Nov 19, 2012

වෙළද සේවා මලල ක්‍රීඩාවට අලුත් එළියක්

මෙවර වෙළද සේවා මලල ක්‍රීඩා උළෙල අලුත් හැඩයකින් සහ දීප්තියකින් යුතුව ගෙවුණු, ‍‍‍ඓතිහාසික ආරම්භයක් විය හැකි බවට ඉගි පළ කළ උළෙලක් විය.අලුත් සහ ජව සම්පන්න නිල මඩුල්ලක් මෙන්ම එහි උපදේශකයා ලෙස ප්‍රධාන අනුග්‍රාහාත්මක දිරිය ද උළෙලට එක් කළ සීමාසහිත සිලෝන් බිස්කට් හී (මංචි) නන්දන වික්‍රමගේ දැක් වූ දායකත්වයත් ඊට ප්‍රධාන වශයෙන්ම බල පෑවේය.අලුත් වූ නිල මඩුල්ල සිය ජවය සහ නිර්මාණශිලීත්වය උළෙලට සේන්දු කරන අතරේම සියළු ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් නිවැරදිය උකහා ගනිමින් එහි සහයෝගය ලබා ගැනිම සදහා දැක් වූ උනන්දුව සහ කැපවීම ද පුටුවලට පත් වූ පසු පැරන්නන් සහමුලින් අමතක කර දමා ගමන් කරන්නට හදන බොහෝ ක්‍රීඩා පරිපාලකයන්ට විශාල ආදර්ශයක් සැපයීය.

වෙළද සේවා මලල ක්‍රීඩා සංගමය අල්තෙන්ම එක් කළ මලල ක්‍රීඩා ශිෂ්‍යත්ව ප්‍රදානයේ උණුසුම් ආශිර්වාදය පළමුව විදීමේ භාග්‍යය මහනුවර මහාමායා බාලිකාවේ අක්ෂණා මාරලන්ද සහ ශ්‍රී ලංකාවේ සුපිරිතම පැරා කෙටි දුර ධාවිකාවක් වන කුමුදු සමත් විය.කුමුදු ප්‍රියංකා මෙන්ම අක්ෂනා ද ශ්‍රී ලංකාවේ නැගී එන කෙට් ධාවන සූරියන් අතර ප්‍රමුඛස්ථානය ගන්නීය.

එසේම නව වාර්තා 37 ක් උළෙලේ බිහි වූ අතර ඒ අතරට ජාතික මට්ටමේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද වාර්තා එක් කිරීම රටේ ක්‍රීඩාවේ අනාගතය පිළිබදව සුභවාදී ආකල්ප ඇති කරන්නකි.එහිදී ජනශක්ති ආයතනය පෙරමුණ ගත් අතර විශේෂයෙන් ඒ වෙනුවෙන් තරග බිමට පිවිසි ප්‍රියංගිකා  මධුමන්ති නම් වූ උස පැනීමේ ජාතික වාර්තාලාභිය මීටර් 1.80 ක උසක් තරණය කරමින් තැබූ නව උළෙල වාර්තාව තවත් උස පැනීමේ සූරියන්ට වෙළද සේවා ආයතනවල දොරටු විවර කරන සුළු තත්ත්වයකි.

විශේෂයෙන් මේ වන විට ත්‍රිවිධ හමුදාවන් හී එක් එක් ඉසව් සදහා ඉදිරිපත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළ ගස්වද්දී ඇතැම් දක්ෂයන්ට තරග වැදිමට ඉඩක් නොලැබෙන අතර මේ අතිරික්තය සදහා සිය හැකියාවන් සදහා වෙනම තරග අවස්තාවන් නිර්මාණය කිරීමට වෙළද ආයතන දොරටු විවර කරන සුළු තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සමාජ ආකර්ශනය දිනා ගැනීමට හැකි ආකාරයෙන් සංවිධානය කිරීමට වෙළද සේවා මලල ක්‍රීඩා පරිපාලනය දැරූ වියදම අගය කළ යුතුය.

මේ තත්ත්වය නිසා ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩාව පවත්වා ගෙන යා හැකි රැකියාවද,පෙරට පැමිණෙන තත්ත්වයක් ඇති වන්නේනම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධයාපනික පසුබිම උසස් කර ගැනීමටද පෙළඹවීමක් ඇති කළ හැකි අතර සිය දක්ෂතාවයට හොද දැනීමක්ද හොද රැකියාවක්ද යන පදනම ස්ථාපිත වීමෙන් ඉක්බිතිව ඇති වන තරගකාරී පසුබිම තුළ මලල ක්‍රීඩාවේ යම් ප්‍රගතියක් ඇති විය හැකිය.එසේම එය අනාගතයට දැනුවත් පිරිසක් ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩා පරිපාලනයටද එක් කර ගත හැකි පසුබිමක් නිර්මාණය කරන තත්ත්වයක් විය හැකි බව ද සිහිපත් කරමින් මෙම ක්‍රීඩා උළෙල අගය කිරීම වටින්නේය.

තරග සංවිධානය මෙන්ම ආකල්පමය වශයෙන් සංගමය තුළ ඇති කරමින් යන වෙනස පැහැදිළි කරන්නේ පරමාර්ථය තුළ ඇති යහපත් බව ය.නමුත් එය නිවැරදිව සමාජ ගත කිරීම සදහා යහපත් මාධ්‍ය සම්බන්ධිකරණයක් පවත්වා ගෙන යාම මෙන්ම සමාප්ත සමාචාරය වැනි අවස්ථාවක එයට වාත්තීය මට්ටමේ නිවේදකයෙකු යෙදවීමේ වැදගත් කම ද,ඉදිරියේදී නිවැරදි විය යුතු බව අපේ විශ්වාසය ය.සැබවින්ම ඉක්මණින් සමාජ ගතවීමේ සහ ජනතාව අතරට යා යුතු  උළෙලක් ලෙස මෙවර මලල ක්‍රිඩා උළෙලේ තිබූ පිළිවෙල සහ අලංකරණයේ ආදර්ශය මේ රටේ වෙළද ප්‍රජාව අතර මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇති කරන සුළු වෑයමක් බවට පත් වීමට අවශ්‍යය මාධ්‍ය සහයෝගය සහ උනන්දු කිරීම අතිශයින් වැදගත්ය.

තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වෙද්දී මාස් හෝල්ඩින්ග්ස් ආයතනය සැළකිය යුතු තර්ජනයක් වෙමින් ඒ පසුපස හඹා ආකාරය ද අපූරුය.එහි ප්‍රතිපලයක් ලෙස සමස්ත අනු සූරතාවය මෙන්ම කාන්තා සහ පිරිමි සූරතාවයන් ද ගුවන් සමාගමට හිමි වෙද්දී ඒ පසුපසම රැදී අනු සූරයන් සහ අනු සූරියන් වීමට මාස් සමූහයට හැකි විය.
www.supirikrida.com

රොග් ගේ රියෝ ගමන දොස්තරලා නවතයි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ජැක් රොග්ස් 2016 ඔලිම්පික් උළෙල පැවත්වෙන රියෝද ජැනෙයිරෝ නගරය පරික්ෂා කිරීම සදහා පිවිසීමට නියමිතව සිටියද,වෛද‍්‍ය උපදෙස් මත එම ගමන අවලංගු කර ඇත.උකුල් ඇටය ප්‍රදේශයේ ශල්‍යකර්මයකට භාජනය වී සිටින එවැනි දුරක් පියාසර කළ හැකි සෞඛ්‍ය තත්ත්වයක නොමැති බව වෛද්‍යවරුන් පෙන්වා දුන් පසු ඔහු එම ගමන අවලංගු කිරීමට තීරණය කර ඇත.
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අත්දැකීම් සමග රියෝද ජැනෙයිරෝ උළෙලේ සංවිධානය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් බෙදා හදා ගැනීම මෙන්ම අවශ්‍යය උපදේශයන් සැපයීමට ද මෙම සංචාරයේදී රොග්ස් ගේ අරමුණ වී තිබුණ ද,වෛද්‍ය නිර්දේශ මගින් පෙන්වා දී ඇත්තේ ශල්‍යකර්මයේ යහපත් ප්‍රතිපල සදහා එම ගමණ බාධාවක් වන බවය.
www.supirikrida.com

Nov 18, 2012

අඩු වයසින් බිහි කරන්න හැදූ දිමුත් අසාර්ථක වෙයි

Rangana Herath sees off Doug Bracewellවසීලන්තයට එරෙහිව බලාපොරොත්තු නොසිතූ මොහොතක ටෙස්ට් වරම් ලැබූ දිමුත් කරුණාරත්නට සිය ප්‍රථම ටෙස්ට් තරගයේදී පන්දු 3 ට පමණක් මුහුණ දෙන්නට සිදු වූ අතර කිසිදු ලකුණක් නොලබා ටිම් සවුතිගේ පන්දු ඉදිරියේ කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු නොලබා දැවී ගියේය.ටීඑම් ඩිල්ෂාන්ගේ අබාධිත තත්ත්වය නිසා පසුගිය කාලයේ 20 / 20 තරග සහ සීමිත පන්දුවාර තරග සදහා දක්ෂතා දැක් වූ අත්දැකීම් මද දිමුත්ට අවස්ථාවක් දීමට තේරීම් කමිටුව තීරණය කළේ කලෙක සිටන්ම දිගු ඉණිම් සදහා ඉවසිලිවන්තව පිවිසිය හැකි බව ඔප්පු කර තිබෙන උපුල් තරංග තමා සහභාගි වූ අවසාන එක්දින තරගයේදී ද, ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී අති විශිෂ්ඨ ඉණිමක නිරත වෙමින් අර්ධ ශතකයක් ද ලබා   සිය සුදුසුකම නැවත ඔප්පු කර සිටියදී ය.
ශ්‍රී ලංකා තේරීම් කමිටුව අතාර්තිකව ක්‍රීඩකයන් ඉවත් කිරීම මෙන්ම අවස්ථාවන් ලබා දීම තුළින් ද ක්‍රීඩක ජීවිත විනාශයට ඇද දමන අතර දිමුත්ට ලබා දුන් අවස්ථාවද ඊට වඩා යහපත් ක්‍රියාමාර්ග ගැනීමට තිබියදී ගත් අයහපත් තීරණයකි.මැනවින් පහර ‍දෙන ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ප්‍රකට දිමුත් ටෙස්ට් තරග සදහා සකසා ගත යුතු ක්‍රීඩකයෙකු වන නමුත් මේ මොහොතේ ඔහුට වඩා තරගයේ යෙදිය හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකාව තුළත් සංචිතයේත් සිටියදී දිමුත්ව කැදවීම කිසිදු තාර්කික පදනමකින් තොර ක්‍රියාවකි.
ක්‍රීඩාවේත් ක්‍රීඩකයන්ගේත් අවාසනාවට තේරීම් කමිටු සභාපතිවරයාට සිය තේරීම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යය නැති අතර ඔහු මෙන්ම ක්‍රීඩා කළාට වැඩි කාලයක් තේරිම් කමිටු සාමාජිකයෙකු ලෙස සිටීමේ භාග්‍ය්‍ය ලත් දොන් අනුරසිරි ද කටයුතු කරන්නනේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් තීරණ ගන්නා අය ලෙස නොවේය.තමන්ට ලැබුණු වගකීම කණා  මුට්ටිය බිදීමක් ලෙස භාවිතා කරන මොවුන්ට බොහෝ වෙලාවට නිවැරදි කළය හමු වන්නේම නැත.
තරගයේ කාසියේ වාසිය ලත් නවසීලන්තය සිතූ තරම් පහසුවෙන් සිය තීරණය තුළ රැදී නොසිටිය අතර ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත කඩුලු 3 ක් ලකුණු 40 ට දවා ගත්හ.අනතුරුව බ්‍රෙන්ඩන් මැකලම් සහ ඩැනියෙල් ෆ්ලින් ලකුණු 90 ක් සබදතාවයක් සිව්වන විකට්ටුව වෙනුවෙන් ගොඩ නගන්නේ,නවසීලන්තය අසීරුවෙන් යම් තරමකට මුදවා ගනිමින්ය.මැකලම් ලකුණු 68 ක් සහ ෆ්ලින් ලකුණු 53 ක් රැස් කළේය.පන්දු යැවීමෙන් යළිත් සාර්ඛම පන්දු යවන්නා බවට පත් වූ රංගන හේරත් ලකුණු 65 ට කඩුලු 5 ක් දවා ගත් අතර නුවන් කුලසේකර ලකුණු 31 ට කඩුලු 2 ක් සහ ශමින්ද එරංග ලකුණු 51 කඩුලු 3 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකාව ඊයේදිනය නිමාවන විට දිමුත් ගේ කඩුල්ල අහිමි කර ගනිමින් ලකුණු 9 ක් ලබා සිටි අතර ගොම්මන් පිතිකරු ලෙස පිවිසි සුරාජ් රන්දිව් සහ තරංග පරණවිතාන නොදැවී සිටිති.
පහත සම්බන්ධතාවය භාවිතා කර ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582192.html
 www.supirikrida.com

ටියුනීසියා රන් අස්වැන්න




 ලංකාවේ බොක්සිං ක්‍රීඩාව ජාත්‍යක්තර තලයේ ජයග්‍රහණ සදහා ප්‍රවේශයක් ඇති ක්‍රීඩාවක් ලෙස මතු වෙමින් තිබේ.කලෙක සිට දකින්නට ඇති එම ප්‍රවනතාවයේ තවත් ඉදිරි පියවරක් ලෙස ටියුනීසියා ජාත්‍යන්තර කාන්තා බොක්සිං සූරතාවලියේදී අනූෂා කොඩිතුවක්කු දිනූ රන් පදක්කම හැදින්විය හැකිය.එම රන් පදක්කම මෙන්ම තරගාවලියට සහභාගි වූ සෙසු







ක්‍රීඩිකාවන් දෙදෙනා මෙන්ම ලෝකඩ පදක්කම් දිනූ සිතාරා සදරේඛා සහ ශිරෝමාලා වීරරත්න ද මෙම තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර පිටියේ හිස් තැනක් බවට පත්වන අනූෂා ගේ ඉඩ ඉදිරියේදී පියවිය හැකි ශක්තීන් ලෙස වර්ධනය වනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය.
මේ සමග දැක්වෙන්නේ ටියුනීසියා තරගාවලියේ අවස්ථාවන් කිහිපයකි.
ශිරෝමාලා,හර්ෂ,අනූෂා,සිතාරා,මෙණ්ඩිස් 
ලෝකඩ පදක්කම්ලාභීන් (වමේ) සහ රිදී පදක්කම්ලාභිණියට මැදි වූ අනූෂා
අනූෂාගේ ජය තහවුරු කරන මොහොත
                                                                                      www.supirikrida.com


පන්ජාබ් සූරතාවයේදී විනිශ්චයෙන් කෙණහිලි

න්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් සූරතාවලියේ අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට විනිශ්චයේ කෙණහිලි වලට මුහුණ දීමට සිදු වූ බව සංචාරයේ කළමණාකරු ලෙස කටයුතු කළ දිනේෂ් පෙරේරා පෙන්වා දෙන අතර එය ඉදිරියේදී ජාත්‍යන්තරයට දැණුම් දෙන්නේද යන්න ඉදිරියේදී විධායක සභාවේදී තීරණය වනු ඇත.තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ බේස්බෝල් අනාගතයට පලදායක පන්දු පිරිනමන්නෙකු (පිචර්) ලෙස දමිත් නදීරගේ මතු වීම පිළිබදව ප්‍රශංසා මුඛයෙන් කතා කළ දිනේෂ් පෙන්වා දුන්නේ අවසාන තරගයේදී ද දමිත් පකිස්තානයට ප්‍රබල අභියෝගයක් වූ බවය.
වේගයට වඩා විවිධාංගීකරණයක් සහිතව පන්දුව යොමු කිරීමේදි දමිත් දක්වන දක්ෂතාවය පිළිබදව විශේෂයෙන් සදහන් කළ දිනේෂ් එම අභියෝගයට මුහුණ දීම සදහා පකිස්තාන කණ්ඩායමට ප්‍රමානාත්මක ශක්තිය සම්පාදනය කිරීමට විනිසුරු තීරණ තදින් බල පෑ බව ද කීවේය.ඡායාරූපයේ සිටින්නේ අනු සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ය.
www.supirikrida.com


චන්දන වාර්තා පොත දෙපළකින් අලුත් කරයි


චන්දන
යේ  (17) ඇරඹි වෙළද සේවා මලල ක්‍රීඩා උළෙලේ අවුරුදු 35 න් ඉහළ යගුලිය සහ කවපෙත්ත වීසි කිරීමේ තරග වලදී නව වාර්තා දෙකක් තැබීමට MAS සමුහය වෙනුවෙන් තරග වැදි චන්දන විජේසිංහ සමත් විය.කවපෙත්ත වීසි කිරීමේ තරගයේදී මීටර් 31.25 ක දක්ෂතාවයක් දැක් වූ චන්දන,යගුලිය වීසි කිරීමේ ඉසව්වේදී මීටර් 10.08 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.ගිරිඋල්ල වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන චන්දන පාසල් වියේදී ද වීසි කිරීම් ක්‍රීඩාවන් හි නිරත වූ අයෙකි.
වර්ථමානයේ දක්ෂතම කාන්තා වොලිබෝල් කණ්ඩායමක් ලෙස පිළිගැනෙන මාවතගම කැෂුවලයින් වොලිබෝල් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම වෙළද සේවා වොලිබෝල් සංගමයේ වර්ථමාන භාණ්ඩාගාරික වරයා ද වන්නේ චන්දන යි.
 මේ අතර වෙනදාට වඩා පැහැබර පෙණුමක් මෙවර වෙළද සේවා මලල ක්‍රිඩා උළෙලෙන් දකින්නට ලැබෙන අතර ජාතික මට්ටමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් රැසක් ජනශක්ති ආයතනය වෙනුවෙන් තරග බිමට පිවිස සිටියි.ශ්‍රී ලංකා උස පැනීමේ ජාතික වාර්තාලාභිණිය මෙන්ම දකුණු ආසියාතික උස පැනීමේ සූරියද වන  ප්‍රියංගිකා මධුමන්ති මෙන්ම ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනා චාමිකා ජයමිණි ද එහි විය.එසේම වර්ථමානයේ මීටර් 100 කඩුලු මතින් දිවීමේ සූරිය වන අමාලි හර්ෂණී විජේසිංහ සහ තවත් යොවුන් කෙට් දුර ධාවන සූරියක සහ ජනප්‍රියතම පාසල් මලල ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලද ඉෂාරා සංදීපනී දයානන්ද ද මෙම කණ්ඩායමට ඇතුළත් විය.එසේම දුර පැනීම සහ තුන් පිම්ම සූරියක වන හිරුණි දිසාලා වීරසේකර ද මෙසේ ජන ශක්ති ආයතනය වෙනුවෙන් තරග බිමට පිවිස සිටිති.
චාමිකා 

එසේම ශ්‍රී ලංකාව බිහි කළ අපූර්වතම මලල ක්‍රීඩිකාවක් වන ජයමිණි ඉලේපෙරුම ද මෙම තරගාවලියේ අවුරුදු 45 න් ඉහළ යගුලිය වීසි කිරීමේ තරගයට පිවිස දෙවන ස්ථානයට පත් විය.මීටර් 100,200,400 සහ 800 යන ඉසව් හතරෙන්ම ශ්‍රී ලංකාවේ අංක එක වන්නට තරම් පොහොසත් ඇති ක්‍රීඩිකාවක වූ ජයමිණි මෙම තරගාවලලියේදී සිය දෙපයේ ජව සම්පන්න කම අමතක කර විසී කිරිම් ඉසව් වලට පැමිණ සිටින්නීය.එසේම මෙවර පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ඉන්දුමතී කරුණාතිලක ද දුර පැනීමේ ඉසව්වට සහභාගි වී තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.
පහත දැක්වෙන්නේ වෙළද සේවා මලල ක්‍රීඩා සංගමයේ නිල තොරතොරු වලට අනුව ප්‍රථම දිනයේ පිහිට වූ වාර්තාවන්ය.
Records
1500m Men Over 35 Final
 I A R R Mangala Singer (Sri Lanka) PLC 4:55.5 * NMR
1500m Men Over 45 Final
J A A S Kumara Lake House 5:10.2 * NMR
Discuss Throw Men Over 35 Final
S W M U C Wijesinghe MAS Holdings 31.25 * NMR
Shot Put Women Over 30 Final
S Samarasinghe Hatton National Bank PLC 8.90 * NMR
High Jump Women Championship Final
R K A Madumanthi Janashakthi Insurance PLC 1.80 * NMR
 High Jump Women Over 35 Final
N Kuruppu Hatton National Bank PLC 1.30 * NMR
High Jump Women Over 40 Final
M.D.P.M. Sriyalatha MAS Holdings 1.05 * EMR
1500m Women Championship Final
R R Chamika Jayamini Janashakthi Insurance PLC 4:59.2 * NMR
1500m Women Over 30 Final
R.K.A.Sandeepa Sandamali MAS Holdings (Unichela) 5:57.6 * NMR
100m Women Over 30 Final
1 3029 14501 0 Ms
A S P De Silva SriLankan Airlines 14.6 * EMR
Event No 108 100m Women Over 45 Final
1 4718 21565 665400867V Ms
J.P.P.Ranjani MAS Holdings 15.9 * NMR
Event No 109 400m Men Over 45 Final
R A D G Ranathunge SriLankan Airlines 59.3 * NMR
Event No 109 400m Men Over 50 Final
S R Silva SriLankan Airlines 60.9 * NMR
Event No 110 400m Women Championship Final
NayomikaJayathilaka Janashakthi Insurance PLC 1:00.5 * NMR
Event No 114 Shot Put Men Over 35 Final
S W M U C Wijesinghe MAS Holdings 10.08 * NMR
Event No 115 Jevelin Throw Women Over 30 Final
S Samarasinghe Hatton National Bank PLC 26.93 * NMR
Event No 116 High Jump Men Over 40 Final
U L P T Perera Janashakthi Insurance PLC 1.55 EMR
Event No 116 High Jump Men Over 45 Final
M R R S Mawela SriLankan Airlines 1.60 * NMR
Event No 117 Long Jump Women Over 35 Final
W.A.Sueewa Dilrukshi MAS Holdings 4.21 * NMR
Event No 117 Long Jump Women Over 40 Final
Priyanka Sirisena SriLankan Airlines 3.81 * NMR
Event No 117 Long Jump Women Over 45 Final
H L M Padmini Ceylinco Insurance PLC 3.62 * NMR
Event No 118 400m Hurdles Men Over 40 Final
Roshan B Samarasinghe The Finance Company PLC 1:05.4 * NMR
Event No 118 400m Hurdles Men Over 45 Final
J A A S Kumara Lake House 1:12.1 * NMR
Mr Basil Silva HSBC 1:14.9 * BPR
Event No 120 100m Women Novices Final
Ms Sulari Fernando NDB Group 13.0 * NMR
Event No 121 100m Men Over 35 Final
T Ishan Lanthra Ceylinco Insurance PLC 11.7 * NMR
Event No 121 100m Men Over 40 Final
Roshan B Samarasinghe The Finance Company PLC 11.9 * NMR
Event No 123 400m Men Over 40 Final
P M S Bandara SriLankan Airlines 56.20 * EMR
Event No 124 5000m Men Over 35 Final
I A R R Mangala Singer (Sri Lanka) PLC 19:08.9 * NMR
Y M Ruwan Weerasekara SriLanka Telecom 19:26.3 *BPR
www.supirikrida.com

යාපනයේ සහ වව්නියාවේ මේස පන්දු සූරතා මොහාන්ට සහ ස්ටැන්ලි ට

ස්ටැන්ලි
මොහාන්


ශ්‍රි ලංකා‍ මේස පන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ අබාන්ස් කුසලානය සදහා පැවති ,හැන්ඩිකප් ඉන්ටර්නැෂනල් ආයතනය මෙහෙය වූ යාපනය සහ වව්නියා මේස පන්දු තරගාවලියන්හී දී අති දක්ෂ ක්‍රීඩකයන් ලෙස මොහාන් අගාෂන් සහ ඒ ස්ටැන්ලි ඇගයීමට පාත්‍ර විය.යාපනය දිස්ත්‍රික් සූරයා වූ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු වූ මොහාන් අගාෂන්




හැන්ඩිකප් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි (ක්‍රීඩා) සටිව් හාර්ක්නට් අතින් සිය කුසලාන සහ සහතික පත්ලබා ගන්නා අයරු සහ වව්නියාව දිස්ත්‍රික් තරගාවලියේ අති දක්ෂ ක්‍රීඩකයා වූ ඒ ස්ටැන්ලි යාපනය දිස්ත්‍රික්කයේ මේස පන්දු සම්මේලනයේ ලෙකම් ජේ මොහාන් අතින් කුසලාන සහ සහතික පත් ලබා ගන්නා අයුරුත්ඡායාරූප වලින් දැක්වේ.

www.supirikrida.com