Dec 11, 2012

රුවිනි සහ සංදේශ් බස්නාහිර මේස පන්දු සූරයෝ වෙති

ස්නාහිර පළාත් විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළ සංදේශ් නිශ්ශංක ද,දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළම මියුසියස් විද්‍යාලය නියෝජනය කළ රුවිනි කන්නංගර ද සම්මානයට පාත්‍ර වූහ.දෙසැම්බර් 08 දා ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලීය ගෘහස්ත  ක්‍රීඩා සිංකීරණයේ පැවති මෙම තරගාවලියේ බස්නාහිර පළාත් මේස පන්දු සංගමය නිකුත් කළ නිල ප්‍රතිපල ලේඛණය මේ සමග දැක්වේ.
Final Results

Under 08 Girl’s Singles : Hasali Sanaya Buddhadasa of Visakha Vidyalaya,
Imalsha Lakrandi of Buddhist Girls College, Mt Lavinia - 13/11, 11/09

Under 08 Boy’s Singles : Sahiru Munasinghe of Anura Junior Model School Yakkala beat Senura
Dilanka Silva of Isipathana College, Colombo - 11/09, 11/08

Under 10 Girl’s Singles : Ayla Chitty of Ladies College, Colombo beat Ushiri Perera
Girls High School, Mt Lavinia - 09/11, 14/12, 11/07

Under 10 Boy’s Singles : Dewmith Weerasena of Lyceum International School, Nugegoda beat
Zavareh Chitty of S Thomas’ College, Mt. Lavinia - 11/03, 11/07

Under 12 Girl’s Singles : Hansani Piyumila of Anula Vidyalaya,
of Girls High School, Mt Lavinia - 11/06, 11/07

Under 12 Boy’s Singles : Lithmina Mahanama of Wesley College, Colombo beat Nimesh
Ranchagoda of Royal College, Colombo - 11/09, 11/06

Under 15 Girl’s Singles : Kithmadie Ranawaka of Visakha Vidyalaya, Colombo beat Ruvini
Kannangara of Musaeus College, Colombo - 11/08, 04/11, 11/09

Under 15 Boy’s Singles : Sandesh Nissanka of Ananda College, Colombo beat Lithmina
Mahanama of Wesley College, Colombo - 11/09 , 11/07

Under 18 Girl’s Singles : Ruvini Kannangara of Musaeus College, Colombo beat Chamathsara
Fernando of Girls High School, Mt Lavinia - 12/10 , 11/05

Under 18 Boy’s Singles : Sandesh Nissanka of Ananda College, Colombo beat Senal Rathnayake
of Royal College, Colombo - 11/02, 04/11, 11/08
www.supirikrida.com

Dec 10, 2012

අද බැඩ්මින්ටන් පරිපාලනය ගැන තීන්දුවක්

දීර්ඝ කාලයක් තිස්සේ විශාල වශයෙන් චෝදනා එල්ල වූ බැඩ්මින්ටන් පරිපාලනය ක්‍රීඩා පරිපාලන අතරින් දූෂිතම පරිපාලනයක් බව ක්‍රීඩා අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර ප්‍රකාශ කරමින් ඔවුන්ට දැඩිව අවවාද කරන්නට යෙදුණ බව වාර්තා වුණා.අද එහි දෙවන පියවරට පිවිසෙමින් එල්ල වී තිබෙන විශාල දූෂිත චෝදනා 20 ක් පිළිබදව පරීක්ෂණයක් පැවත්වෙන බවත් ඉන් අනතුරුව පරිපාලනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් තීරණයක් ගනු ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරනවා.
එසේම මේ මෑතකදී ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට ජාතික ඔලිම්පික් කමිටුවේද ආදාර අපකාර ඇතිව ලැබුණු පුහුණුව ආශ්‍රිත සහතිකයේ කිසිම ස්ථානයක බැඩ්මින්ටන් සදහා එය ලැබුණු බව සදහන් නොකර එම සහතිකය පිරවීම වැරදියට කිරීම සම්බන්ධයෙන්ද පියවරක් ගැනීමට ‍අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.
www.supirikrida.com

මහින්ද රාජපක්ෂ කුසලානය මාල දිවයිනට


හින්ද රාජපක්ෂ කුසලානය වෙනුවෙන් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති දකුණු ආසියාතික රටවල් හතරක් සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සූරතාවය දිනා ගන්නට මාල දිවයින සමත් වුණා.ඒ පකිස්තානයට එරෙහිව ගෝල 2 - 1 ක ජයග්‍රහණයක් ලබමින්.තරගාවලියේ ආරම්භක තරගයේදී මාල දිවයින ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 3 - 0 ක ජයක් ලබමින් ඇරඹි ගමන කුසලාන ජයග්‍රහණය මතින් නිම කරද්දී බංගලාදේශයට පමණක් ගෝල 1 - 0 ලෙස පරාජය වී තිබුණා.

අවසාන තරගයේදි පළමු භාගය ගෝල වලින් තොරව නිමා වූ අතර දෙවන භාගයේදි මාල දිවයින කණ්ඩායම වෙනුවෙන් වහීඩ් රිල්වාන් සහ අබ්දූල් අසදුල්ලා ගෝල රැස් කර ගන්නට සමත් වුණා.පකිස්තානය වෙනුවෙන් හිමි වූ එකම ගෝලය දඩුවම් පහරක් මගින් සයීඩ් අහමඩ් විසින් ලබා ගත්තා.
නමුත් පළමු තරගයේදී විදින්නට වූ පරාජය හේතුවෙන් පකිස්තානය සමග සම මට්ටමේ සිටියද ප්‍රතිවාදීන්ට ගෝල ලබා දීම සළකද්දී පකිස්තානයට අවසන් තරගයට ඒමට හැකි විය.
www.supirikrida.com

බස්නාහිර බැඩ්මින්ටන් සූරතා ඕවල් සහ අපොන්සු කණ්ඩායම් දිනා ගනිති

අපොන්සු ක්‍රීඩා සමාජය
ස්නාහිර බැඩ්මින්ටන් සංගමය 39 වන වරටත් සංවිධානය කරන්නට යෙදුණ බස්නාහිර පළාත් කණ්ඩායම් බැඩ්මින්ටන් සූරතාවලියේ ඒ කොටසේ පිරිමි සූරතාවය කොළඹ ඕවල් බැඩ්මින්ටන් ක්‍රීඩා සමාජයටත් කාන්තා සූරතාවය අපොන්සු බැඩ්මින්ටන් සමාජයටත් හිමි විය.මෙම කාන්තා සහ පිරිමි දෙ'අංශයේම අනු සූරතා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් වලට හිමි විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය සදහා බස්නාහිර පළාත් සංගමයේ ලියාපදිංචි වූ හෝ ලියාපදිංචි නොවූ ක්‍රීඩා සමාජයකට දස්කම් දැක්වීමට හැකි පිරිදි තරග වැදීමේ අවස්ථාව විවෘත කර තිබූ බැවින් තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගත්තේය.ඒ නිසා ජාතික මට්ටමේ සිටින, ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකට මෙම තරගාවලියේ දක්ෂතා පෙන්වීමට හැකි වීම කැපී පෙණින.
ඕවල් ක්‍රීඩා සමාජ කණ්ඩායම
බී කාණ්ඩයෙන් පිරිමි අංශයේ සූරතාවය දිනා ගනු ලැබුවේ බෑන්ක් හිල් ක්‍රීඩා සමාජ 'ඒ' කණ්ඩායමය.අනු සූරතාවය පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමි විය.එම කාණ්ඩයේ කාන්තා සූරතාවය ද බෑන්ක් හිල් ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූයේ මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමට ය.සී කාණ්ඩයේ පිරිමි සූරයන් ලෙස ආදි තෝමියන් බැඩ්මින්ටන් ක්‍රීඩා සමාජය තේරී පත් වූ අතර අනු සූරයන් ලෙස තේරී පත් වූයේ පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායමය.සී කාණ්ඩයේ කාන්තා සූරියන් ලෙස අභිශේක ලද්දේ වික්ටෝරියන් ක්‍රීඩා සමාජ කණ්ඩායම වන අතර අනු සූරියන් වූයේ පැපිලියාන බැඩ්මින්ටන් සමාජය ය.
පිරිමි ඩී කාණ්ඩයෙන් සූරතාවය හිමි වූයේ කළුතර දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයට වන අතර අනු සූරතාවය ජොනියන්ස් බැඩ්මින්ටන් සමාජයට හිමි විය.
තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහක ආයතනය ලෙස එක් වූ සීමාසහිත එෆ්කේසී අයි ඒසියා පුද්ගලික සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක ඇන්ඩි ලී චාවෝ ද,සම අනුග්‍රහාකත්වයෙන් දායක වූ ඇස්ට්‍රොන් සමාගම වෙනුවෙන් එහි සන්නාම කළමණාකරු අසිත මීමැඩුම ද,ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ සුපිරිතරග සදහා සත්කාරකත්වය තීරණය කරන කමිටුවේ සභාපතිත්වය දරන සහ හිටපු බැඩ්මින්ටන් සංගම් සභාපතිවරයෙකු වන මහාචාර්‍ය රංජිත් ද සිල්වා ද,ඇතුළු පිරිසක් මෙහිදී ජය සංඛේත ප්‍රදානය සමග එක්විණි.
www.supirikrida.com

රාජකීය සහ රණබිම පෙරට

බේස්බොල් ජාතික ලීග් තරගාවලිය 2012" දෙසැම්බර් නව වන දින ආරම්භ වූ අතර පළමු දිනයේ ජයග්‍රාහී කණ්ඩායම් වන්නට මහනුවර රණබිම කණ්ඩායම සහ කොළඹ රාජකීය කණ්ඩායම සමත් විය.මහනුවර රණබිම කණ්ඩායම, ඩීඑස්නයිට් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 10 - 00 ට ලෙස නිමාවට පත් වූයේ රාජකීය කණ්ඩායමට ජය ලැබෙමින්ය.කොළඹ රාජකීය විද්‍යාලය ජය වාර්තා කළේ ලකුණු 11 - 01 ලෙස ය.එහිදී රාජකීය කණ්ඩායම වෙනුවෙන් ජාතික කණ්ඩායම වෙනුවෙන් ‍'හෝම් හිට්' පහර එල්ල කර ඇති ප්‍රවීන් රත්නායක සහ චාමර පීරිස් දෙදෙනාම හෝම් හිට් පහරවල් එල්ල කිරීම කැපී පෙණීන.
තරගාවලියේ තරග හතරක් එදින පැවත්වීමට නියමිතව තිබූ අතර නමුත් පැවත්වූයේ තරග දෙකක් පමණි.පෞද්ගලික හේතු මත රිච්මන්ඩ් විද්‍යාලය තරගාවලියෙන් ඉවත්වීමෙන් නොපැවත් වූ තරග අතරෙන් රිච්මන්ඩ්, යුධ හමුදා තරගයේ ජය යුධ හමුදාවට නිතරගයෙන්  හිමි විය යුතුය.මේ අතර මේරූන්ස් සහ ඒෂියා කණ්ඩායම් අතර තරගයද එදින නොපැවත්විණ.
www.supirikrida.com

Dec 9, 2012

සූරතාවය ටැන්සානියාවට ශ්‍රී ලංකාව හතරට බසී

සිංගප්පූරුවේ පැවති සය ජාතික දැල් පන්දු සූරතාවලියේ සූරතාවය දිනා ගැනීමට ටැන්සානියාව සමත් විය.තරගාවලියට සහභාගි වන විටත් සිංගප්පූරුවට  පමණක් පිටු පසින් සිටි ටැන්සානියාව, සිංගප්පූරුව ඉදිරියේ පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ තරගාවලිය ඉලක්ක කර සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ඉවත් කර යොවුන් ක්‍රීඩිකාවන්ට අත්දැනීම් සදහා අවස්ථාව දීමේ ප්‍රතිපලයක් ලෙස සිංගප්පූරුව සමග ද ටැන්සානියාව විශාල තරගයකින් තොරව ජය ගත්හ.
අවසන් තරගයට මැලේසියාව සමගින් පිවිසි ටැන්සානියාව තරගාවලියේ සිය අපරාජිත තරග වාර්තාවට කුසලාන ජයග්‍රහණය එක් කර ගත්තේ ලකුණු 45 - 38 ක ජයග්‍රහණයක් සමගින්ය.නමුත් මූලික තරග වලට වඩා අවසාන තරගයකට උචිත මානසික ශක්තියකින් සහ විශ්වාසයකින් සැදුම් ලත් මැලේසියානු ක්‍රීඩිකාවෝ අවසාන තරගයේදී ටැන්සානියාවට තියුණු තරගයක් ලබා දීම කැපී පෙණින.
මේ අතර ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මූලික වටයේ දී  තමන් විසින් පරාජයට පත් කළ නැමීබියාව සමග තරග වැදිණ.ඒ තරගාවලියේ තෙවන සහ සිව්වන ස්ථාන තීරණය කිරීම සදහා වූ තරගයටය.එහිදී යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිවන්තභාවය රදවා ගැනීමේ ගැටළුව යළිත් දකින්නට ලැබුණු අතර දරා ගැනීමෙන් සහ කායික ශක්තිය පවත්වා ගෙන යා නොහැකි දුර්වල කණ්ඩායමක් ලෙස යළිත් ශ්‍රී ලංකාව මේ තරගයේදී ද මැනවින් සනාත කළේය.ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකාවට නැමීබියාව වෙතින් ලකුණු ලකුණු 76 - 71 පරාජයක් හිමි විය.  

තිලකා ජිනදාස වෙනුවට හයසින්ත් විජේසිංහ කැදවා ඒමට පිඹුරුපත් සකස් කළ කණ්ඩායමේ ප්‍රබල භුමිකාවක් රග දැක් වූ යසා රාමචන්ද්‍ර ට ද හයසින්ත්ට මෙන්ම  තමා පුහුණුකාරියක ලෙස ජාතික පුහුණුකාර ධුරයට පිවිසෙන මොහොතේ තරගකාරි කණ්ඩායමක පුහුණුකාරියක නොවිම තදින් බලපෑවේය.ඊටත් වඩා මට මහළු වයසේ බැරිය වීනා සේ පෙර සේ කියා තැවෙද්දී ශක්‍ර දේවේන්ද්‍ර‍යන්ගේ උදව් උපදේශ ලැබෙතැයි සිතා එම පුහුණුකාර ධුරය ලැබීමට ඇය ඉදිරිපත් වේ යැයි සැක සිතෙන්නේ ඇයගේ සාමාන්‍ය හැසිරීම් රටාව තුළ වුව කායික අබල දුබලතා මැනවින් දැකිය හැකි බැවිනි.

නමුත් ඇය යෝජනා කරන්නට ඊට වඩා මානසික සහ අක්ෂි දුබලතා ඇති පිරිසකගෙන් යුතු පාලන කමිටුවක් සිටි බැවින්ද,ඒ අය විසින් කරන ලද තේරීමෙන් පිනා ගොස් යසාට ද මානසිකව චූන් වීමක් ඇති වූ හෙයින්ද පාලන කමිටුවේ ප්‍රධානි අබේසිංහයන්  පවසන ආකාරයට මේක මැච් කීපෙක ටුවර් එකක් වීම නිසා යසාට ඒ චූන් එකට අවස්ථාව සැළසිණ.නමුත් තේරී‍ම මැච් කීපයක් වුවත් මෙහි ප්‍රතිපලය වසර ගණනකට බලපාන ඇද වැටීමක් සහ බිද වැටීමක් බව ශ්‍රේණිගත කිරීම්වල අපට වඩා පහතින් සිටින මැලේසියාවට සහ නැමීබියාවට පරාජය වීමෙන් ඉදිරියේදී පැහැදිළි කර ගැනීමට ලැබෙනු ඇත.
නමුත් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටි සිංගප්පූරුව පරාජය කිරීම එම කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන් කිහිපයක් ඉවත් කර ක්‍රීඩා කිරීම හේතු වශයෙන් දක්වා බරපතල ලෙස හෑල්ලුවට ලක් නොකරන නමුත් එය ලියා තැබිය යුතු වන්නේ තරග සංචාරයෙන් පසුව මේ තේරීම්වලට වගකිව යුතු පිරිස ගේ නරිවාදම් නවතා දමා ක්‍රීඩාවේ වර්ධනය පිණිස දැන්වත් අලුත් වැඩ පිළිවෙලක් ඇරඹිමට ය.
නැවත තරගය දෙසට අවධානය යොමු කරන්නේ නම් නැමීබියාව අතර තරගයේදී පළමු කාර්තුවේ සහ දෙවන කාර්තුවේ ජයග්‍රහණ ලබමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු අර්ධය නිම වන විට ලකුණු 36 - 34 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.නමුත් තෙවන අර්ධයේදී නැමීබියාව ලකුණු 23 ක් ලබන විට ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වන්නේ ලකුණු 15 ක් පමණි.ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ කාර්තු හතරම එක මට්ටමෙන් ක්‍රියාත්මක වීමට නොහැකි බවට මෙය නිදර්ශනයක් ලෙස ගත හැකිය.නමුත් මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ තරග රටාව මේ ආකාරයෙන් හදුනාගත හැකි වුව ද,මෙම තරගයේ අවසාන කාර්තුවේ ලකුණු තත්ත්වය පෙන්වා එහි දී ශ්‍රී ලංකාව එක ලකුණක් ඉදිරියෙන් සිටින බව පෙන්නා සියල්ල කණපිට හැරවීමට ද මේ පරාජයේ වගකිවයුත්තන්ට පුළුවන.නමුත් එක් නියැදියක් සළකා සියල්ල අමතක කර දමන්නට තරම් ළදරු මානසිකත්වයක් ක්‍රීඩාවේ ප්‍රමුඛ බලධරයා වන අමාත්‍යවරයාට ඇතැයි අපි නොසිතන්නෙමු.
ශ්‍රී ලංකාව ජයගත් අවස්ථාවලදී හොද කායික ශක්තියක් පවත්වා ගනිමින් එම ජයග්‍රහණ ලැබූ බව ඉතිහාසය සාක්සි දරනවා ඇත.විශේෂයෙන්ම 2001 වසරේදී පුහුණුකාරියක ලෙස ඒ වන විට ප්‍රායෝගිකව ඉතා හොද මට්ටමක සිටි හයසින්ත් සිය කණ්ඩායම ඉතා මැනවින් මෙහෙය වූ අතර ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් ජයග්‍රහණය උදුරා ගත්තේ තරගයේ අවසාන කාර්තුවේ අවසාන විනාඩියේදී බව ඉතිහාසය දන්නෝ දනිති.
එහිදී මුළු තරගය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය කාය ශක්තිය සහ දරා ගැනීමේ ශක්තිය උපරිමයට ප්‍රදර්ශනය කළ අතර අනතුරුව තිලකා ජිනදාස ගේ සමය හැදින්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කායික යෝග්‍යතාවය ඉතා ඉහළින් පැවති අවධිය ලෙස ය.
මෙම කරුණු සැළකිල්ලට ගෙන කෙටි කාලිනව මෙම ක්‍රීඩිකාවනගේ කායික යෝග්‍යතාවය නිසි පරිදි රදවා ගැනීමට හැකි පරිදි හෝ උසස් කිරීමට හැකි පරිදි ජාතික තලයේ ජයග්‍රාහී කණ්ඩායම් පුහුණුකරන පුහුණුකාරියකට එම අවස්ථාව ලබා දිය යුතුව තිබිණ.එම පුහුණුකාරියට ඉහළින් පුහුණු අධ්‍යක්ෂවරියක ලෙස එම පුහුණුකාරි සිය අත්දැකීම් වලින් අධීක්ෂනය කර සැළසුම් සකස් කිරීම සදහා යසා රාමචන්ද්‍ර ට අවස්ථාව දුන්නා නම් මේ ප්‍රතිපලය වෙනස් වන්නට තිබිණ.නමුත් යසා හෝ යසා තෝරා දුන් අය ද තමන් කළ යුත්තේ කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝධයකින් තොර බව සනාත කරමින් තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් අතරේ ජගත් ශ්‍රේණිගත කිරිම් සළකද්දී  තෙවන තැන සිටි ශ්‍රී ලංකාව සිව්වන තැනට පත් වී සිටියි.ඒ තමන්ට පහළ ශ්‍රේණියක සිටි කණ්ඩායම් දෙකක් ඉදිරියේ පරාජය වෙමින්ය.
සැනසීමට තිබෙන්නේ තමන්ට වඩා ඉහළින් සිටි සිංගප්පූරුව පරාජය කිරීමය.ඔවුන් ජගත් කණිෂ්ඨ තරගාවලිය ඉලක්ක කර ගෙන ඉතා ලාබාල ක්‍රීඩිකාවන්ට අත්දැකීම් සදහා මෙම තරගාවලිය විවෘත කරමින් ක්‍රීඩා කිරීම හේතුවක් නිසා එම පරාජයන් ඉදිරි සංවර්ධනය පිණිස හිතා මතා ගත් තීරණයන් නිසා අත් විදි ප්‍රතිපල ලෙස සැළකීමට සිංගප්පූරුවට අවස්ථාව ඇත ඒත් ශ්‍රී ලංකාව තේරීම් කමිටුව පත් කළ නව නායකත්වයද ප්‍රතික්ෂේප කර පරණ නායකත්වයන් යටතේම ගොස් පරණ පරාජිත අත්දැකීම්ම සමග ආපසු එන්නේය.මේ පරාජයට දැල් පන්දු පාලන කමිටුවද සියයට 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වගකිව යුතුය.එහෙත් එවැනි වගකීම් පිලිබදව නොසළකා හැර පරාජය ගැන කරුණු හොයන්නට එම නිලධාරි ගොන්නම හෝ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායමක් මෙම පරාජයේ හේතු සොයන්නට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරනවා ඇත.හිටපු දැල් පන්දු පාලනය පතුරු ගසන අතරේ කණ්ඩායමේ විනාශයට බල පෑ පුහුණුකාර ධූරය තිලකාගෙන් ඉවත් කිරීමට පිඹුරුපත් සැකසූ එම පරිපාලනයේම සිටි යසා පුහුණුකාරිය වන්නා සේම,එම පාලනයේ බලපෑම් වලට යටත් නොවි කොන්ද කෙළින් තබා ‍ගෙන ක්‍රියා කළ තේරීම් කමිටුවේ කිහිප දෙනෙකු ඉවත් කර දෝශ දර්ශනයට ලක් කළ පරිපාලන ඒකකයේ චන්ද්‍රානි පතිරාජ තේරීම් කමිටුවේ සභාපතිනියද වන්නේය.
ඒ නිසා ඊ ළගට ජාතික සංචිතය පවත්වා ගෙන යාමට පුහුණුකාරියක් අවශ්‍යය නම් අබේසිංහයන් ප්‍රමුඛ කමිටුවේ අවධානයට ලක් විය හැකි නම් කිහිපයක්ම ඇති බව අප මෙහි ලියා තබන්නේ එම නම් ඇති පිරිසට අගෞරව කිරිමට නොවේය.සිටින පාලන කමිටුව පිලිබද අවබෝධයක් ඇති කර ගැනීමට ය.
ශාන්ති උනන්තැන්න,ඔලිවියා ගමගේ,යැස්මින් ධර්මරත්න වැනි චරිතයකට අබේසිංහ පාලන කමිටුන ඊ  ළග අවස්ථාවේ පුහුණුකාරිනිය වන්න ආරාධනා කළහොත් පුදුම විය යුතු නැත.

පුහුණු තරගයට ලකුණු වැස්සක්

Tillakaratne Dilshan brings up his centuryශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ තෙදින පුහුණු තරගය පිතිකරුවන්ගේ ලකුණු වැස්සකින් සමන්විත විය.කැන්බරා හී පිහිටි මැනුකා ඕවල් තණතීරුවේ කාසියේ වාසිය සමග පළමුව පන්දුවට පහර දීමට පිවිසි ඕස්ට්‍රේලියානු සභාපතිගේ කණ්ඩායම ලකුණු 439 ක් ලබා ගත්තේ කඩුලු හයක් පමණක් දැවෙද්දී ය.ඒ සදහා ස්කොට් හෙන්රි නොදැවී රැස් කළ ලකුණු 207 ක දායකත්වය සහ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 77 කින් ලැබූ ලකුණු 91 ද ඇතුළත් විය.ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මෙම තණතීරුව තුළ සාර්ථක වීමට අවකාශයක් නොලැබුණු අතර ධම්මික ප්‍රසාද් කඩුලු 2 ක් ලකුණු 128 ට දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ද ලකුණු පිරි තණතිල්ලෙන් උපරිම පල නෙලා ගනිමින් පළමු කඩුල්ල ට ලකුණු 105 ක් එක් කළ අතර ප්‍රවේගකාරී දිමුත් කරුණාරත්න නුහුරු සංයමයකින් යුතුව කල්පනාකාරී ලකුණු 40 ක් ලබා ගත්තේය.තිලකරත්න ඩිල්ෂාන් වේගවත් තණතීරු වල ලකුණු සදහා ඇති සිය හැකියාව යළිත් අවධි කළ ලකුණු 101 ලැබ ඉණිම අත්හිටුවීය.ප්‍රසන්න ජයවර්ධන ලකුණු 71,මහේල ජයවර්ධන ලකුණු 55 සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 57 ලෙස අර්ධ ශකත අතරට පිවිස දස්කම් දැක්වීය.
ලකුණු විස්තරයට ප්‍රවේශවිය හැකි සබදතාවය පහත දක්වමි.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/match/573010.html

www.supirikrida.com