May 13, 2012

ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් සදහා ප්‍රබේද කෙරේ



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර කොන්ත්‍රාත් ගිවිසුම් සදහා එළඹිමට පෙර ක්‍රීඩක වර්ගීකරණයක් කර ඇති අතර එය ප්‍රධාන වශයෙන් කොටස් හයකට සහ ප්‍රාදේශීය වර්ගීකරණය ලෙස කොටස් හතකට බෙදා වෙන් කර ඇත.එහි ප්‍රථම කොටසට ටීඑම් ඩිල්ෂාන්,මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,තිලාන් සමරවීර සහ ලසිත් මාලිංග ඇතුළත් වී ඇත.නුවන් කුලසේකර,රංගන හේරත්,ඇන්ජලෝ මැතිව්ස් සහ උපුල් තරංග එම ප්‍රබේද කිරීමේදී දෙවන කොටසට අයත් වන ක්‍රීඩකයෝ වෙති.
ප්‍රසන්න ජයවර්ධන එහි තෙවන කොටසට අයත් වන අතර සිව්වන කොටසට ප්‍රබේද කර ඇති ක්‍රීඩකයන් වන්නේ තරංග පරණවිතාන,සුරාජ් රන්දිව්,අජන්ත මෙණ්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ය.පස්වන කොටස ලෙස ප්‍රබේද කර ඇති ක්‍රීඩක ගොනුවට දිල්හාර ප්‍රනාන්දු,චානක වෙළගෙදර සහ තිසර පෙරේරා අයත් වන අතර හයවන කොටසේ චාමර කපුගෙදර,සුරංග ලක්මාල් සහ ලහිරු තිරිමාන්න සිටිති.
ඉන් අනතුරුව නම්කර ඇති ප්‍රාදේශීය වර්ගීකරණය අනු කොටස් හතරකට බෙදා ඇති අතර ප්‍රධාන වර්ගීකරණයට අයත් කොටස් හය තුළ කලකින් දක්ෂතා නොදැක්වුව ද දිල්හාර ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් දකින්නට ලැබෙද්දී පසුගිය කාලයේ ලද අවස්ථාවන් හී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් ප්‍රාදේශීය වර්ගීකරණයට තල්ලු වී ගොස් තිබෙන බවක් දැකිය හැකිය.

ප්‍රාදේශිය ක්‍රිකට් පුහුණුකරුවන් නම් කෙරේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළාත් සහ දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් නම් කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව මංජුල කරුණාරත්න,රවින්ද්‍ර පුෂ්පකුමාර,චමින්ද කොඩිකාර,අජිත් ඒකනායක,සුනිල් ප්‍රනාන්දු,නිරෝෂන් බණ්ඩාරතිලක,රෝහිත පෙරේරා,දර්ශන ගමගේ,රුවින් පීරිස් සහ ලංකා ද සිල්වා යන පුහුණුකරුවන්ට පිළිවෙළින් නැගෙනහිර,උතුර,ඌව,උතුරු මැද,මධ්‍යම,දකුණ,බස්නාහිර පළාත උතුර,බස්නාහිර උතුර පිටත,බස්නාහිර දකුණ සහ බස්නාහිර දකුණ පිටත ලෙස වගකීම් පැවරී ඇත.
දිස්ත්‍රික් පුහුණුකරුවන් නම් කිරීමේදී ඒ අන්වර්ඩීන්ට මඩකළපු දිස්ත්‍රික්කය පැවරී ඇති අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මංගල ධර්මසේන ට පැවරී ඇත.කනගරාදරන්,ජයකුමාරන් සහ ලක්ෂිත හේරත් ට පිළිවෙළින් මුලතිව්/කිලිනොච්චි,වව්නියා /මන්නාරම සහ යාපනය දිස්ත්‍රික් වල වගකීම පැවරී ඇත.ප්‍රියන්ත වේරගල ට බදුල්ල දිස්ත්‍රික්කය පැවරී ඇති අතර වසන්ත කුමාර අම්පාර දිස්ත්‍රික් පුහුණුකරු ලෙස පත් කර ඇත.මොණරාගල දිස්ත්‍රික් පුහුණුකරු ධූරයේ වගකීම පැවරී ඇත්තේ කසුන් මධුරංග ටය.
සමන් සේනානායක ට සහ නිහාල් එදිරිසිංහ ට පිළිවෙලීන් මාතලේ සහ පොළොන්නරු දිස්ත්‍රික්ක පැවරී ඇති අතර සජිත් රූපසිංහට සහ පීඩී රණවකට කුරුණෑගල ප්‍රදේශය පවරා ඇත.අමිල පින්නදූව සහ සුරේස් පීරිස් අතර මහනුවර අංක 1 සහ 2 කළාප පිළිවෙළින් බෙදී ගොස් ඇති අතර මිගාර ඒකනායකට කෑගල්ලත් කේ කදිගේෂන්ට නුවරඑළියත් පැවරී ඇත.ගාල්ල 1 සහ 2 කළාප පිළිවෙළින් ලසිත් දමින්ද සහ ප්‍රනීත් පීරිස් අතර බෙදී ඇති අතර ගලප්පත්තිට මාතර දිස්ත්‍රික්කය පැවරී ඇත.හම්බන්තොට දිස්ත්‍රික්කය කළාප දෙකකට බෙදා වෙන් කර ඇති අතර නීල් කුමාර සහ නිලංක තෝමාර පිළිවෙළින් එම අංක 1 සහ 2 කළාප වල පුහුණුකරුවන් ලෙස නම් කර ඇත.කොළඹ උතුර 1 කළාපය සීඩී තොටගමුවටත් එම 2 කළාපය බුවනෙක රන්දෙණියටත් පවරා ඇත.ලකී රොජර්ස් ප්‍රනාන්දු කොළඹ දකුණ 1 පුහුණුකරු ලෙස පත්කර ඇති අතර අජිත් වීරසිංහ එම අංක දෙක පුහුණුකරු ලෙස පත් කර ඇත.
හිරෝෂි වෙළගෙදර රත්නපුර පුහුණුකරු ධූරයට පත් කර ඇති අතර කළුතර අංක 1 පුහුණුකරු ධූරයට එස්කේ පෙරේරා ත් අංක දෙක කළාපයට උමාල් එරන්දිකත් ‍පත් කර ඇත.වසන්ත විජේසූරිය පුත්තලම දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ඇති අතර ගම්පහ අංක 1 කළාපය විපුල සිට්ටමගේටත් අංක දෙක කළාපය සමන්ත ගුරුගේටත් පැවරී ඇත අතර අංක තුන කළාපය ඇලෙක්ස් නිශාන්ත පෙරේරා ට පවරා ඇත.

May 12, 2012

චන්ද්‍රිකා පමණක් කිරුළ රැක ගත් කාන්චන්බුරි ඛේදවාචකයේ වගකීමෙන් වැඩි කොටසක් සම්බාහක හිගයට

තායිලන්තයේ කාන්චනබුරි හී ක්‍රිබ්බුවා ක්‍රීඩාංගණයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බලාපොරොත්තු වූ තරම් දක්ෂතා පළ නොවිණ.එහි කණගාටුවට කරුණ ප්‍රථම අදියරේ දක්ෂතා මට්ටමට ද පැමිණීමට තරම් අපොහොසත් වීමය.බැංකොක් හී සිට පැමිණි දවසේ සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය සිරුර යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සම්භාහන අවශ්‍යයතාවයන් නොමැතිව දැඩි දුෂ්කරතාවයකින් පෙළුන අතර මෙම තරගාවලියේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන් සහිත සියළුම කණ්ඩායම් සමග වෘත්තීය සම්භාහකයෙකු සිටින්නට දැකීමද ඔවුන්ගේ මානසික මට්ටමට වද දෙන කරුණක් වී තිබිණ.
ප්‍රථම අදියර නිමාවෙන් පසු සෙසු කණ්ඩායම් අතර අවධානයට සහ ගෞරවයට පත් වූ කණ්ඩායමක් ලෙස ප්‍රථම අදියරේදී එක් ක්‍රීඩකයෙකු හැර සියල්ලම පදක්කම්ලාභීන් වූ ශ්‍රී ලංකාව මෙම අදියරේ අසාර්ථක වීම සම්භාහකයන්ටම බැර කළ නොහැකි වුව ද ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින එම විශයාධිපතින් මෙවැනි කරුනු සම්බන්ධයෙන් ඇති දැඩි අවශ්‍යයතාවය අදාළ බලධාරීන්ට ඉදිරිපත් නොකිරීම මෙම පසු බැසීමේ එක කරුණක් ලෙස ගැනීම ලෙස ගත යුතුය.
චන්ද්‍රිකා සුභාෂණී පමණක් සිය ස්ථානය රැකගත් අතර ඇය තෙවන ස්ථානය වගේම කාලීන හොදම දක්ෂතාවය තත්පර 53.50 දක්වා ඉදිරියට ගෙන ඒමට ද සමත් විය.මංජුල කුමාර මෙම තරගයේදී ද ප්‍රථම තරගයේ ජයග්‍රහණය සදහා හේතු වූ මීටර් 2.23 ක උස තරණය කළ අතර නමුත් ස්ථානය සිව්වන ස්ථානය දක්වා පහළ බැසීම නිසා ජයග්‍රාහී මුදලකට හිමිකම් කියන්නට සිදු නොවිණී.
ශෙහාන් අඹේපිටිය මෙම තරගයේදී දෙවන තැන සිට පස්වන තැන දක්වා පසුබැසි අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 10.59 ක් විය.ක්‍රිස්ටීන් මෙරිල් තෙවන අදියරට සහභාගි නොවන අතර මෙ දෙවන අදියරේදී ඇයටත් තෙවන ස්ථානයෙන් සිව්වන ස්ථානය දක්වා පහළ බසින්නට සිදු වූ අතර ඇයට මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී වාර්තා කරන්නට හැකි වූ කාලය තත්පර 58.57 ක් විය.වරුණ ලක්ෂාන් දයාරත්න දෙවන අදියරේදී ද ප්‍රථම ස්ථාන තුන අතරට ඒමට නොහැකි වූ අතර නමුත් ඔහු සිය වීසි කිරීමේ දුර මීටර් 70.32 ක් දක්වා වර්ධනය කර ගන්නටත් හත්වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා ඉහළ ඒම්ටත් සමත් විය.  ප්‍රසන්න අමරසේකරට මීටර් 400 ඉසව්වේ සිව්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වූ අතර එය ප්‍රථම අදියරෙ ජයග්‍රාහකයන්ට අපල තත්ත්වයක් ඇති කළ තරග ඉසව්වක් වූ අතර ප්‍රසන්නගේ තරග නිමි කිරීමේ කාලය තත්පර 47.57 ක් විය.
www.supirikrida.com

ආරක්ෂක සේවා කණ්ඩායමට ජර්මණියේ දී ජයක්

ර්මණියේ සංචාරයක යෙදෙන ආරක්ෂක සේවා කණ්ඩායම ජර්මණියේ තෙවන කාණ්ඩයේ වොලිබෝල් කණ්ඩායමක් වන ටීකේසී රීසන් කණ්ඩායමට එරෙහිව වට 3 / 0 ක ජයක් ලබා ගැනීමට සමත් විය.ආරක්ෂක සේවා කණ්ඩායම මෙහිදී ප්‍රථම වටය සහ දෙවන වටය යන වට දෙකම ලකුණු 25 / 19 ක් ලෙස ජය ගත් අතර තෙවන වටය ආරක්ෂක සේවා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 25 / 20 ක් ලෙස ය.
www.supirikrida.com

May 11, 2012

පුහුණුකරු දූත මෙහෙවරක

නව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් විශ්වාසය වර්ධනය කිරීමේ දූත මෙහෙවරක නියැලෙන්නට මේ වන විට තායිලන්තයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සහ කළමණාකරු ලෙස කටයුතු කරන සුනිල් ගුණවර්ධනට සිදු වී ඇත.ඔහු සමත පැවති සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස එලැඹෙන 18 දා තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සූදානම නිරීක්ෂණයට ආසියානු මලල ක්‍රීඩා බලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව දන්වා සිටි අතර පුහුනුකරු සුනිල් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක හැකියාව සම්බන්ධයෙන් දක්වන ලද කරුණු වලට අනුව එළැඹෙන වසරේ ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ද අවශ්‍යය පසුබිම සකස් වී ඇත.
කෙසේ නමුත් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ලේකම් මොරිස් නිකලස් මෙන්ම මෙහි පැමිණ සිටින එහි විධායක කමිටු සාමාජිකයන් අතර නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ පැවත්වීමට තිබෙන කණිෂ්ඨ තරගාවලිය පිළිබදව සාකච්ඡා සිදුවන අතර එහි දී ඔවුන් නිරන්ත‍රයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව සිටි ප්‍රේමා පින්නවල ගේ දායකත්වය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරන බව දැකිය හැකිය.ඔහු පරිපාලන වෙනස්කමත් සමග මේ තරගාවලියේ සංවිධාන ව්‍යහුය තුළ තව දුරටත් රැදී සිටීද නොසිටීද යන තත්ත්වය ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සම්බන්ධයෙන් විශ්වාසය තැබීම හෝ නොතැබීම පිළිබද සාධකයක් හැටියට සැළකීමට තරම් මෙහි පැමිණ සිටින ආසියානු මලල ක්‍රීඩා බලධාරීන් අතර කතාබහ තුළින් පැහැදිළි වන්නේය.  

කපුකොටුවගෙන් වාර්තා දෙකක්

දැනට ඇමෙරිකාවේ අධ්‍යාපනික කටයුතු සහ ක්‍රීඩා පුහුණුවීම් වල යෙදෙන චරිත් කපුකොටුව එහි පැවත්වෙන 2012 ආර්එම්ඒසී මලල ක්‍රීඩා සූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් තැබීමට සමත් විය.අවස්ථා ගණනාවක දී ම ගෘහස්ථ සහ පිටත වීසි කිරීම් වාර්තා අලුත් කරන්නට සමත් වූ කපුකොටුව,මෙවර මීටර් 47.13 ක දුරකට මිටිය වීසි කරමින් එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ තෙවන අවස්ථාව මෙය විය.
කාලයක් තිස්සේ යගුලිය දැමීමේ ශ්‍රී ලංකා වාර්තාව සිය නමට ලියා ගැනීමට පෙරුම් පුරමින් සිටි චරිත් එම සිහිනය ද මෙම තරග උළෙලේ දී සැබෑ කර ගත් අතර මිටිය වීසි කිරීමේ තරගයේදී මීටර් 47.13 ක දුරට පස්වන ස්ථානය දිනා ගත්ත ද,මෙහි දී චරිත්ට යගුලිය වීසිකිරීමේ නව ශ්‍රී ලංකා වාර්තාව වූ මීටර් 16.83 ක දුරත් සමග එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට ද හැකි විය.යගුලිය වීසි කිරීමේ පැරණි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුවා වූයේ තලෙව් අලෙයිලීමාය.ඔහු විසින් වාර්තා කර තිබූ දුර ප්‍රමාණය මීටර් 16.62 ක් විය.

ලංකාව අන්තර් ජාතික 20 / 20 සැණකෙළියට සූදානම්



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20/20 තරගාවලිය ආරම්භ කිරීමට අවශ්‍යය වැඩ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතියි.අගෝස්තු 10 සිට 31 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට මේ වන විට කණ්ඩායම් හතක් සූදානම් වෙමින් පවතින අතර ඉන් එක් කණ්ඩායමකට සිය සංචිතයට ඇතුළත් කර ගැනීමට හැක්කේ විදේශ ක්‍රීඩකයන් සිව් දෙනෙකු පමණි.අවුරුදු 21න් පහළ ජාතික මට්ටමේ සිටින ක්‍රිඩකයෙකුට ද කණ්ඩායමේ දොරගුළු අනිවාර්යයයෙන් විවර වන අතර තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස සහ පල්ලේකැලේ ‍ක්‍රීඩාංගණ පමනම් කරගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කටයුතු සූදානම් වෙමින් පවතින්නේය.
බස්නාහිර බෙයාර්ස්,කදුරට කයිට්ස්,නැගෙනහිර නාග,රුහුණ රයිනෝ,උතුර ඔරික්සස්,ඌව යුනිකෝන්ස් සහ වයඹ වෝල්ටර්ස් යන කණ්ඩායම් මෙම තරගාවලියට තරග වැදීමට සූදානම් කර තිබෙන කණ්ඩායම්ය.