Aug 15, 2013

අවසාන තරගයට බස්නාහිර සහ කදුරට

Dinesh Chandimal powers the ball through the off side
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන සුපර් ෆෝර්ස් 20/20 තරගාවලියේ අවසාන තරගය සදහා සුදුසුකම් ලබන්නට කදුරට මෙරූන්ස් කණ්ඩායම සහ බස්නාහිර ග්‍රීන් කණ්ඩායම් සමත් වුණා.තරගාවලියේ ජයග්‍රහණයක් සොයමින් සිටි උතුර කණ්ඩායම පළමු වරට ජයපැන් වල රස විදිමින් අපරාජිතව සිටි කදුරට කණ්ඩායම පරාජයට පත් කළ ද,කදුරට කණ්ඩායමට අවසාන තරගය සදහා පිවිසීමට එය බාධාවක් වුණේ නැහැ.
ශ්‍රී ලංකා 20 / 20 කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් පිටියට පිවිසි උතුර කණ්ඩායම කාසියේ වාසිය ලබමින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී නායක චන්දිමාල් මේ දක්වා තරගාවලියේ දුටු සුපිරිතම ඉණිම දියත්කරමින් පන්දු 57 ක් තුළ නොදැවී ලකුණු 93 ක් ලබා ගත්තා.හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් එල්ල වූ චන්දිමාල් ගේ ඉණිමේ ආධාරයෙන් පන්දු ඕවර් 20 නිමා වන විට උතුර කණ්ඩායම ලකුණු 158 ක් ලබා සිටි අතර පිළිතුරු ඉණිමට පිවිසි කදුරට කණ්ඩායම වෙනුවෙන් චන්දිමාල් ට නොදෙවැනි ඉණිමක් ක්‍රියාත්මක කළ තිළිණ කණ්ඩම්බි පන්දු 54 ක් තුළ ලකුණු 90 ක් ලබමින් විශිෂ්ඨ ඉණිමක් දියත් කළා.නමුත් ලාබාල ක්‍රීඩක පබසර වඩුගේ ලබා ගත් ලකුණු 19 ට අමතරව කිසිදු පිතිකරුවෙක් කදුරට ඉණිම සදහා ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයකින් දායක නොවුණු බැවින් පන්දු ඕවර් 20 නිමා වන විට කදුරට කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.එහිදී කදුරට කණ්ඩායමට කඩුලු 7 ක් අහිමි වූ අතර ඒ අතරින් රමිත රඹුක්වැල්ල ලකුණු 14 ට කඩුලු 2 ක් ලබා ගනිමින් කැපී පෙණුනා.
http://www.espncricinfo.com/super4-t20-2013/engine/match/659513.html යන සබදතාවයෙන් තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව තිබෙනවා.
කදුරට කණ්ඩායමට උතුර කණ්ඩායම ඉදිරියේ පරාජය වුව ද අවසාන තරගයට අවස්ථාව තිබුණද රුහුණ රෙඩ් හා බස්නාහිර ග්‍රීන් තරගය විවෘත මුහුණුවරක් ගත්තා.කණ්ඩායම් දෙකෙන් ජය ගන්නා කණ්ඩායමට අවසාන තරගය සදහා යා හැකි බැවින් දෙපිළම ජයග්‍රහණයේ පිපාසයෙන් දැඩි තරගකාරී රටාවකට පිවිස සිටියා.පන්දු ඕවර් 17 ට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රුහුණ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායම පන්දු ඕවර් 17 තුළ ලකුණු 120 ක් ලබා ගත්තා.ඉණමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ගිහාන් රූපසිංහ ලකුණු 32 ක් ලබා ගත් අතර පසු පෙළින් කඩා වැටි ඉණිම ශක්තිමත් කිරීමේ දැඩි උත්සාහයක යෙදුණු කෝසල කුල‍සේකර නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉණිම සදහා පිවිසි රුහුණ කණ්ඩායමට එරෙහිව යළිත් පන්දුවෙන් ද දස්කම් දැක් වූ කෝසල පන්දු ඕවර් 2 ක් තුළ ලකුණු 4 ට කඩුලු 3 ක් දවා ගනිමින් රුහුණ කණ්ඩායමේ ජයග්‍රහණය උදුරා ගන්නට පෙරමුණ ගත්තා.තරගය නිමා වන්නට පන්දු 22 ක් මෙපිටින් ලකුණු 53 ක් අවශ්‍යව කඩුලු 7 ක් අහිමි කර ගෙන සිටි රුහුණ කණ්ඩායමට බලාපොරොත්තු ඇති කරවන අන්දමේ ප්‍රහාරයක නිරත වූ සීකුගේ ප්‍රසන්න පන්දු 9 ක් තුළ ලකුණු 20 ක් ලබා ගත් අතර කෞශල්‍යය වීරරත්න ඔහුට අනගි සහයක් දෙමින් පන්දු 20 ක් තුළ ලකුණු 21 ලබා ගත්තා.
http://www.espncricinfo.com/super4-t20-2013/engine/match/659511.html මෙම සබදතාවය යොදා ගනිමින් තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකි වෙනවා.
www.supirikrida.com

Aug 13, 2013

කදුරටට සහ රුහුණට ජය

Ishan Jayaratne bowls during a practice session in Pallekele
ඉෂාන්
සුපර් ෆෝස් 20/20 තරගාවලියේ අපරාජිත බව තව දුරටත් තහවුරු කර ගත් කදුරට කණ්ඩායම ලකුණු 124 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් රැක ගැනීමට කරන ලද උපක්‍රමශීලී ආක්‍රමණයේ අභියෝගය ජය ගනිමින් බස්නාහිර කණ්ඩායම පරදවා ලකුණු 2 ක තියුණු ජයක් ලබා ගැනිමට සමත් විය.අනතුරුව පැවති රුහුණ සහ උතුර අතර පැවති තරගය ලකුණු 22 කින් ජය ගන්නට රුහුණ කණ්ඩායමට හැකි විය.
බස්නාහිර ග්‍රීන් කණ්ඩායම කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට කදුරට මෙරූන්ස් කණ්ඩායමට  පැවරූ අතර බස්නාහිර කණ්ඩායම සිය තීරණයේ නිවැරදි  බව පැහැදිළි කරමින් කදුරට ක්‍රීඩකයෝ ලකුණු 124 ට සීමා කරන්නට සමත් විය.නමුත් අත්දැකීම් බහුල සංගක්කාරගේ සහයද සමග කණ්ඩායමට  නායකත්වය දුන් ලහිරු තිරිමාන්න එම ලකුණු ප්‍රමාණය රැක ගැනීම වෙනුවෙන් සාර්තක තරග රටාවක් දියත් කළ අතර එහිදී ෂෙහාන් ජයසූරිය විශිෂ්ඨ පන්දු යැවීමක ‍නිරත වෙමින් ලකුණු 7 ට කඩුලු 3 ක් සහ කෞෂාල් ලොකුආරච්චි ලකුණු 25 ට කඩුලු 3 ක් දවමින් කදුරට ජයග්‍රහණයට අවශ්‍යය පදනම සකස් කර දුන්නේය.
මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් තරගයේ අවසාන භාගයේදී කිත්රුවන් විතානගේ (නොදැවී 37) සහ ඉසුරු උදාන (24) බස්නාහිර කණ්ඩායම වෙත ජයග්‍රහණය ගෙ ඒම සදහා විශාල උත්සාහයක් ගනු ලැබූව ද,අවසාන මොහොතේදී එව ව්‍යර්ථ කරමින් කදුරට කණ්ඩායම ලකුණු 2 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.http://www.espncricinfo.com/ci/engine/match/659515.html යන සබදතාවයෙන් එම තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
රුහුණ රෙඩ් සහ උතුර යෙලෝ අතර තරගයේදී කාසියේ වාසිය දිනූ ලසිත් මාලිංග බස්නාහිර නායකයා ගත් තීරණය නොගත් අතර සිය රුහුණු කණ්ඩායමේ පිතිකරුවන් පිළිබදව විශ්වාසය තබමින් පන්දුවට පහර දීමට තීරණය කළේය.සෑම පිතිකරුවෙක්ම පාහේ සිය වගකීම ඉටු කළ අතර පිතිකරණ නාමාවලියේ ඉහළට එමින් ෆර්විස් මහරූෆ්  මෙන්ම සීකුගේ ප්‍රසන්න ද එල්ල කළ කඩිනම් ප්‍රහාර නිසා රුහුණ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 162 ක් ලබන්නට හැකියාව ලැබිණ.
මෙම ලකුණු සංඛයාව පහසුවෙන් හඹා යා හැකි ඉලක්කයක් බව පැහැදිළි කරන පිතිහරඹයක යෙදි දිනේෂ් චන්දිමාල් 50 (පන්දු 40),මහේල ජයවර්ධන 36 (පන්දු 18) මහේල උඩවත්ත 34 (පන්දු 33) පිතිකරණ නාමාවලියේ පළමු අංක තුන වෙනුවෙන් පන්දු 91 ) දී (ඕවර් 15.1) ලකුණු 120 ක් ලබා දුන්නද සෙසු කිසිදු පිතිකරුවෙකුට ඉලක්කම් දෙකේ සීමාවට හෝ පිවිසීමට නොහැකි වූ නිසා පන්දු ඕවර් 19.4 දි උතුර කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 141 ක් පමණි.පන්දු යැවීමේදී දිනයේ හොදම පන්දු යැවීම වාර්ත කළ ඉශාන් ජයරත්න ලකුණු 23 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණින.http://www.espncricinfo.com/ci/engine/match/659517.html තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසිය හැකිය.
www.supirikrida.com

WADA මුල් පුටුව ශ්‍රීමත් ක්‍රේග් ට?


මොස්කව් හී රැස් වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු විධායක සාමාජිකයන් ජාත්‍යන්තර තහනම් උත්තේජන සම්බන්ධයෙන් වන ආයතනයේ මුල් පුටුව බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ක්‍රේග් රීඩී වෙත ලබා දීමට එකගතාවය පළ කළ බව වාර්තා වේ.ඒ අනුව දැනට එම ධුරය දරන ඕසට්‍රේලියානු ජාතික ජෝන් ෆාහේගෙන් පසුව එම තනතුර සදහා ශ්‍රීමත් ක්‍රේග් පත්වනු ඇති බව සිතිය හැකිය.
Sir Craig Reedie Istanbul 2020
දැනට 72 හැවිරිදි වයේ පසුවන ශ්‍රීමත් ක්‍රේග් මේ සදහා යෝජනා කිරීමේදී ලොව බිහි වූ සුවිශේෂීම මීටර් 400 කඩුළු මතින් දිවීමේ සූරයෙකු වූ වර්ථමානයේ ඇමෙරිකානු තහනම් උත්තේජන ඒජන්සියේ ප්‍රධානි එඩී මෝසස් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු වෛද්‍ය ප්‍රධානි ප්‍රංශ ජාතික ප්‍රැට්ට්‍රික් සකැමැස්ච් පෙරමුන ගෙන ඇත.ඒ අනුව 2014 දී එම තනතුරට ශ්‍රීමත් ක්‍රේග් තරගයකින් තොරවම පත් වනු අතැ බවට ද විශ්වාසය පළ වේ.

ක්‍රිස්ටීන් මෙරිල්ගෙන් නීති විරෝධි වැඩක්

මොස්කව් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පළමුවෙන් තරග බිමට පිවිසි ක්‍රිස්ටීන් මෙරිල් මීටර් 400 කාන්තා කඩුළු පැනීමේ ඉසව්වේ මූලික තරගයේදී නීත්‍යානුකූල ධාවනයක නොයෙදි බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රතිපල ලේඛණයෙන් ඉවත් කර දැමිණ.මේ වසරේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් එම ඉසව්වේ තම හොදම පෞද්ගලික කාලය වාර්තා කරමින් තරගාවලිය සදහා බී කාණ්ඩයේ පරිසාධන මට්ටම ඉක්මවා සහභාගි වීමට සුදුසුකම් ලබා ගත් ක්‍රිස්ටීන් ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිලාභිණියක වන අතර ඇය අදාළ පරිසාධන මට්ටම ඉක්මවමින් තරගාවලියට සුදුසුකම් ලැබීමෙන් අනතුරුව ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියටද සහභාගි වූ අතර ඇය එහිදී ද දක්ෂතා දැක්වීමට අපොහොසත් වූවාය.
මේ වන විට මෙවර ක්‍රීඩා උලෙලේත් වැඩිම කතා බහට ලක්වන ක්‍රීඩකයා බවට පත්ව සිටින උසෙයින් බෝල්ට් තත්පර 9.77 කින් මේ වසරේ හොදම කාලය වාර්තා කරමින් මීටර් 100 ජයගත් අතර වර්ථමානය වන විට ජැමෙයිකාව එම ඉසව්වෙන් ලෝකයට කෙතරම් අභියෝගයක්ද යන්න පැහැදිළි කරමින් මීටර් 100 අවසාන තරගය නියෝජනය කළ ක්‍රීඩකයන් අට දෙනාගෙන් සිව් දෙනෙකුම ජැමෙයිකානුවන් වූහ.කාන්තා මීටර් 100 අවසාන තරගයේදී මේ ආකාරයටම ඇමෙරිකානු ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු තරග වැදුණ ද සූරිය බවට පත් වන්නට ජැමෙයිකාවේ සෙලී ඈන් ප්‍රෙෂර් සමත් වූවාය.එහි දෙවන ස්ථානය අයිවරි කෝස්ට් රාජ්‍ය්‍යට දිනා දෙමින් පෙරළියක් කරන්නට මර්ලි අහෝර් සමත් වූවාය.
www.supirikrida.com

Aug 12, 2013

CLASSIC බැඩ්මින්ටන් මොරටු සරසවි බිමේදී

ස්නාහිර පලාත් බැඩ්මින්ටන් සංගමය 15 වන වරටත් සංවිධානය කරන CLASSIC බැඩ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් 6 ,7 සහ 8 යන තෙදින තුළ කටුබැද්ද විශ්ව විද්‍යාලීය ගාහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.අවුරුදු 15 න් පහළ සහ 18 න් පහළ බාලක සහ බාලිකා තරග යුගල සහ කේවල වශයෙන් ක්‍රියාත්මක වන අතර අවුරුදු 20 න් ඉහළ සහ අවුරුදු 40 න් ආධුනික කාන්තා සහ පිරිමි තරග කේවල/යුගල සහ මිශ්‍ර යුගල ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය.
තරගාවලියේ ඒ ඒ අංශයන්හී සූරතා සහ අනු සූරතා දිනන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වටිනා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමෙන අතර බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට පමණක් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වන අතර තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය වන අගෝස්තු 30 දා ට පෙර සියළුම අයදුම් පත් තරග ලේකම්,ෂටල් පවර් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය,අංක 136,පූර්වාරාම පාර,කිරුළපන, කොළම 5 යන ලිපිනයට ලැබෙන්නට  සැළසිවිය යුතුය.අසංක පීරිස් 0718217056,එල්ආර් ආරියනන්ද 0012726383 හෝ චින්තක ප්‍රනාන්දු 0712301151 ඇමතීමෙන් තරගාවලිය පිළිබද වැඩි තොරතොරු ලබා ගැනීමට හැකි අතර තරග අයදුම්පත් සහ වැඩි විස්තර www.supirikrida.com වෙබ් අඩවියේ සපයා තිබෙන විශේෂ සබදතාවය හරහා ද ලබා ගැනීමට හැකියාව ඇත.

Aug 11, 2013

ක්‍රිස්ටීන් හෙට තරග බිමට

මොස්කව් හී පැවත්වෙන ජගත් මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිස්ටීන් මෙරිල් හෙට මෙරට වෙලාවෙන් උදෑසන 8.50 ට මීටර් 400 කාන්තා කඩුලු පැන දිවීමේ ඉසව්වට සහභාගි වීමට නියමිතය.ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ක්‍රිස්ටීන් මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින පළමු ක්‍රීඩිකාව වන්නීය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදාළ පරිසාධන මට්ටමට පිවිසි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ මීටර් 400 සහය දිවීමේ පිරිමි කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වන අතර ඒ අනුව ඉදිරියේදී නදීකා ලක්මාලි කාන්තා හෙල්ල වීසි කිරීමේ ඉසව්වටත් මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම මීටර් 400 සහය දිවීමේ ඉසව්වටත් සහභාගි වීමට නියමිතව ඇත.

ජනකගෙන් තේරීම් කමිටුවට ටොක්කක්

කාලයක් තිස්සේ දේශිය ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන ජනක ගුණරත්න සිව්කොන් 20/20 තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේදී බස්නාහිර ග්‍රීන් කණ්ඩායමට ජය ගෙන දෙමින් ප්‍රහාරකාත්මක ඉණිමක් ක්‍රීඩා කළේය.පන්දු 31 දී හයේ පහර 4 ක් සමග ජනක ලබා ගත් ලකුණු 40 නිසා බස්නාහිර කණ්ඩායමට ප්‍රතිවාදි උතුර යෙලෝ කණ්ඩායමට එරෙහිව ලකුණු 139 ක් රැස් කිරීමට හැකි විය.ජනක අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු ලෙස ඔහු වියපත් බව ඇතැම් තේරීම් කමිටු පැවසුවද එවැනි කාරණා තේරීම් සාධක බවට පත්වන්නේ ජනක වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පමණක් බව දැකිය හැකිය.කෙසේ හෝ පිළිතුරු ඉණිමට පිවිසි උතුර කණ්ඩායමට සිය පන්දු ඕවර් 20 තුළ ලබා ගැනීඹට හැකි වූයේ ලකුණු 125 ක් පමණි.
Janaka Gunaratne is congratulated on dismissing Lendl Simmons
http://www.espncricinfo.com/ci/engine/match/659507.html යන සබදතාවයෙන් එම තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
කදුරට මෙරූන්ස් සහ රුහුණ රෙඩ් කණ්ඩායම අතර පැවති තරගයෙන් කදුරට කණ්ඩායම ලකුණු 13 ක ජයක් ලැබීය.පළමුව පන්දුවට පහර දුන් කදුරට කණ්ඩායම වෙනුවෙන් කුමාර සංගක්කාර ලකුණු 49 ක් ලැබීය.රුහුණ කණ්ඩායම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා ලකුණු 26 ට කඩුලු 3 ක් ලබා ගත් අතර කදුරට කණ්ඩායම ලබා දුන් ලකුණු 159 ක ඉලක්කය හඹා යන්නට දරණ ලද උත්සාහයේදී පිත්තෙන් ලකුණු 24 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 12 දීය.නමුත් දිල්රුවන්ගේ තුන් ඉරියව් දක්ෂතාවය කදුරට කණ්ඩායම අභිබවා http://www.espncricinfo.com/ci/engine/match/659509.html සබදතාවයෙන් තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
www.supirikrida.com