Jun 15, 2012

ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලැබුවොත් ලක්ෂ 10 ක්


බාසිලෝනා හී පැවත්වෙන ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබන ක්‍රීඩකයෙකු වෙත රුපියල් ලක්ෂ 10 ක් පිරිනැමීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ සූදානමක් පවතින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.දැනට මෙම කාරණය සාකච්චෘ මට්ටමේ පවතින බවත් බොහෝ විට අමාත්‍යවරයා මෙම තීරණය ප්‍රකාශ කරමින් කණිෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය පිළිබදව සළකා එම තීරණය ප්‍රකාශයට පත් කළ හැකි බවත් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.
දැනට සාකච්චෘ මට්ටමේ පවතින මෙම තීරණය ප්‍රකාශයට පත් වුව හොත් අවසාන අටදෙනා අතරට තේරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම තීරණය ගැනීමට ඉඩ ඇති බව පෙන්වා දෙන අමාත්‍යංශ ආරංචි මාර්ග දැනට අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට තවත් කිහිප දෙනෙකු සහභාගි කරවීමට ඉල්ලීම් ඉදිරිපත් ව ඇතැයි ද පවසයි.

උපාලි සහ ගාමිණි ලන්ඩන් යාමට සුදුසුකම් ලබයි


https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137ea1023215b8b5&attid=0.1&disp=inline&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1339730144781&sads=MLOMCBJTKW4_HbqbBTumzypfle8සුගියදා කොරියාවේ පැවති රෝද පුටු කණ්ඩායම් ටෙනිස් තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක් වූ උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ලන්ඩන් හී පැවත්වෙන පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය සදහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය අවධාරණය කරයි.කොරියාවේ පැවති තරගාවලියේදී දැක් වූ දස්කම් මත ජගත් ශ්‍රේණිගත කිරීම්වල 69 වන ස්ථානයේ සිට 56 දක්වා ඉහළ පැමිණි උපාලි මෙන්ම 76 වන ස්ථානයේ සිට 70 දක්වා ඉහළ පැමිණි ගාමිණි ට ද පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වීමට හැකිවෙනු ඇති බවට ඔවුන් දෙදෙනාගේ පුහුණුකරු වන ජගත වැලිකල විශ්වාසය පළ කරයි.
https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137ea1023215b8b5&attid=0.2&disp=inline&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1339730185620&sads=Mo2ZayHe7Lq7589dVYDWxRm1Yow2008 බීජීං ඔලිම්පික් උළෙලේදී ද උපාලි සිය ප්‍රථම වටයේ තරගය ජය ගත්ත ද,දෙවන වටයේදී  එම තරගාවලියේ රන් පදක්කම දිනූ ක්‍රීඩකයා ඉදිරියේ පරාජය ලැබීය.නමුත් මෙවර වඩා හොද යහපත් තත්ත්වයකින් සිටින උපාලි සහ ගාමිණි  ‍දකුණු කොරියාවේ පැවති කණ්ඩායම් තරගවල දී ඉහළ දස්කම් පෙන්වමින් කේවල සහ යුගල තරග ජය ගත් අතර ඔවුන් ශ්‍රී ලංකාවට තෙවන තැන දිනා දීමට ද සමත් විය.ඒ නිසා මෙවර පැරා ඔලිම්පික් තරගාවලියේ දී මොවුන් සහභාගි වන කේවල තරගවල දී මෙන්ම යුගල තරගවලදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දෙදෙනා විශේෂ යමක් කිරීමට ඉඩ ඇති බව ටෙනිස් සම්මේලනයේ අදහස වී ඇත.           www.supirikrida.com

දුලාජ් ට විතරක් නෙමෙයි,අපි පවිත්රාටට සහ නදීශානිටත් සළකනවා - ප්‍රසන්න රණතුංග


http://www.sundayobserver.lk/2011/01/23/z_p04-UPFA.jpgසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 400 පිරිමි ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ දුලාජ් මධුෂංක ට බස්නාහිර පළාත් සභාවෙන් නිවසක් සහ රුපියල් ලක්ෂ පහක් පිරිනැමීමට ගත් තීරණය ඔහු බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු නිසා ගත් තීරණයක් බවත්,මේ වන විට බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් ඔහු පැමිණි වහාම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර අනෙක් පදක්කම්ලාභීන් දෙදෙනා වන පවිත්‍රා හංසනී ට සහ නදීහානී හෙන්ඩර්සන්ටත් මූල්‍යමය අනුග්‍රහයක් ලබා දීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කරන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සුපිරික්‍රීඩා වෙත පැවසීය.
දුලාජ් මීටර් 400 ඉසව්ව ජය ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට අමතරව ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට අවශ්‍යය පරිසාධන මට්ටම සැපිරීය.පවිත්‍රා සහ නදීශානී මීටර් 400 කාන්තා සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා දෙන්නට දායක වූ අතර ඔවුන්ගේ දක්ෂතාවය ද ඇතැම් විට ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ සහය දිවීමේ තරගයට තෝරා ගැනෙන අවසාන කණ්ඩායම් 16 අතරට තේරීම සදහා ප්‍රමාණවත් වීමට ඉඩ ඇත.

තුනෙන් පහ බලන්න පුළුවන්


ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති තුන්වන එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වූ බැවින් එම තරගය සදහ අලෙවි කළ ප්‍රවේශපත්‍ර පස්වන තරගය නරඹීම සදහා වලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීන්දු කර තිබෙන බව වාර්තා වේ.ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය පන්දු ඕවර් 6.2 ට සීමා වූ අතර ඒ නිසා තරගය නැරඹීම සදහා ප්‍රවේශපත් ලබා ගත් පිරිසට විදින්නට සිදු වූ අපහසුතාවය සළකා එම තීරණයට එළැඹිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.