Aug 18, 2012

නැගෙනහිරට සහ වයඹට ජය

Chathuraga Kumara finished with three wickets
චතුරංග කුමාර
එස්එල්පීඑල් තරගාවලිය යටතේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි පැවති ඌව සහ වයඹ අතර තරගයෙන් වයඹ කණ්ඩායමත්,නැගෙනහිර සහ බස්නාහිර අතර පැවති තරගයෙන් නැගෙනහිර කණ්ඩායමත් ජය ලැබීය.වයඹ කණ්ඩායමට එරෙහිව ඌව කණ්ඩායමේ නායක තිළිණ කණ්ඩම්බි කාසියේ වාසිය ලබමින් පන්දු රැකීමට තීරණය කළ අතර එම තීරණයට සාධාරණය ඉටු කළ ඌව පන්දු යවන්නෝ ප්‍රබල පිතිකරු නාමාවලියක් සහිත වයඹ කණ්ඩායම ලකුණු 147 ට සීමා කර දුන්හ.
පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ජේකබ් ඕරම් ලකුණු 6 ට කඩුලු 3ක් ලබා ගනිමින් වයඹ ඉණිමේ ශක්තිය මොට කර දුන් අතර ඊට අමතරව උමාර් ගුල් සහ දිල්හාර ප්‍රනාන්දුට කඩුලු 2 බැගින් හිමි විය.වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය වයඹ කණ්ඩායම වෙනුවෙන් කම්රාන් අක්මාල් ගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහු ලකුණු 36 ක් ලැබීය.
ඌව පිතිකරුවන්ගේ කාර්යය නොනවත්වා පෙරට රැගෙන යන්නට ඌව පිතිකරුවෝ අසමත් වූහ.ඒ සදහා ඔවුන්ගේ කළබලය නිසා වූ දුවද්දී දැවී යාම් දෙකක්ද,වයඹ කණ්ඩායමේ තරුණ පන්දු යවන්නන්ගේ හැකියාව ද බල පෑ අතර එහ අවසාන ප්‍රතිපලය ලෙස ඌව ඉණිමට වයඹ ඉණිමට වඩා ලකුණු 20 ක් මෙපිටින් තිරිංග වැටිණි.විශේෂයෙන් කොළඹ ශාන්ත ජෝෂප් කණ්ඩායමෙන් පැමිණි 20 හැවිරිදි චතුරංග කුමාර මෙන්ම පානදුර මහානාම විද්‍යාලයෙන් පැමිණි තවමත් අවුරුදු 19 නොඉක්ම වූ අකිල ධනංජයගේ දකුණත් පිට දග පන්දුවද ඌවට එරෙහිව වූ  විශාලතම හිසරදය විය.
ජේකබ් ඕරම් සහ ඩිල්ෂාන් මුණවීර පන්දු 19 බැගින් මුහුණ ද ලකුණු 26 බැගින් රැස් කළ ද චතුරංග කුමාර ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගනිමින් සහ විශිෂ්ඨ පන්දු රැකීමක නියැලෙමින් පෑ දස්කම් නිසා ද,ධනංජය ලකුණු 20 ට කඩුලු 2 ක් දවා ගනිමන් පෑ දස්කම් නිසාද තරගයේ ජයග්‍රහණය වයධ කණ්ඩායමට හිමි විය.
දෙවන තරගයේදී බස්නාහිර සහ නැගෙනහිර කණ්ඩායම් මුණ ගැසුණු අතර එහිදී කාසියේ වාසිය ලද නැගෙනහිර කණ්ඩායම පළමුව පන්දු රැකිමට තීරණය කළ අතර සුපුරුදු පරිදි මේ තරගයේද මුල් භාගය සම්පූර්නයෙන් බස්නාහිර නායක ටීඑම් ඩිල්ෂාන් පිට පැටවුණු බවක් දකින්නට විය.පෙර පෙළ පිතිකරුවන්ගෙන් ලකුණු ලැබීම වේගවත්ව සිදු නොවන තත්ත්වය තුළ ඩිල්ෂාන් මත ගොඩ නැගෙන පීඩනය ද ඉහළ යන අතර එහිදී ඩිල්ෂාන් ගේ ඉණිම කළබලකාරි පහරකින් ලකුණු 35 ක් ලබා සිටියදි නිමාවන්නේය.එය බස්නාහිර පිලේ වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර දිමුත් කරුනාරත්න (25) සහ කැමරන් බෝගස් (32) ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කළ ද නැගෙනහිර පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නෝ ද ඊට ප්‍රමාණවත් ඉඩක් ලබා නොදුන්හ.ප්‍රතිපලය ලෙස සමින්ද එරන්ද නමට ලකුණු 20 ට කඩුලු 3 ක් හිමිවන අතර ඒ කඩුලු තුන තරම්ම ප්‍රමාණවත් අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින් සමින්ද ටීඑම් ඩිල්ෂාන් දවා ගැනීමට ද හවුල් වන්නේය.
පිළිතුරු ඉණිමට මුහුණ දුන් නැගෙනහිර කණ්ඩායමේ පළමු අංක හතරම විදෙස් පිතිකරුවන්ගෙන් සන්නද්ධ වුව ද ඊට එරෙහිව ක්‍රියාත්මක වන බස්නාහිර කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ ඉම්රාන් නසීර් ගේ පුහාරය විශ්‍රාම ගන්වන්නට ද,අහමද් ෂෙශාද් (18) සහ ට්‍රෙවිස් බර්ට් (1) ඉක්මණින් දවා ගන්නට ද සමත් වූ නමුත් බංගලාදේශ කණ්ඩායමේ නායක මුස්පිකර් රහිම් අගනා ලකුණු 54 ක් නොදැවී ලබමින් නැගෙනහිර කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් විය.රහීම් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් (30) තෙවන කඩුල්ලට ලකුණු 57 ක සබදතාවයක් ද රහීම් සහ ඇන්ජලෝ පෙරේරා (15) පස්වන කඩුල්ලට නොදැවුණු ලකුණු 43 ක් ද එක් කරමින් කඩුලු 6 ක ජයක් නැගෙනහිර කණ්ඩායමට ලබා දීමට පියවර ගන්නේය.
වයඹට ජය කැදවීම සදහා පන්දු යැවීමෙන් මෙන්ම රැකීමෙන්ද දස්කම් දැක් වූ චතුරංග කුමාර ට තරගයේ වීරයා සම්මානය හිමි වූ අයුරින්ම නැගෙනහිර - බස්නාහිර තරගයේදී ද පන්දු රැකීම සහ පන්දු යැවීම සළකා තරගයේ වීරයා සම්මානය සමින්ද එරංග ට හිමි විය.
වයඹ සහ ඌව අතර තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571360.html  සබදතාවයෙන්ද නැගෙනහිර සහ බස්නාහිර අතර තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571360.html සබදතාවයෙන්ද පිවිසිය හැකිය.
www.supirikrida.com

Aug 17, 2012

ලාංකේය ක්‍රිකට් අනාගතයට අසුභ ලකුණක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සම්බන්ධ අසුභ ලකුණක් මතු කරමින් ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට වීසි වී තිබෙනවා.අවසාන කණ්ඩායම් අතරට පැමිණීමට අපොහොසත් වූ එකම ආසියාතික ටෙස්ට් ජාතිය බවට පත් වී සිටින ශ්‍රී ලංකාව තමන් සහභාගි වූ ඩී කොටසේ දී දකුණු අප්‍රිකාවට සහ බංගලාදේශයට පරාජය වීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙනවා.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක පවතින් රටක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකාව අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියන් හී කැපී පෙනෙන දස්කම් දැක් වූ රටක් හැටියට ඉතිහාසයේ සදහන් වුව ද මේ ආකාරයෙන් තරගාවලියේ ප්‍රථම වටයෙන්ම ඉවතට වීසි වී යාමෙන් ඒ කීර්ති නාමය හානියට ලක් වී තිබෙනවා.
තරගාවලියේ ලකුණු සටහන සහ ඒ සම්භන්ධ සවිස්තරාත්මක තොරතුරු සදහා පිවිසෙන්නට ක්‍රිකට් සම්බන්ධ නිල වෙබ් අඩවියේ ඒ සම්බන්ධ තොරතුරු සදහා මෙම සබදතාවය තෙරපීමෙන් පිවිසීමට අවස්ථාව සළසා තිබෙනවා.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/series/526969.html?view=pointstable
www.supirikrida.com

Aug 16, 2012

NORLANKA ක්‍රිකට් තරග 18 දා සරා පිටියේදී

ජාත්‍යන්තර වශයෙන් විසීරි පවතින,රටවල් 25 ක ට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක  ඇගළුම් විලාසිතා කර්මාන්තයට  සම්බන්ධිත මිළදී ගැනිමේ සහ විකිණීමේ ජාලයක ශ්‍රී ලංකා නියෝජිතත්වය දරණ,'සිමාසහිත නොර්ලංකා මනුෆැක්චරින්ග්' තම ආයතනයට සම්බන්ධ 255 ක් පමණ වු සේවක පිරිස වෙනුවෙන් දෙවන වරටත් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය මෙම 18 වන සෙනසුරාදා කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තහාලා 60 ක් සමග පමණ සිය ව්‍යාපාරික ජාලය ක්‍රියාත්මක කරන නොර්ලංකා ආයතනය ඉකුත් වසරේ  පළමු වරට සංවිධානය කරන ලද නොර්ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එවර කණ්ඩායම් 10 ක් ඉදිරිපත් වුව ද මෙවර කණ්ඩායම් 18 ක් ඉදිරිපත් වීමට නියමිතය
www.supirikrida.com

තේරීම් කමිටුවේ තීරණයට ඇමති අනුමැතිය හිමි වේ





කණ්ඩායම තේරීමේ දී තේරීම් කමිටුවේ තීරණයට එරෙහිව නැගි යම් අර්බුදකාරී තත්ත්වයන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මැදිහත්ව විසදීමෙන් අනතුරුව තේරිම් කමිටුවේ තීරණට අනුව තෝරා ගන්නා ලද ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වි ඇත.මේ සම්බන්ධයෙන් අර්බූදයේ මුල් අවස්ථාවේම  ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සුපිරි ක්‍රීඩා කරුණු විමසීමක් කරන ලද අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තේරිම් කමිටුවේ ස්වාධිනත්වයට හානි කර තීරණයක් තමන් නොගන්නා බවය.ඒ අනුව මත දෙකක සිටි දෙපාර්ශවයේ තීරණයන් පිළිබද ප්‍රායෝගික සත්‍යය කවරේද යන්න විමසා බැලීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තේරීම් කමිටුව සමග ක්‍රීඩා සැසියකට සහභාගි වූ අතර එහිදී අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තේරීම් කමිටුවේ තීරණය අනුමත කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් තෝරා ඉදිරිපත් කරන ලද කණ්ඩායමට අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත.
"තේරීම් කමිටුව තේරු කණ්ඩායම හොදයි,දැන් තියෙන්නේ එම කණ්ඩායම තරගයේදි භාවිතා කරන්නේ කොහොමද කියන එකයි.හයසින්ත් වගේම ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකාරියද අත්දැකීම් ඇති අය.ඒ අය ඒ දේ කරයි.අමාත්‍යවරයා මේ තරගාවලිය වෙනුවෙන් සෑහෙන පහසුකම් ලබා දුන්නා.අපි ඒ වෙනුවෙන් යහපත් ප්‍රතිපලයක් ලබා දෙන්න මේ කණ්ඩායමට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා"යනුවෙන් පවසන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉදිරි දිනවලදී ද අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය පුහුණු සැසි පවා අධික්ෂණයට ලක් කරමින් කණ්ඩායම සමග රැදී සිට ඔවුන් දිරිමත් කිරිමට අවශ්‍යය පියවර ගන්නා බව පැවසීය.
මෙවර කණ්ඩායමේ සම නායිකාවන් ලෙස තර්ජණි සිවලිංගම් සහ ගයත්‍රි ලංකාතිලක කටයුතු කරන අතර කණ්ඩායමේ සිටින පළපුරුදු ක්‍රීඩිකාවන් අතර ශෂිකා සමරසිංහ සහ ධම්මිකා මල්කාන්ති 2001 ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඇතුළත් ව සිටි ක්‍රීඩිකාවන්ය.මරිෂා ප්‍රනාන්දු ද අත්දැකිම් ඇති ක්‍රීඩිකාවක් වන අතර සේමිණි අල්විස්,චතුරංගී ජයසූරිය,විශාකා ජයසූරිය,තිසාලා අල්ගම,ගයනි දිසානායක,සමන්ති නිලූෂිකා,දීපිකා අබේකෝන් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.
කණ්ඩායමේ පුහුණුකාරීත්වය හයසින්ත් විජේසිංහට හිමි වී ඇති අතර පුහුණු උපදේශිකාව ලෙස ෂු ගාඩියන්  කටයුතු කරන්නීය.කණ්ඩායම් කළමණාකාරිය ලෙස දිනලි පිටිගලආරච්චි කටයුතු කරන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ලාල් ඒකනායක ය.
www.supirikrida.com

අමිල සහ උපුල් පරාජයේ අගෞරවය හීන කරති

Pulina Tharanga plays a shot on the off side
පුලින තරංග
ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතරක පරාජයක් ලැබූ අතර එම පරාජයේ ප්‍රමාණය අවම කරමින් අසාර්ථක වූ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් වෙමින් අමිල අපොන්සු (11) සහ පුලින තරංග (නොදැවී 50) අවසාන කඩුල්ලට එක් කළ ලකුණු 52 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූවරුව ලකුණු 150 දක්වා රැගෙන යන්නට සමත් විය.
කාසියේ වාසිය ලැබූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමට ගත් තීරණය නිවැරදි බව ඔප්පු කළ බ්‍රිස්බේන් තණතීරුව ශ්‍රී ලංකාවේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වන්නට දුන්නේ නැත.තණතිරුවේ ස්වභාවයෙන් අපරිමය නෙලාගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසෙන්නට ඉඩ ලබා දුන්නේ පස් දෙනෙකුට පමණි.පුලින් සහ අමිල හරුණු විට නිරෝෂන් දික්වැල්ල(12),ඇන්ජලෝ ජයසිංහ (10) සහ ලහිරු මධුෂංක (19) පමණක් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසි අතර සෙසු පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ප්‍රමානය වාර්තා ක‍ළේ නායක සනිත ද මෙල් (06) වන අතර වෙනත් කිසිදු පිතිකරුවෙක් ලකුණු 05 ක් හෝ රැස් කිරීමට අපොහොසත් වූහ.
දකුණු අප්‍රිකානු ආරම්භක පන්දු යවන්නා වූ ක්‍රොන් ඩ්‍රේ එම අසාර්ථක වීමට මග පාදමින් පන්දු ඕවර් 8 ක් තුළ ලකුණු 16 කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් ඉතා පහසුවෙන් සිය ඉලක්කය කරා යමින් සිටියදී ක්‍රියාත්මක වූ කඩුලු 2 ට ලකුණු 101 ක් ව පැවති දකුණු අප්‍රිකානු ලකුණු පූවරුවේ කඩුලු දැවී යාම ඉක්මන් කරමින් ලකුණු ගලා ඒම අවම කිරීමට සමත් විය.ඔහු සිය පන්දු ඕවර් 10 ලකුණු 28 ට කඩුලු 3 ක් ලෙස නිමා කරමින් දකුණු අප්‍රිකාවට විශාල තර්ජනයක් එල්ල කළ ද ශ්‍රී ලංකාවට රැක ගැනීම තරම් ලකුණු ප්‍රමාණයක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත්ව තිබීම නිසා පන්දු ඕවර් 33 දී කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබා ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබිණි.
ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554533.html
www.supirikrida.com

ගෑණු හඩින් කතා කරන පිරිමියෙක් ගෑණු වැසිකිලියේ

ඔලිම්පික් තරගාවලියේ පිහිණුම් තරග පුහුණුව සදහා වෙන් කර තිබූ තටාගයක කාන්තා වැසිකිලියක සිටි පිරිමියෙකු ලන්ඩන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.තමන් පිරිමියෙකු ලෙස හදුනා ගැනීම වැළක්වීමට කාන්තා හඩින් කතා කිරීමට උත්සාහ ගනිමින් සිටි මෙම පිරිමියා පිළිබදව ක්‍රීඩිකාවන් තිදෙනෙකුම හදුනාගෙන පැමිනිලි කිරීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
කාන්තා වැසිකිලියේ සිටියදී අත් අඩංගුවට ගත් ඔහුට පොලිසිය ලිංගික අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කළ බවට චෝදනා ගොනු කරමින් නීතිය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා.
www.supirikrida.com

Aug 15, 2012

රුහුණ ජය මගට

Lasith Malinga appeals for an lbw
එස්එල්පීඑල් 20 - 20 තරගාවලිය යටතේ රුහුණ සහ උතුර කණ්ඩායම් අතර පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35 ක ජයක් ලබා ගන්නට රුහුණ කණ්ඩායම සමත් විය.පන්දු ඕවර් 16 ක් තුළ ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය උතුර කණ්ඩායම ලකුණු 95 ට සීමා කරන්නට පෙරමුණ ගත් රුහුණ නායක ලසිත් මාලිංග ලකුණු 21 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායම නතු කිරීමට පෙරමුණ ගනිමින් තරගයේ වීරයා බවට පත් විය.
පළමුව පන්දුවට පහර දුන් රුහුණ කණ්ඩායම වෙනුවෙන් ඉණිම ඇරඹූ ගිහාන් රූපසිංහ තමන් වෙත ක්‍රිකට් බලධාරින්ගේ  අවධානය යොමු කරවන සුළු ඉණිමක නියැලෙමින් පන්දු 35 දී ලකුණු 50 ක් ලබා ගත්තේ මුත්තයියා මුරලිදරන් වැනි සුපිරි ක්‍රීඩකයන්ද දැඩි ප්‍රහාරයකට ලක් කරමින්ය.ඔහු සමග ඉණිම ඇරඹු ආරොන් ෆින්ච් ලකුණු 65 ක් ලැබූ අතර ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබදතාවයට වාරු වී වර්ෂාව නිසා තරගය නතර කරන විට පන්දු ඕවර් 16 දී ලකුණු 145 ක් දක්වා යන්නට රුහුණ කණ්ඩායමට හැකිවිය.
පිළිතුරු බැදීමට පිටියට බට උතුර කණ්ඩායමට මාලිංග මුලදීම හරස් වීම නිසා තරගය පිළිබද බලාපොරොත්තු කෙමෙන් ගිලිහෙන්නට වුව ද නායක ජෙහාන් මුබාරක් (28) සහ ෆර්විස් මහරූ‍ෆ් (32)යම් සටනක් ලබා දීමට මැද පෙළින් පැමිණ උත්සාහ දැරුවද ඒ වන විට උතුර කණ්ඩායමට හිස එසවීමට නොහැකි තරමට පීඩනය ගොඩනැගී තිබූ බැවින් එම උත්සාහයන් අතර මගදී ව්‍යර්ථව ගියේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571358.html
www.supirikrida.com