චීන තායිපේ නියෝජනය කරමින් අද 44 දෙනෙකු ශ්‍රී ලංකාවට
ළගා වන අතර මෙවර තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු විට වැඩිම මාධ්‍යවේදීන් පිරිසක්
තරගාවලිය ආවරණය සදහා සහභාගි වන්නේද චීන තායිපේ වෙතින් වන අතර චීන තායිපේ මාධ්‍යවේදීන්
හත් දෙනෙකු ද අද දිවයිනට ළගා වීමට නියමිතය.අද දිවයිනට ළගා වීමට නියමිත සවුදි අරාබියානු
කණ්ඩායම ට 28 දෙනෙක් අයත් වන අතර ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ තාක්ෂන කටයුතු
වලට සම්බන්ධ නිළධාරීන් කිහිප දෙනෙකු ද අද ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිතය.
Jun 6, 2012
ආසියානු බලවතුන් අද මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ලංකාවට
යාපනෙන් තිදෙනෙක්
Jun 5, 2012
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ ප්‍රවේශපත්‍ර 80% ක් අවසන්
මේ වන විටත් තරගාවලිය වෙනුවෙන් රටවල් 31 ක් සහභාගි වන
අතර ඒ අතරින් කටාර්,කුවේට් සහ යේමනය ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා පුහුණුවීම්වල
යෙදෙමින් ඇත.
ජාතික කණිෂ්ඨ බොක්සි තරගාවලිය අද සිට දින පහක්
කණිෂ්ඨ බොක්සිං ක්‍රීඩකයන්ට
ජාතික මට්ටමට පිවිසෙන්නට මග සකස් කරන ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලිය අද (ජූනි 09)
සිට දින පහක් (ජූනි 09 දක්වා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ දී පැවත්වෙන
බව ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය වාර්තා කරයි.අන්තර්මාධය හෝ වෙනත් ජාතික
මට්ටමේ ජ්‍යෙෂ්ඨ බොක්සිං තරගාවලියක් නියෝජනය කර නොමැති අවුරුදු 17 සිට 34 දක්වා
වයසේ සිටින බොක්සිං ක්‍රීඩකයන්ට විවර වී තිබෙන මෙම තරගාවලිය රට පුරා බොක්සිං
සම්බන්ධයෙන් හිමි වී ඇති ජනප්‍රියත්වය නිසා දින පහක් පැවත්වීමට තරම් ඉල්ලුම් ලැබී
තිබෙන බව ආධුනික බොක්සිං සම්මේලනයේ ලේකම් මහේෂ් දහනායක පෙන්වා දෙයි.
බොක්සිං ක්‍රීඩාවට යොමුවීමේ
හොද ප්‍රවනතාවයක් රට පුරා දකින්නට ලැබෙනවා.මෙය රටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා
දිය හැකි ඉසව්වක් ලෙස ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගීමට සමත් ක්‍රීඩාවක් බවට පත් වී
සිටිනවා.ඒ සදහා අවශ්‍යය මග පෙන්වීම සහ ශක්තිය ලබා දුන් පුද්ගලයා ලෙස ඩයන් ගෝමස්
හිදින්විය හැකියි.යනුවෙන් මහේෂ් තව දුරටත් ඒ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේය.
අද සිට දින පහක් පැවත්වෙන
තරගාවලිය සදහා කාන්තා බර පංති 10 සහ
පිරිමි බර පංති 10 ක තරග පැවත්වීමට
නියමිතය.
දිව්රුම ශිවන්තිට,මුල සුපුන්ට,පහනට නිමේෂා සහ චලන
![]() |
| ශිවන්ති |
ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ
නායකත්වය යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ රිදී
පදක්කම්ලාභිණිය වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ශිවන්ති කුමාරි රත්නායකට
හිමි වී ඇති අතර ඇය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ආසියාතික කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
600 ට වැඩි පිරිසක් වෙනුවෙන් ක්‍රීඩක ප්‍රතිඥාව ලබා දීමට සුදුසුකම් ලබා ඇත.
පිරිමි කණ්ඩායමේ නායකත්වය යොවුන් පොදු රාජ්‍ය මණිඩලීය
තරගාවලියේ දී මීටර් 11ද කඩුලු ඉසව්වේ දී 7 වන ස්ථානය දිනා ගත් සුපුන් විරාජ් රන්දෙණියට හිමි වී
ඇත.රණබිම රාජකීය විද්‍යාලයේ සිසුවෙකු වන සුපුන්, ඉදුත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා
තරගාවලිය නියෝජනයට සුදුසුකම් සැපිරෑ පළමු ක්‍රීඩකයා වුව ද ඔහුට හිටපු මලල ක්‍රීඩා
පරිපාලනය එම තරගාවලිය නියෝජනයට අවස්ථාව ලබා දුන්නේ නැත.පසුගිය පරිපාලකයන් බොහො
දෙනෙකුට නැවත නිලවරණයට පිවිසීමට අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයාගේ අවසරය නොලැබුණු
හේතු අතර නිවැරදිව තේරීම් නොකළ බවට එලල වූ චෝදනා වලදී සුපුන්ට එම අවස්ථාව ලබා
නොදීමත් බරපතල චෝදනාවක් ලෙස ගැණින.සුපුන් මෙවර ද මේ වන විටත් ස්පාඤ්ඤයේ බාසිලෝනා
හි පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් තරග වැදීමට අවශ්‍යය
පරිසාධන මට්ටමට පිවිස ඇත.
| සුපුන් |
තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ඔලිම්පික් පහන
දැල්වීම සිදු වන්නේ යොවුන් උස පැනීමේ සූරී මධුෂානි නිමේෂා සිරිවර්ධන අතින් සහ චලන
වීරසිංහ අතිනි.පළමු ආසියාතික යොවුන් තරගාවලියේදී මීටර් 200 ශ්‍රී ලංකා සහය දිවීමේ
කණ්ඩායම පදක්කමක් කරා පිවිසෙද්දී එහි සාමාජිකාවක වූ නිමේෂා ගලෙන්බිදුනුවැව මධ්‍ය
මහා විද්‍යාලයේ සිසුවියක වන අතර ඇය පසුගිය යොවුන් පොදු රාජය මණ්ඩලීය ක්‍රීඩා උළෙල
ද නියෝජනය කර ඇත්තීය.එසේම මේ වන විටත් බාසිලෝනා හී පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ
මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කිරීමට අවශ්‍යය පරිසාධන මට්ටම උස පැනීමේ ඉසව්වෙන් ඉක්මවා සිටින්නීය.
![]() |
| නිමේෂෘ |
![]() |
| චලන |
චලන වීරසිංහ දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු
වන අතර ඔහු ඉකුත් 7 වන ජගත් මලල ක්‍රීඩා
සූරතාවලිය නියෝජනය කළ අතර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින්
හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ හයවන ස්ථානය ද ලැබීය.කණ්ඩායම් නායකත්වය පිළිබදව සළකා
බැලීමට සහ අනෙකුත් ප්‍රදාන වගකීම් පැවරීම සදහා ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන්
තිදෙනෙකු ගේ දක්ෂතා සළකා බැලුණු අතර ඒ අතරින් සළකා බැලීමට ලක් වූ මීටර් 3000 බාධක
දිවීමේ ඉසව්ව සදහා 7 වන ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කළ දිලීප අබේකෝන්
තේරීම් සදහා සළකා බැලූ නීතිමය තත්ත්වයන් අනුව කටයුතු නොකර තිබීම නිසා සංචිතයෙන්ද
ඉවත් කර ඇත.ඔහු කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අතර
හොරණ තක්ෂිලා විද්‍යාලයේ සිසුවෙකු වන 7 වන ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සහ
යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන මීටර් 400 කඩුලු
පැනීමේ ඉසව්වේ අනාගත බලාපොරොත්තුවක් ලෙස සැළකෙන ලහිරු ප්‍රසංජිත් ද විය.
එසේම කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සිසුවෙකු වන සජිත්
සත්සර ද සිල්වා ද මෙම වගකීම් පැවරීම සදහා සළකා බැලූ ක්‍රීඩක ගොන්නේ සිටි අතර ඔහු 7
වනජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
Jun 4, 2012
අෆ්රිඩීගේ තුන් ඉරියව් දස්කම් ලංකාවට හරහට හිටියි
පකිස්තානයට ඊයේ දවස තුළ තිබූ
විශාලතම හිසරදය බවට පත් වූ නුවන් කුලසේකර සිය වේගයට වඩා මනා පාලනය සහිතව පන්දු
මිශ්‍රණයක් යොමු කරමින් පිතිකරුවන් ට විශාල තර්ජනයක් එල්ල කළ අතර ඔහු පන්දු ඔවර් 4
ලකුණු 13 ට නිමා කළේ කඩුලු 2 ක් ද සහිතවය.පන්දු ඕවර් 10 .1 ක් ගෙවෙන තැන දී
පකිස්තානයට සිය පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 41 ට අහිමි ව තිබු අතර ඉන් අනතුරුව
පිටියේ එක වූ සහීඩ් අෆ්රිඩී (නොදැවී 52) සහ සොහීබ් මලික් (27) අතර පස්වන කඩුල්ලට
ඇති වූ අගනා ලකුණු 68 ක සබදතාවය නිසා පකිස්තානයට සිය පන්දු ඕවර් 20 නිමා වන විට
ලකුණු 122 ක් ලබන්නට හැකි විය.
පිළිතුරු ඉණිමට පන්දුවට පහර
දීමට පැමිණි ශ්‍රී ලංකා පිළට ආරම්භය ලබා දෙන්නට මහේල ගේ වගකීම සංගක්කාරට පැවරී තිබුණ
ද එය එතරම් සාර්ථක නොවුණු අතර සංගක්කාර ලකුණු 8 ට දැවී ගිය පසු ශ්‍රී ලංකාව කරන්නට
උත්සාහ කළ අතහදා බැලීම අසාර්ථක කරමින් අංක තුන පිතිකරු ලෙස පිටියට එවූ නුවන්
කුලසේකර ලකුණු නොලබාම දැවී ගියේය.ඒ නිසා ලකුණු 19 ක් වන විට කඩුලු 2 ක් අහිමි වූ
ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ කාලයේ ලකුණු සොයමින් සිටින්නේකු ලෙසට පත් වී සිටින
ඩිල්ෂාන් සිය පිතිකරණ විශ්වාසය ගොඩ නගමින් සිටින අතරේදී ලකුණු 18 ට අෆ්රිඩී ට
ගොදුරු වීමත් සමග ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඈත් වී ගියේය.ලහිරු
තිරිමාන්න ද ලකුණු 18 ක් ලැබූ අතර ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ චාමර කපුගෙදර ලකුණු
19 ක් ලැබීය.
අවසාන මොහොතේදී ඇන්ජලෝ
මැතිව්ස් දවා ගැනීමට අපූරු උඩ පන්දුවක් රැක ගත් අෆ්රිඩී ගේ තුන් ඉරියව් කැපී පෙනීමට පන්දුවෙන් තව
දුරටත් ශක්තිය ලබා දුන් යසීර් අර්ෆත් ලකුණු 18 ට කඩුලු 3 ක් සහ මොහොමඩ් සාමි ලකුණු
16 ට කඩුලු 3 ක් දවා ගත්තේය.පළමු තරගයේදී මෙන්ම ලකුණු ලබා ගැනීමට එරෙහි පවුරක්
වෙමින් පන්දු යැවූ සොහීල් තන්වීර් සිය පන්දු ඕවර් 4 ලකුණු 15 ට සීමා කළේ එක්
කඩුල්ලක් ලබා ගනිමින්ය.ඒ නිසාම තරගාවලිය පුරා ලංකාවට වඩාත්ම අහිතකර වූ පන්දු
යවන්නා වෙමින් කැපී පෙණුනු තනවීර් තරගාවලියේ ද වීරයා වූ අතර දෙවන තරගය ශ්‍රී
ලංකාවට එරෙහිව අෆ්රීඩි කළ තරගයක් බවට පත් කළ සහීඩ් අෆ්රීඩී තරගයේ වීරයා විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු
විස්තරයට පිවිසිය හැකි මගයි. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562438.html
Jun 3, 2012
අසන්තට එරෙහිව අසන්ත
මාධ්‍යයට කරුණු ඉදිරිපත්
කරමින් ද මෙල් අවධාරණය කර තිබුණේ,ඇන්ජලෝ මැතිව්ස් ට පන්දු නොයවන ලෙස අවධාරණය කර
තිබිය දී ඔහු පන්දු යවමින් සිය ක්‍රිකට් ජීවිතයට හානි පමුණුවා ගන්නා බව වන අතර ඔහු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගෙන
ඇත්තේ පිතිකරුවෙකු ලෙස පමණක් වන බවය.නමුත් මහේල ජයවර්ධන ඔහු පන්දු යවන්නෙකු ලෙස
දිගින් දිගටම පන්දු යැවීම සදහා යොදා ගනිමින් සිටින බව දකින්නට ඇති අතර පකිස්තානයට
එරෙහිව පැවති තරගයේදී ද හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ ද ඇන්ජලෝ මැතිව්ස් ය.
Subscribe to:
Posts (Atom)


