‍රීඩකයා ය.ඔහුගේ උපරිම දක්ෂතාවය 65 වන ස්ථානයට ශ්‍රේණිගත වීම බැවින් නිලූකට විශාල අභියෝගයක් එල්ල වේ යැවි අපෙක්ෂා කළ නොහැකිය.නමුත් ඔහු ද තරගාවලිය තුළ මේ දක්වා ඉතිමත් හොදින් ක්‍රීඩා කර තිබෙන බව ඔහුගේ තරග සටහන් නිරීක්ෂනයේදී පැහැදිළි වන කරුණකි.

www.supirikrida.com


ක්‍රීඩා සංවර්ධනයේ පළමු තැන කාර් රේසින් ද?


හින්ද චින්තනය යටතේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය පෙරමුණේ තබා ගෙන වැඩ කරන්නේ නම් ක්‍රීඩාවේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවිය යුතුය.ඒ සදහා ක්‍රීඩාංගණ නවීකරණයට සමගාමීව දේශීය ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයා දිරි ගැනවීම සදහා එම මූල ද්‍රව්‍ය ගෙන්වීමට බදු සහන සැපයීමේ සිටම අලුත් තාක්ෂනය පිළිබදව දැණුම යාවත්කාලීන කර ගැනීමට ද අවශ්‍යය සහයෝගය ලැබිය යුතුය.ක්‍රීඩා භාණ්ඩ ගත්තද වඩා හොද තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා උපකරණ පරිශීලනයට අවශ්‍යය පසුබිම සැකසිය යුතුය.
එහිදී ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රියාත්මක සමාජ තලය අනුව ඒ සදහා ලොකු අවුලක් නැකි වුව ද අනතුරුව පෙළ ගැසෙන මලල ක්‍රීඩා,වොලිබෝල් සහ පාපන්දු වැනි ක්‍රීඩාවල නිරත වන පිරිසගේ ආර්තිකය යහපත් නැත.එවැනි වට පිටාවක මෙම ක්‍රීඩකයන්ට යහපත්ම දේ වෙනුවට මිළ අඩුම දේ තේරා ගන්නට සිදු වන්නේය.ලාබ බඩුවේ හිලක් කීවා සේ එම මිල නියම වන වටපිටාව යනු එහි ක්‍රීඩාවට උචිත බව සාපේක්ෂව තීරණය කරන බව ද අප පිළීගත යුතුය.
උදහරණයකට යට ඇදුමේ සිටම ක්‍රීඩකයාගේ තේරා ගැනීම් ඔහුගේ ක්‍රීඩාවේ පැවැත්ම සහ ඒ සදහා බලපාන සෞඛ්‍යමය පරිසරය පිළීබදව තීරණය කරන අතර වඩාත් හොදම දේ සදහා ඔවුන්ට යා හැකි නොවන හේතූන් අතර එම භාණ්ඩ ගෙන්වීමේ දී දරන්නට වන අධික බදු වියදම් ද ඊට හේතු වන්නේය.උදහරණයකට මලල ක්‍රීඩකයෙකුගේ ඉදිරි ගමණට ඔහුගේ උපකරණ වල වැදගත්කම කෙතරම් බලපාන්නේද යන්න ඔවුන්ම කිහිප විටනදී පවසා ඇත.හෙල්ල වීසිකිරීමේ ක්‍රීඩාවේදී හෙල්ලේ නිෂ්පාදිත නම වැදගත් තැනක් ගන්නා අතර නිෂ්පාදන නාමය අනුව දක්ෂතා දැක්වීමට ඇති ඉඩ කඩ ද තීරණය වන බව ද ක්‍රිඩකයන්ම කිහිප විටෙක පවසා ඇත.මලල ක්‍රීඩා පරිපාලනයට නායකත්වය දුන් පුද්ගලයෙකු හැටියට ඕනෑම දෙයක් ඇද ඕනෑම දෙයක් භාවිතයට ගෙන ක්‍රීඩාවේ උපරිම ප්‍රතිපල නෙලා ගැනීමට නොහැකි බව ජනාදිපතිවරයා වුව දන්නේය.
නමුත් මේ රටේ බහුතරයකගේ ක්‍රීඩාවන් පසෙක තිබියදී අය - වැයෙන් මිළ අඩු කිරීමට තීරණය කර ඇත්තේ රේසින් මේටර් රථ වලය.එය රටේ සමස්ථ ක්‍රීඩාව ගත් විට අතිශයින් අඩු පිරිසක් නියෝජනය කරන ක්‍රීඩාවකි.එම අඩුවීම හේතු කර ගෙන කේෂ්ත්‍රයට කෙතරම් දෙනෙකු පිවිසේදැයි කීමට ද අපහසුය.මන්ද එය දහස් ගණනකින් සිදු කළ හැකි ක්‍රීඩාවක් නොවන බැවිනි.තරගයකට හෝ තරග පුහුණුවකට භාවිතා කරන්නට වන ඉන්ධන ද සමග එම එක් අවස්ථාවක න්‍රීඩකයෙකුට වැය කරන්නට වන මුදල ලක්ෂ ගණනක්ය.ඒ නිසා ක්‍රීඩාවේ ව්‍යාප්තිය යන කාරණය රේසින් මෝටර් රථ වල මිළ අඩුවීමෙන් තීරණය නොවෙන අතර එය එම ක්‍රීඩාවේ නිරත වන කිහිප දෙනෙකුට යම් සහනයක් ඇති කිරීමක් පමණි.
අප එය වැරදි යැයි නොකියන්නේමු.කුමන ක්‍රීඩාවකට වුව සහනයක් ලැබීම වැදගත්ය.එහෙත් බහුතරයක් නියෝජනය කරන,ප්‍රගමනයට සහ ව්‍යාප්තියට බල පා තිබෙන මිළ සාධකය මත සහභාගීත්වය සහ ප්‍රතිපලය තීරණය කරන ක්‍රීඩාවන් ට සහනයක් ලැබීම ඊට වඩ සාපේක්ෂව වටින්නේය.
ඒ අනුව ගත් විට ජනාධිපතිවරයාගේ පුතුන්ද මෝටර් රේසින් සදහා ඉදිරිපත්වන තත්ත්වයක් තුළ මෙය පුතාගේ සෙල්ලමට සළකා සෙස්සන්ට රොඩු වීසි කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය.එහෙත් යථාර්තය එයම විය නොහැකිය.මෙම අයවැය සකස් වන්නේ ආර්ථික උපදේශකයන් සහ මහ බැංකුවේත් මුදල් අමාත්‍යංශයේත් ජනාධිපතිවරයාගේ පෞද්ගලික උපදේශකයන්ගෙන් ලබා ගත් සැළසුම් ද සැළකිල්ලට ගනිමින්ය.ඒ අය මෙහිදී තාත්තා කෙනෙකු ලෙස ජනාධිපතිවරයාව චූන කිරීම පෙරට දමනු විනා ජනාධිපතිවරයා ලෙස මේ රටේ ජනතාවගේ වැඩි අවශ්‍යයතාවය නොසළකා හැර ඇත.රජයේ දේශපාලන නායකත්වය සහ එහි වුල් සාමාජිකයන් පිනවීමසිය රාජකාරිය ලෙස සළකන රටේ ජනතාවගේ බදු මදලින් වැටුප් ලබන මෙම නිලධාරීන් එම ජනතාව වෙනුවෙන් කළ යුතු ප්‍රතිඋපකාරයන් නොසළකා හරිමින් ජනාධිපතිවරයා නොමග හරින ප්‍රමාණය මෙම තීරණය තුළින්ද ඉතාමත් හොදින් පැහැදිළි වන්නේය.
මහින්ද චින්තනයේ ක්‍රීඩා සංස්කාතියක් පිළිබදව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී ඊට අවශ්‍යය වටපිටාව සැකසීම වෙනුවෙන් තීරණ ගැනීමට වැටුප් ගෙවා පත් කර තිබෙන පිරිස් බේබි චූන් නයායෙන් කටයුතු කර රටත් රටේ ක්‍රීඩාවත් දෙවන කොට සිතා ඇති බව පැහැදිළිය.
එහෙත් සියල්ල තීරණය වන්නේ මෙම අයවැය ලේඛණයෙන් නොවන බව අපි දනිමු.භාණ්ඩ මිළ වැඩි වීමට අඩු වීමට මෙන්ම ,ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ඇති අතරමැද අවස්ථාවන්ද යෙදෙන්නේය.ඒ නිසා ජනාධිපතිවරයාට අතර මැද සිට හෝ මේ දෙස නැවත හැරී බැලීමට හැකි අතර ඒ සදහා මේ අවයැය විවාදය වන අවස්ථාවේ පක්ෂ - විපක්ෂ කාට වුව ඒ පිළිබදව අදහස් දැක්වීමට ඉඩ විවෘතව පවතින්නේය.ක්‍රීඩා සංස්කෘතිය,ක්‍රීඩා ආර්ථිකය යන වචන වචන වලට සීමා නොවන වටපිටාවක් නිර්මාණය වීමේදී දේශිය ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයා රැක ගැනීම සදහා ඔහුට නිෂ්පාදන මූල ද්‍රව්‍ය ලබා ගැනීමේදී බදු සහන සැළසීම,උසස් තාක්ෂනය මිළදී ගැනීමට අවශ්‍යය බදු පරිසරය සැහැල්ලු කිරීම,ගෙන්වන ලද උසස් ක්‍රීඩා භාන්ඩවල මිළ සහනය සදහා ඉදු බර අඩු කිරීම වැනි කාරණා සැළකිල්ලට ගැනීම වැදගත්ය.දේශිය නිෂ්පාදකයා රැක ගැනීම සදහා යන්න ද ප්‍රතිපත්තිමය වශයෙන් සළකා බලන තත්ත්වයක,එම බදු සහන ක්‍රීඩාවේ දේශිය වශයෙන් නිෂ්පාදන සිදු කරන පිරිසට ලබා දීම ද කළ හැකිය.
නැවතත් උදාහරණයක් ලෙස මලල ක්‍රීඩාව ගත් විට එහි උපකරණ වල මිළ රුපියල් සිය ගණනකින් අඩු වැඩි වීමද භාවිතයේ උසස් බව ප්‍රතිපලයේ සාධනීය තත්ත්වයන් නිර්ණය කිරීමට බල පා හැකි බව ඉතාමත් පැහැදිළිය.ඉතිං එවැනි තත්ත්වයක රේසින් කාර් පදින සුඛෝපභෝගී ජීවිත ගත කරන අයට අමතරව,බස් එකේ,යන සාමාන්‍ය ක්‍රීඩකයාගේ ආර්තිකයද සැළකිල්ලට ගන්නේනම් අපි බෙහෙවින් එය අගය කරන්නෙමු.
www.supirikrida.com